මහ බැංකු සංශෝධන පනත් කෙටුම්පත මැයි මස 11 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා පාර්ලිමේන්තුවේදී විවාදයට ගැනීමට නියමිත බව පාර්ලිමේන්තුවේ සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසයි.
පාර්ලිමේන්තුව ලබන සතියේ මැයි 9 සිට 12 දක්වා රැස්වීමට නියමිතය.
එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනය සම්බන්ධයෙන් විපක්ෂය විසින් ඉදිරිපත් කරන ලද කල් තැබීමේ විවාදයක් මැයි 10 වැනිදා පෙරවරු 9.30 සිට පස්වරු 6.00 දක්වා පැවැත්වීමට නියමිතය.