ජාත්‍යාන්තර මූල්‍ය අරමුදලින් ණය ගන්නවා ද?. නැද්ද?. අවසන් තීන්දුව දවස් දෙකකින්!

අජන්ත කුමාර අගලකඩ –

රට තුළ ඇතිව තිබෙන උග්‍ර ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි එම් එෆ් )යන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් අනිද්දා (13) පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී තීරණයක් ගනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම සම්බන්ධයෙන් ආණ්ඩුව තුළ මත දෙකක් ඉදිරිපත් ව ඇති අතර ,ඩොලර් හිඟයට ක්ෂණික විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යා යුතු බව ආණ්ඩුවේ පිරිසකගේ අදහස වී ඇත. තවත් පිරිසකගේ අදහස වී ඇත්තේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යාම හරහා විවිධ කොන්දේසි වලට යටත් වීමට සිදු වන බව ය .

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර අවසන් තීරණයකට එළඹෙනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි .

රටේ ආර්ථිකය හා මූල්‍ය තත්වය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීම සඳහා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල   ද හෙට පැවැත්වෙන කැබිනට් රැස්වීමට කැඳවා ඇත .

RelatedPosts

රටේ විදේශ සංචිත ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 1500ක් පමණ දක්වා අඩු වී ඇති අතර, එයින් ද ඩොලර් වශයෙන් ඇත්තේ ඇමෙරිකානු ඩොලර් මිලියන 1100ක් පමණ බව මුදල් රාජ්‍ය ඇමති ෂෙහාන් සේමසිංහ   පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේය .

ලංකාවේ ආනයන වියදම සැලකිල්ලට ගත් විට මෙම ඩොලර් ප්‍රමාණය ප්‍රමාණවත් වන්නේ සති දෙකක පමණ කාලයකට බව ආර්ථික විශේෂඥයෝ පෙන්වා දෙති.

ලංකාදීප

 

Related Posts

ප්‍රතිචාරයක් ලබාදෙන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

ADVERTISEMENT

Advertisement

ADVERTISEMENT