බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජපනුන්ට වකුගඩු විකුණන ජාවාරමක් ගැන තොරතුරු එළියට !

by editor
අගෝස්තු 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජපානයේ ලාබ නොලබන  සංවිධානයක මෙහෙයවීමෙන්  ශ්‍රි ලංකාව  තුළ නීති විරෝධීව සිදු කිරීමට සැලසුම්කර ඇති වකුගඩු බද්ධ කිරීමක් පිළිබඳ වාර්තාවේ.

ඒ අනුව වරකට වකුගඩු බද්ධ කිරීම් සඳහා ජපාන ජාතිකයින් දෙදෙනෙකු බැගින් ජපාන ජාතිකයින් දස දෙනෙකු මෙරටට එවීමට ඔවුන් සැලසුම් කර ඇති බවද අනාවරණය වේ.

මෙම සැලසුම් කළ වකුගඩු බද්ධ කිරීම් මෙරට ඇතිව තිබූ ආර්ථික සහ දේශපාලනික අස්ථාවර  භාවය හේතුවෙන් කල් දැමීමට සිදුව ඇති බවද අදාල ආරංචි මාර්ග අනාවරණය කර ඇති බව ජපාන මධ්‍ය වර්තා කරයි.

ඉතාම සූක්ෂම ජාත්‍යන්තර මට්ටමින් පවත්වාගෙන ගිය මෙම වකුගඩු ජාවාරමේ සම්බන්ධීකරක වශයෙන් කටයුතු කර ඇත්තේ 58 හැවරිදි තුර්කි ජාතිකයෙකි. මෙම පුද්ගලයා 2017 වර්ෂයේදී මිනිස් අවයව ජාවාරම්වලට සම්බන්ධ වීමට සැකපිට 2017 වර්ෂයේදී යුක්‍රේන බලධාරීන්ගේ අත්අඩංගුවටද පත්වුවෙකි.

මේ අතර මෙම ජාවාරම්කරුවන් විසින් ඉකුත් වසරේ කිර්ගිස්ථානයේදී ජපාන රෝගියෙකු සඳහා වකුගඩු බද්ධ කිරීමක් සිදුකර ඇත. එහිදී එම වකුගඩුව ලබාදුන් පුද්ලයාදට ජපාන යෙන් මිලියන දෙකක මුදලක් ගෙවා ඇති බවටද අනාවරණය වේ.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

අනාවරණය වන ආකාරයට මෙම රාජ්‍ය නොවන සංවිධානයට සම්බන්ධ පුද්ගලයින් විසින් ප්‍රධාන වශයෙන් රෝගීන් චීනයට රැගෙන ගොස් මරණට පත් පුද්ගලයින්ගෙන් ලබාගත් වකුගඩු බද්ධ කිරීමද සිදුකර තිබුනද කොරොනා වසංගත හේතුවෙන් එම ප්‍රයත්න අසාර්ථක වී ඇත.

ඒ අනුව මෙම සංවිධානය විසින් අදාල තුර්කි ජාතිකයාගේ සහය ලබා ගැනීම සිදුකර තිබේ. මෙම ජවාරම්කරුගේ සහය ඇතිව ඉකුත් වසරේ අප්‍රේල් මාසයේදී ජපාන රෝගීන් දෙදෙනෙකු බල්ගේරියාවේ  රෝහලකදී වකුගඩු බද්ධ කිරීම් වලට ලක්ව ඇත.

මෙම සැත්කම සාර්ථක වුවත් බල්ගේරියානු බලධාරීන් විසින් එරට තුළ නීති විරෝධී වකුගඩු බද්ධ කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කිරීමත් සමඟ සැත්කම් නවත්වා දැමීමට සිදුව ඇත.

මේ අතර  පසුගිය වසරේ ජුනි මාසයේදී 58 හැවිරිදි කාන්තා රෝගියෙකුට සහ අනෙකුත් රෝගීන්ට උස්බෙකිස්තානය වෙත තුර්කිය හරහා  ගමන් කිරීමට  අදාල රාජ්‍ය නොවන සංවිධානය  විසින් සූදානම් කර තිබිණි.  එහිදී ජාවාරම්කරු විසින් උස්බෙගිස්ථානයේ   ජාතික රෝහලක බද්ධ කිරීම් සංවිධානය කිරීමට උත්සාහ කළ නමුත් එය අසාර්ථක වී ඇත.

පසුව නොවැම්බර් සහ දෙසැම්බර් මාසවලදී අදාල  කාන්තාව ඇතුළු රෝගීන් හතර දෙනෙකු අසල්වැසි කිර්ගිස්තානයට ඇතුළු වූ අතර එහිදී ඇයට වකුගඩු බද්ධ කිරීමක් සිදු කරන ලදී. එහිදී වකුගඩු  දායකයා වි ඇත්තේ යුක්රේන ජාතිකයෙකු බවට අනාවරණය වේ.

කෙසේ වෙතත් ශල්‍යකර්මයට භාජනය වූ කාන්තාව දැඩි ලෙස රෝගාතුර වූ අතර, වෙනත් මාර්ගයකින් රෝහලට පැමිණ බද්ධ කිරීමකට ලක් වූ ඊශ්‍රායල ජාතිකයෙකු එහිදී මිය ගියේය. ඒ අනුව අනෙක් ජපන් තිදෙනාට බද්ධ කිරීමක් සිදු කර කිරීමට නතර කිරීමට පියවරගෙන ඇත.

මෙම වසරේදී අදාල තුර්කි ජාතිකයා විසින් ශ්‍රී ලංකාවේ වකුගඩු බද්ධ කිරීම සඳහා යෝජනා කර ඇත. එහිදී අදාල රාජ්‍ය නොවන සංවිධානයේ අධ්‍යක්ෂකවරයෙකු පවසා ඇත්තේ තමන් ජුලි මාසයේදී රෝගීන් ගෙන්වීමට සූදානම් බවයි.

කෙසේ වෙතත් අදාල රාජ්‍ය නොවන සංවිධානය මෙම චෝදනා ප්‍රතික්ෂේප කරන අතර ඔවුන් පවසා ඇත්තේ සිය වකුගඩු බද්ධ කිරීම සිදුකර ඇත්තේ අනතුරු වලින් මරණයට පත්වූ පුද්ගලයිනගේ අවයව පමණක් බවයි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පාකිස්ථාන ත්‍රස්තවාදී කණ්ඩායමට සම්බාධක පනවන යෝජනාවට චීනය කර අරී!

Next Post

ඇමතිකම් ගන්න පක්ෂ අකමැතියි… පක්ෂවල මන්ත්‍රීවරු කැමතියි… සර්ව පාක්ෂික ආණ්ඩුව “අල“වන ලකුණු!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.