බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනාධිපතිගේ කාබනික විගඩමින් හැදෙන සාගතයෙන් ගොඩ යා හැකි මග සහල් නිශ්පාදකයෝ කියති!

බැන බැන ඉඳලා වැඩක් නෑ... වී වගාවෙන් ඇරුණු ඉඩම්වල මුං ඇට මඤ්ඤොක්කා වගා කරමු....

by editor
මැයි 29, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මනම්පිටිය  නිමල් ජයරත්න –

  • රටේ සහල් නිශ්පාදනය අවුරුද්දක් ඇතුළත සියයට පනහකින් අඩු වුනා… සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ 20ක් රටට නැති වුනා…  ඒ විනාශය පුරවා ගන්න ඩොලර් මිලියන 300ක හාල් ගෙනාවා…

  • ගිය යල මහ දෙකම විනාසයි… වැරැද්ද හදාගත්තා කිව්වට පොහොර නිසි කාලයෙදි ඇනවුම් කරලා නෑ… මේ යලත් විනාසයි…

  • “වැරදි තීරණයක්… සොරි “ කියලා වැඩක් නෑ. විනාශය වෙලා ඉවරයි.. සැප්තැම්බරයේදී අනිවාර්ය අහාර හිඟයක් එනවා… දැන් පාර්ලිමේන්තුවෙ කට්ටිය බෙදිලා මරාගන්නෙ නැතිව සර්ව පාක්ෂික වගා සංග්‍රාමයක් නොකළොත් රට හාමතේ…

  • වී වගා නොකර අත්හැරලා දාපු කුඹුරු ඉඩම් හෙක්ටරයාර ලක්ෂ 03ක් තියනවා… මේ ඉඩම්වල මුං මඤ්ඤොක්කා වගා කරලා ප්‍රශ්නයට උත්තර හොයමු….

 ජනාධිපතිවරයාගේ කාබනික විගඩමේ ප්‍රතිඵල ලැබෙමින් තිබෙන බවත්  මේ යලත්  පුරන් වූ පසු  ඔක්තෝම්බර් මාසය වන විට  අනිවාර්යෙන්ම සහල් හිඟයක් ඇතිවන බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමය සභාපති මුදිත පෙරේරා  සඳහන් කළේය.

එක රැයකින් ගත් කාබනික තීන්දුවේ ප්‍රතිඵලය රටට අහිමි වූ සහල් අස්වැන්නෙන් කිව හැකි බවත් පසුගිය වසරේ පමණක් රටට  අහිමි වූ අස්වැන්නේ ප්‍රමාණය සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ විස්සක්  බවත් ඔහු කීවේය.

මින් ඇතිවුන සහල් හිඟය මගහරවා ගැනීම සඳහා ඩොලර් මිලියන 300ක් පමණ වැය කර සහල් ආනයනය කරන්නට සිදුවූ ආකාරයත් ඔහු පෙන්වා දුන්නේය.

පොලොන්නරුව සේවාගම ප්‍රදේශ්යේදී  අද (29 )  සවස පැවැති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින්      වැඩිදුරටත් කතා කළ  මුදිත් පෙරේරා  මෙසේ  ද කීවේය.

“ ජනාධිපතිවරයාගේ  රසායනික  පොහොර තහනම නිසා පසුගිය යල කන්නයේ සියයට පනහකින් වී අස්වනු අඩු වුණා.  ඒ වගේම ජනාධිපතිවරයා වසරකට පසු ඒ තීරණය පිළිබඳ කනගාටුව පළකළා.  නිහතමානීව ඒ වරද පිළිගැනීම අපි අගය කරනවා. හැබැයි එක රැයකින් ගත්ත තීරණයක් නිසා මේ වෙච්ච විනාශය එක රැයකින් ප්‍රතිපූර්ණය කරන්න බෑ.“

RelatedPosts

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

  • යලත් ඇරෙනවා…

“ දැන් ප්‍රශ්නය උඩු දුවලා  හමාරයි.  2022 මහ කන්නයේ අස්වැන්න  සියට පනහක් අඩුවෙලා. ජනාධිපතිතුමා ප්‍රමුඛ රජයේ ඒ වරද නිවැරදි කරන්න යද්දී දැන් යල කන්නෙත් වගා කරන කාලය පහුවෙලා. “

“වෙනදා මේ වෙද්දි ලංකාව පුරාම යල කන්නය වගා කරලා. හැබැයි අද වෙද්දිවත් ලංකාවේ බොහෝ ප්‍රදේශවල පළමුව  හීයවත් හාලා නැහැ. පොළොන්නරුවේත් ඒ තත්වය . පොහොර  සහ ඩීසල් අර්බුදය එක්ක ගොවියෝ තාමත් ඉන්නේ පෝලිම් වල. ඒ නිසා මේ  කන්නෙත් බලාපොරොත්තු වෙච්ච තරමට ප්‍රතිඵල ගන්න වෙන්නේ නැහැ. “

“ඒ කියන්නේ ගිය කන්නේ වගේම මේ කන්නෙත් 50% ක් තමා අස්වැන්න  ගොවියට ගන්න සිදු වෙලා තියෙන්නේ.  මේ කන්න දෙකේ අවම වශයෙන් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හතළිහක් නිෂ්පාදනය විය යුතුයි.  යල මහ දෙකන්ම  අස්වැන්න සියයට පනහකින් අඩු වෙනවා කියලා කියන්නේ අපිට වසරකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ විස්සක් අහිමි වෙලා තිබෙනවා. කාබනික නාඩගමින්  යල මහ දෙකන්ම  අස්වැන්න සියයට පනහකින් අඩු වෙනවා කියලා කියන්නේ අපිට වසරකට සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ විස්සක් අහිමි වෙලා තිබෙනවා. “

  • සහල්  ආනයන වියදම

මේ තත්ත්වය මත රජයේ සහ පුද්ගලික ආයතන  පිටරටවලින්  සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ පහක් ආනයනය කරලා තිබෙනවා. ඉදිරියේදී ඇතිවන සහල්  හිඟය පියවා ගැනීමට නම් තවත් සහල් මෙට්‍රික් ටොන් ලක්ෂ හයක් ආනයනය කරන්න සිද්ධ වෙනවා. ඒ සඳහා අවශම වශයෙන් රජයට ඩොලර් මිලියන 300 ක් අවශ්‍ය වෙනවා“

“ 2023 මහ කන්නය  සාර්ථක කරගන්න අවශ්‍ය පොහොර සහ රසායනික ද්‍රව්‍ය වලට ඩොලර් මිලියන 250ක්  ඕන වෙනවා. ඒ කියන්නේ 2023 මහකන්නය පොහොර  සහ රසායනික සහ වෙනත් යෙදවුම්වලටත්, ඉන්ධනවලටත්, අනිවාර්යෙන්ම තව මාස හයක් ඇතුළත ඩොලර් මිලියන 600ක්   රජයේ සොයාගත යුතු වෙනවා.“

“ණයට ආහාර ද්‍රව්‍ය ගේන්න පුලුවන්…  ආධාර අපිට  ලැබෙන්නෙ පිනට නෙමෙයි ණය ආධාර විදිහට. ඒවා  කිනම් මොහොතක හෝ අපිට ගෙවන්න වෙනවා. ලංකාවට අපිට සම්පත් තියෙනවා අවශ්‍ය භූමිය තියෙනවා ජලය තියෙනවා .

  • මුං ඇට වගා කරමු.

දැනට ලංකාවේ හෙක්ටයාර ලක්ෂ තුනක් විතර අතහැරලා තියෙනවා වී වගා නොකර.  මේ ප්‍රමාණය භාවිතා කරලා අපිට යන්න පුළුවන් දේශීයව මුන් ඇට වගා කරන්න. මාස තුනක් ඇතුළත ප්‍රතිඵල ලබාගන්න පුළුවන්. නැත්නම් මඤ්ඤොක්කා වගා කරන්න පුළුවන්, ඒවට පොහොර අවශ්‍ය නෑ.

ආණ්ඩුව මේ මොහොතේ තීරණය කරන්න ඕනේ අපි රටවලින් ණයට අරන්  කන්න දෙනවද නැත්නම් මේ භූමිය භාවිතා කරලා ණය නොවී ජනතාවට කන්න දීලා මේ විනාශයෙන් වැලකී ඉන්නවද කියලා. අපි යෝජනා කරනවා සහල් වෙනුවට ආදේශික ලෙස මඤ්ඤොක්කා, සහ මුං වගා කරන්න කියලා.

ඒ වගේම අපි යෝජනා කරනවා දැනට ගොවීන් පෝලිමේ තියන් නැතුව  ගොවියාගේ  වී වගාවට වගේම අනිකුත් වගාවන්ට අවශ්‍යයි ඉන්ධන හිඟයකින් තොරව ලබා දෙන්න කියලා.

  • සර්ව පාක්ෂික වගා සංග්‍රාමයක් කරන්න

අපි ආණ්ඩුවට  මතක් කරනවා දැවැන්ත වගා සංග්‍රාමයට යන්න කියලා. ගෝඨාභය රාජපක්ෂ මහතා  හෙට හෝ අනිද්දා ආසනයෙන් බැහැල ගියා කියලා  මේ ප්‍රශ්නය ඉවර වෙන්නේ නෑ. වෙනත් ජනාධිපතිවරයෙක් ආවා කියලා  මේ ප්‍රශ්න ඉවර වෙන්නේ නැහැ.  අපි  පාර්ලිමේන්තුවෙ  225 න්ම  ඉල්ලා  සිටිනවා ඔක්කොම එකතුවෙලා වගා සංග්‍රාමයටකට එකතු වෙන්න කියලා. ඒකට සර්ව පාක්ෂික කමිටුවක් පත් කරන්න කියලා අපි ඉල්ලීමක් කරනවා, .

සර්වපාක්ෂික වගා  කමිටුවක් පත් කරලා සර්වපාක්ෂික වගා  සංග්‍රාමයක් ආරම්භ කරන්න කියලා  අපි ජනාධිපතිවරයාටත් රජයටත් යෝජනා කරනවා. එහෙම වුනොත්  අපිට පුළුවන් වෙයි ඉදිරියේදී සහල් ආනයනය වෙනුවෙන් යොදන ඩොලර් මිලියන තුන්සිය  ඉතිරි කරලා 2023 වර්ෂයේ මහ කන්නයේ වී වගා සඳහා යොදවන්න.

Tags: නවතම
Share69Tweet43
Previous Post

පැහැරගත් දැරිය සම්බන්ධයෙන් නීතිය නිසි ලෙස ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලමින් විරෝධතාවයක්

Next Post

අපි ඉන්නෙ ගිනි කන්දක් උඩ… පන්සල් පල්ලිවලත් පූජා නවත්වලා වගා කරන්න වෙන කාලයක්!

Related Posts

පුවත්

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026
පුවත්

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026
පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!

ජූනි 4, 2026

අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…

ජූනි 4, 2026

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නාවලපිටියේදී ත්‍රිරෝද රථයක් මතට ගසක් කඩා වැටී පාසල් සිසුවෙකු ඇතුළු තිදෙනෙක් ජීවිතක්ෂයට!
  • අසරණ වැඩිහිටියන් 11 පිලිස්සී මිය ගිය හොරණ වැඩිහිටි නිවාසයේ ගින්න…
  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.