ශ්‍රියානි විජේසිංහ –
ජනාධිපතිවරණයේදී නිහඬව සිටි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන දේශපාලන කැලඹිමක් ඇතිවන දෙයක් ප්‍රකාශ කිරීමට ලබන මාසයේ මුල සතියේ සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
තමාගේ දේශපාලන කාලය තුළ සිදු වූ සත්‍ය සිදුවිම් දාමයක් ප්‍රකාශ කිරීමක් විය හැකි බව දේශපාලන විචාරකයින්ගේ අදහස වී ඇතැයිද වාර්තාවේ.
මේ අතර ශ්‍රීලනිප සංවිධායකවරුන් පක්ෂ ක්‍රියාකාරීන් පිටපිට දුරකතන ඇමතුම් ගෙන ප්‍රකාශ කර ඇත්තේ “සර් දැන්වත් පක්ෂය එකතු කරල. මහ මැතිවරණයට තරග කරමු.“ යන්න යැයිද වාර්තාවේ.
පක්ෂයේ ක්‍රියාකාරීන් වැඩිදුරටත් පවසා ඇත්තේ කණ්ඩායම් කිහිපයක් වමේ පක්ෂත් එකතු කරන් සර් එක්ක ගමනක් යන්න කැමති ” යැයිද ඔවුන් වැඩිදුරටත් පවසා ඇතැයි වාර්තාවේ.
ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පක්ෂ නායකයින් කිහිප දෙනෙකුත්, පක්ෂ නියෝජිතයින් කිහිප දෙනෙකුත් පසුගිය දින දෙකේදී සාකච්ඡාවක් කර තිබේ.
මේ වන විටත් මෛත්‍රීපාල හිටපු ජනාධිපතිවරයාගේ අදහස වී ඇත්තේ සියලු දෙනා එක්ව පොදු සන්ධානයකින් මහ මැතිවරණයට තරඟ කළ යුතු බවය.







