ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ ජයග්‍රහණය වෙනුවෙන් පූර්ණ සහාය පළ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාව අද (31) පස්වරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ෙ හමුවී නිල වශයෙන් දැනුම් දුන්නේය.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගනු ලැබූ මෙම තීරණය අගය කළ ජනාධිපතිවරයා ඒ පිළිබඳව සිය ස්තූතිය පිරිනමින් ප්‍රකාශ කළේ රට ඉදිරියට ගෙන යා හැක්කේ මෙවන් එකතුවක් තුළින් පමණක් බවය.

අනෙකුත් කණ්ඩායම් සාම්ප්‍රදායික දේශපාලනයේ නිරත වෙද්දි තම අරමුණ සියලුදෙනා එක් කර ගනිමින් රට ඉදිරියට ගෙන යාම බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඩී.එස්. සේනානායක සහ බණ්ඩාරනායක එක්ව 1946 වසරේදී එක්සත් ජාතික පක්ෂය බිහි කිරීමෙන් පසු මෙවන් එකතුවක් නිර්මාණය වූයේ පළමු වතාවට බව ද සඳහන් කළේය.
රට ඉදිරියට ගෙන යාමේ දී විවිධ දේශපාලන පක්ෂවල අදහස් සැලකිල්ලට ගැනීම තම අරමුණ බවද පැවසූ ජනාධිපතිවරයා ඇතිකරගනු ලබන මෙම එකඟතාවන් තුළින් ඉදිරියේ දී රට ගොඩනැඟීමේ ජාතික රාමුව සකස් කරන බවද කියා සිටියේය.







