අඛණ්ඩව තුන්වන වරටත් ඉන්දියාවේ අග්‍රාමාත්‍ය ධුරයට පත් වූ නරේන්ද්‍ර මෝදි මහතාගේ දිවුරුම් දීමේ උත්සවයට සහභාගී වීම සඳහා කටුනායක බණ්ඩාර නායක ජාත්‍යාන්තර ගුවන්තොටුපලේ සිට ඉන්දිරා ගාන්ධි ගුවන්තොටුපලින් ඉන්දියාවට ගොඩබට ජනාධිපති රනිල් වික්‍රමසිංහට ඉන්දීය සංස්කෘතිකාංග සහිත නැටුමකින් සමන්විතව උණුසුම් පිළිගැනීමක් ලැබුණ බව ජනාධිපති මාධ්‍ය අංශය කියයි.

ඉන්දීය විදේශ අමාත්‍යාංශය වෙනුවෙන් එහි අතිරේක ලේකම් පී.කුමරන්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා, ඉන්දීය සාගර කලාප අතිරේක ලේකම් පූනීත් අග්‍රවාල්, ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ෂෙනුකා සෙනෙවිරත්න විසින් ගුවන්තොටුපොළේදී ජනාධිපතිවරයාව පිළිගත් බව එම නිවේදනයේ සඳහන් වේ.
ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ දිවුරුම් දීම ඉන්දීය ජනාධිපති ද්‍රෞපදී මුර්මු ඉදිරියේ නවදිල්ලි රාෂ්ට්‍රපති භවන්හිදී අද (09) පස්වරුවේ පැවැත්වේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පැමිණීම පිළිබඳ ඉන්දීය මාධ්‍ය මගින් සුවිශේෂී ප්‍රචාරයක් ලබා දී තිබූ බවත් නවදිල්ලි අගනුවර ප්‍රධාන වට රවුම් ආශ්‍රිතව ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ සහ මෝදි අගමැතිවරයාගේ ද රුව සහිත පුවරු ප්‍රදර්ශනය කර තිබෙනු දැකගත හැකි වූ බවත් මාධ්‍ය අංශය වැඩිදුරටත් කියයි.
දින 44ක් අදියර හතක් යටතේ පැවැති ලොව විශාලතම ප්රජාතන්ත්රවාදී මැතිවරණය ලෙස සැලකෙන ඉන්දිය මහ මැතිවරණය ජය ගැනීමට අගමැති නරේන්ද්‍ර මෝදිගේ පක්ෂ සන්ධානය සමත් වූ අතර එම ජය තහවුරු කර ගැනීමෙන් පසුව නරේන්ද්‍ර මෝදි ජාතික ප්රජාතන්ත්රවාදී සන්ධානයේ නායකයා ලෙස නිල වශයෙන් පත් කෙරිණි.
මෙම ඉන්දීය සංචාරයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමඟ ජනාධිපති ලේකම් සමන් ඒකනායක, විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අරුණි විජේවර්ධන, රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා ද සහභාගී වී සිටිති.







