ජර්මානු ෆෙඩරල් ජනරජයේ නිල සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක අද (13) පෙරවරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී ජර්මනියේ සංචාරක හා චාරිකා කර්මාන්ත සංගම්වල (Tourism and Travel Industry Associations) නියෝජිතයන්ගේ හමුවකට සහභාගී වීමට නියමිතය.
අනතුරුව, ජනාධිපතිවරයා ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩල සංගම් මුලස්ථානයේ (DIHK) පැවැත්වෙන ජර්මනියේ වාණිජ හා කර්මාන්ත මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන ව්‍යාපාරික සංසදයට සහභාගී වනු ඇත.
ජනාධිපති අනුර කුමාර දිසානායක සහ ජර්මානු ආර්ථික සහයෝගීතා සහ සංවර්ධන අමාත්‍ය රීම් අලබලි-රඩොවන් (Reem Alabali-Radovan) අතර හමුව අද (13) පස්වරුවේ බර්ලිනයේ වැල්ඩොෆ් ඇස්ටෝරියා හෝටලයේදී පැවැත්වේ.
මේ අතර අද පස්වරුවේදී, ජනාධිපතිවරයා ජර්මනියේ වාසය කරන ශ්‍රී ලාංකික ප්‍රජාව හමුවීමට ද නියමිතය.
ජනාධිපතිවරයා සමඟ මෙම නිල සංචාරයට එක් වී සිටින විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත්, සහ රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු පිරිසද මෙම අවස්ථා සඳහා සහභාගී වනු ඇත.







