බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති සුසිල් ඉවත් කළ හේතුව ඇමති ජොනී කියයි

by Lanka Sara Editor
ජනවාරි 4, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා විසින් සුසිල් ප්‍රේමජයන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉවත් කිරීමට හේතු වූ කරුණු පිළිබඳ මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා මේ අදහස් පළ කළේය.

“අතිගරු ජනපතිතුමා සුසිල් ප්‍රේමජයන්ත ඇමතිතුමාව අස් කරලා තිබෙනවා. එතුමා රජයේ සහ රජයේ වැඩපිළිවෙළ වගේ ප්‍රතිපත්ති නොයෙකුත් අවස්ථාවන්හි විවේචනය කරලා තිබෙනවා. මෙ නිසා අතිගරු ජනාධිපතිතුමා විසින් ඔහුව අමාත්‍ය ධුරයෙන් ඉවත් කර තිබෙනවා . රජය නියෝජනය කරන අමාත්‍යවරයෙක් ලෙස වගකීමක් තිබෙනවා රජයේ ප්‍රතිපත්ති ආරක්ෂා කරන්න. එම ප්‍රතිපත්ති වල වැරැද්දක් තිබෙනවා නම් ඒවා ගැන කතා කරන්න ස්ථාන තිබෙනවා. කැබිනට් එකේ දි ඒ සම්බන්ධව කතා කරන්න පුළුවන්. ඒ වගේම රාජ්‍ය ඇමතිවරුන් ජනාධිපති තුමාව මුණගැහෙනවා . අවස්ථාවලදීත් ඒ අයට ඒවා ගැන කතා කරන්න පුළුවන්.

තමන් යම් කණ්ඩායමකට ක්‍රීඩා කරනවා නම් ඒවා එම කණ්ඩායම ඇතුලේ කතා කරන්න ඕන. ඒවා එළියෙ කතා කරන එක නොවෙයි විය යුත්තේ. ජේෂ්ඨ අමාත්‍යවරුන් හැටියට ඒ අය අනිත් අයට ආදර්ශයක් විය යුතුයි. කොන්ද කෙලින් තිබෙන්න ඕනේ ඇතුල කතා කරන්න. අතිගරු ජනාධිපතිතුමා මේ ගත්තේ හරි තීන්දුවක්. මේක මීට කලින් ගන්න තිබුණු තීන්දුවක්. කැබිනට් සාමුහික වගකීම ගැන අවබෝධයක් නැතිනම් ඇමති ධූරයක් දරන්න සුදුසු නැහැ. එලිය කරන දේශපාලනය කැබිනට් එක ඇතුල් කරන්න බැහැ. කැබිනට් එක ඇතුලේ ඕනෑම දෙයක් කතා කරලා විසඳාගැනීමට පූර්ණ නිදහසක් ජනාධිපතිතුමා දී තිබෙනවා.ඒ වගේමයි කණඩායම් රැස්වීම්වල කතා කරන්න පුළුවන් රාජ්‍ය අමාත්‍යවරු ජනාධිපති මුණගැහෙන අවස්ථාවලදී කතා කරන්න පුළුවන්. හැබැයි ඒක එළියෙ ගිහින් විවේචනය කරනවා නම් ඒක වැරදියි. ජනාධිපතිතුමා කෙරෙහි විශ්වාස තබලා මේ රටේ බහුතර ජනතාව ලබාදුන්න ජනවරම අපි ආරක්ෂා කළ යුතුයි. අපේ ඇමතිවරුන් අතර විනයක් නැත්තං රටේ ජනතාවගේ විනය අපිට හදන්න බැහැ. කැබිනට් රැස්වීම තුළ කතා කරන දේවල් එළියේ කතා කරන්නේ නැහැ. අපි කවුරුත් බය කරන්න නොවෙයි මේ දේවල් කරන්නේ . දේශපාලනය කල යුතු ආකාරය ගැන අපි දැන ගත යුතුයි. දේශපාලන කරද්දි පිළිපැදිය යුතු දේවල් ගැන අපි දැනුවත් විය යුතුයි. විපක්ෂයේ කාර්යභාරය තමයි ආණ්ඩුව විවේචනය කරන එක. ආණ්ඩුව ඇතුලේ ඉඳගෙන විපක්ෂයේ කාර්යභාරය කරන්න ඕනේ නැහැ. මේ සිද්ධිය හුවාදක්වමින් විපක්ෂය දැන් මෝඩ වින්දනයක් ලබනවා.

රජයේ සේවකයන්ට රු. 5000 ලබා දීම ඉතාමත් සැලසුම් සහගතව කළ දෙයක්. මේවා ගැන කලින් අණබෙර ගහන්නේ නැහැ . නියමිත වේලාවට ඒ දේවල් කරනවා. විපක්ෂය එය සෑම විටම මේ රටේ ජනතාව නොමග යවන්න උත්සාහ කරනවා . පක්ෂය මේ වෙද්දි කරපු කියපු කියපුවා සියල්ල බොරු වෙලා තිබෙනවා . ඔවුන් දන්නේ පුස් වෙඩි තියන්න විතරයි. රාජ්‍ය සේවකයන්ට වගේම රටේ සමෘද්ධිලාභීන්ටත් සහන ලබා දුන්නා . ගෙවතු වගාවට මුදල් වෙන් කළා . වතුකරයේ ජනතාව වෙනුවෙන් සහන ලබා දුන්නා. සෑම අංශයක්ම ආරක්ෂා වන ආකාරයට තමයි අපි මේ තීන්දු තීරණ ගත්තේ. මේවා මැතිවරණ ඉලක්ක කරගෙන කරන දේවල් නොවෙයි . මේවා රටේ ජනතාවට අවශ්‍ය මොහොතේ දී ලබාදෙන සහන. විපක්ෂය අපෙන් ඇහැව්ව මොනවාද ජනතාවට ලබාදුන් සහන කියලා . අපි කියනවා මේවා තමයි ජනතාවට ලබා දුන් සහන . ජනවාරි 15 රටේ ආර්ථිකය වැටෙනවා කිව්වා . නමුත් ජනවාරි 15 අපි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස වන මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස විවෘත කරනවා . බැසිල් ඇමතිතුමා ආපුහාම රට විනාශ වෙනවා කිව්වා. එයා ආර්ථිකය වැටෙනවා කිව්වා.මේ සහන ලබා දීමෙන් රටේ ආර්ථිකය වැටිල නෑ කියන එක ඔප්පු වෙනවා”

RelatedPosts

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA අගමැති හමුවෙයි

Next Post

ජනවාරි 06ට පෙර ඩොලර් මිලියන 6.7 ගෙවනු! – චීන පොහොර සමාගමෙන් “රතු අකුරු“කොන්දේසියක්

Related Posts

පුවත්

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026
පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

ජූනි 24, 2026

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…
  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.