කීර්ති ප්‍රනාන්දු –
ජනාධිපතිවරයා ඩොයිෂිවෙල් රූපවාහිනී නිලිකාවේ මාර්ටින් ගැක් සමග කළ සම්මුඛ සාකච්ඡාවේ දී තමන්ගේ ගනුදෙනු සිදුවන්නේ කාතෝලික රදගුරු සමුළුව සමග මිස කාදිනල්වරයා සමග නොවන බවට කළ ප්‍රකාශයට කතෝලික රදගුරු සමුළුව විසින් ජනාධිපතිවරයාට ලිපියක් යොමු කරමින් සිය ලිඛිත විරෝධය පල කර තිබේ.
කාදිනල් තුමා කොළඹ අගරදගුරු හිමිපාණන් ලෙස හුදකලා අයෙක් නොවන බවත්, ශ්‍රී ලංකා කතෝලික රදගුරු සමුළුව හා පූර්ණ කාලීන ලෙස බැඳුන වඩාත් වැදගත් සාමාජිකයෙක් බවත් ඒ හේතුවෙන් ජනාධිපතිවරයා කාදිනල් හිමිපාණන් පිළිබඳව ඒකීයව කරනු ලබන ඕනෑම සඳහනක් කතෝලික රදගුරු සමුළුවේ සාමුහිකයට කරන හානියක් කතෝලික රදගුරු සමුළුව විසින් ජනාධිපතිවරයා වෙත යැවූ එම ලිපියේ අවධාරණය කර තිබේ.
එහෙමන් ජනාධිපතිවරයා විසින් ප්‍රකාශිත එෆ.බී.අයි, බ්‍රිතාන්‍ය පොලිසිය, ඔස්ට්‍රේලියානු, ඉන්දියානු, චීන සහ පකිස්ථාන රහස් පරීක්ෂක කණ්ඩායම් සිදුකර ඇතැයි කියන පරීක්ෂණවල වාර්තා පිළිබඳ තමන් මෙන්ම ජනතාවත් දැනගන්නේ මේ රූපවාහිනී සාකච්ඡාවේ දී බැවින් ඉහත වාර්තාවන්හි පිටපත් කතෝලික රදගුරු සමුළුව හා බෙදා ගැනීමට කටයුතු කරන්නේ නම් එය අගය කොට සලකන බව ද එම සමුළුව ජනපිතට ලිඛිතව දන්වා තිබේ.
පහත දැක්වෙන්නේ එම නිවේදනයයි .








