හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් අඩාල වූ ජන ජීවිතය යථා තත්ත්වයට පත්කිරීමට සහ විනාශ වූ යටිතල පහසුකම් නැවත ගොඩනැඟීම වෙනුවෙන් ඉදිරිපත් කළ රුපියල් බිලියන 500ක පරිපූරක ඇස්තමේන්තුව සම්මත කරගැනීම සඳහා පැවැත්වෙන විවාදයට සහභාගි වීමට , මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවට පැමිණීමට නියමිතව තිබේ.
විවාදය මේ වනවිට පැවැත්වෙමින් ඇත.







