අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ප්‍රධානත්වයෙන්  ගුවන් හමුදා ඉතිහාසයේ පළමු වරට   රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් පැවැත්වෙයි!

by editor
මාර්තු 1, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

අභ්‍යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය කඩා වැටුණු තත්ත්වයකින් ඉදිරියට එමින් ඇති අවස්ථාවක ව්‍යවස්ථාව අනුව රටේ ස්ථාවරභාවය සහ නිතිය ආරක්ෂා කරගැනීමට ආරක්ෂක අංශ කැපවිය යුතු බවත්, රට දියුණු කිරීමට හැකියාව ලැබෙන්නේ ඉන් අනතුරුව බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පැවසුවේය. රටක් ලෙස එක්සත් ජාතීන් හා බැඳෙමින් ලෝක තත්ත්ව යටතේ සාමය ආරක්ෂා කිරීමට කටයුතු කිරිමත් එහි කොටසක්  බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ, ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ ඊයේ (29) පස්වරුවේ පැවති ශ්‍රී ලංකා ගුවන් හමුදා කැඩෙට් නිලධාරීන් අධිකාරියට පත් කිරිමේ උත්සවයට එක්වෙමිනි.

විචිත්‍රවත් සංස්කෘතික සංදර්ශනයකින් ද මෙම අවස්ථාව වර්ණවත් වූ අතර ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් රාත්‍රී විසිරයාමේ පෙළපාලියක් පවත්වනු ලැබූ ප්‍රථම අවස්ථාව ලෙස මෙය ගුවන් හමුදා ඉතිහාසයට එක් වේ.

විසිරයාමේ පෙළපාලිය ඇමතූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ  මහතා මෙසේද පැවසීය.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ත්‍රිකුණාමලය චීන වරාය ගුවන් හමුදා කඳවුරේ කැඩෙට් පාඨමාලව සාර්ථකව අවසන් කර, විසිර යන නිලධාරින් 58 දෙනාගේ වැදගත්ම දිනය අදයි. ඔබ කිසිවිටෙක තමන් හැදු වැඩු දෙමාපියන් අමතක නොකළ යුතුයි. දෙමාපියන් සහ ගුරුවරුන් ඔබගේ ජීවිතය හැඩගැස්වීමට කැප වුණා. ඒ සියලු දෙනාට ඔබගේ ස්තූතිය පුද කළ යුතුයි. අද ඔබ ගුවන් හමුදාවේ නිලධාරියෙක් ලෙස වැදගත් කාර්යයක් භාර ගන්නවා. ඒ වගේම මෙරට ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථාව ආරක්ෂා කිරීමේ වගකීම භාරගනු ලබනවා. ඒ වගේම තමන් යටතේ සිටින අයට නායකත්වය ලබාදීමේ වගකීම භාරගන්නවා.

ඔබ රටේ ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට කැපවී සිටිනවා. එය කිසිවිටෙක අමතක නොකළ යුතුයි. ශ්‍රී ලංකා ජනරයේ ස්ථාවරභාවය සහ ආරක්ෂාව තහවුරු වන්නේ ඔබ එම යුතුකම ඉටුකළහොත් පමණයි. ඒ නිසා එය ප්‍රධාන කාර්යයක් ලෙස සැළකිය යුතුයි.

ඒ වගේම ඔබ සමග වැඩ කරන ඔබ නායකත්වය ලබා දෙන අනෙක් සියලුදෙනාට ද ඔබ ගරු කළයුතුයි. ඒ වගේම ඔවුන්ට මඟ පෙන්විය යුතුයි. සෑම විටම ඉදිරියෙන් සිටින්න. තමන් යටතේ සිටින අය තමන්ට කීකරු වනු ඇතැයි අපේක්ෂා කරනවා නම් තමන් තමන්ගේ ජ්‍යෙෂ්ඨයන්ටත් කීකරු විය යුතුයි. නියම විනයක් ඇති වන්නේ එවිටයි.

ඒවගේම නිලධාරියකු ලෙස ඔබේ සෑම වගකීමක්ම ඉටු කළ යුතුයි. නායකත්වය ලබාදීමට පසු බට වෙන්න එපා. ගැටලුවක් මතු වූ විට ඉන් ඉවත් වෙන්න එපා. ජනරජය වෙනුවෙන් තමන්ට වගකීමක් තිබෙනවා නම් එම වගකීම සෑමවිටම නොබියව ඉෂ්ට කිරීම ඔබේ යුතුකමයි.

රට අභ්‍යන්තර සහ විදේශ සතුරු බලවේගවලින් ආරක්ෂා කිරීමේ වගකීම ඔබට පැවරෙනවා. අද අභ්‍යන්තර වශයෙන් අපේ රටේ ආර්ථිකය, සමාජ ක්‍රමය, දේශපාලන ක්‍රමය කඩා වැටුණු තත්ත්වයකින් ඉදිරියට එමින් තිබෙනවා. අපට නැවත එම යුගයට යා නොහැකියි. ඒ නිසා මෙතැන් සිට අප ඉදිරියට යා යුතුයි. ඒ සඳහා රටේ විශාල නවීකරණයක් සිදු කළයුතුයි. සීග්‍රයෙන් දියණුවන ආර්ථික පරිවර්තනයකට යා යුතුයි. නොදියුණු රටක් ලෙස අපට තවදුරටත් ඉදිරියට යන්න බැහැ. මේ වගකීම ඉටු කිරීමේ දී එහි වාසිය ලැබෙන්නේ ඔබටත්, ඔබේ දූ දරුවන්ටත් බව ප්‍රකාශ කළ යුතුයි.

ඒ නිසා සෑම අවස්ථාවකම රටේ නීතිය ආරක්ෂා කරමින් ව්‍යවස්ථාව අනුව රටේ ස්ථාවරභාවය ආරක්ෂ කිරීමට ඔබ කැපවිය යුතුයි. ඒ අනුව තමයි රට දියුණු කිරීමට හැකියාව ලැබෙන්නේ. ඒ වගේම අපේ රට සතුරු උවදුරුවලින් ආරක්ෂා කර ගැනීම පමණක් නොවෙයි අද පවතින ජාත්‍යන්තර දේශපාලන තත්ත්වය අනුව කලාපයේ ආරක්ෂාව ද තහවුරු කිරීමට කටයුතු කළයුතුයි.

කලාපයේ සාමයට සහ ස්ථාවරත්වයට හානියක් වෙනවා නම්, එය අපේ රටට සිදුවන අනතුරක් බව කිවයුතුයි. අපිට රටක් ලෙස තනිව ජීවත් වෙන්න බැහැ. සෑම රටක් සමඟම අත්වැල් බැදගෙන ඉදිරියට යා යුතුයි. යුද්ධයක් කර පළපුරුද්දක් ලැබූ ලංකාව වැනි රටක් එහිදී පැත්තකට වී සිටියොත් එය අපේ යුතුකම් පැහැර හැරීමක් වෙනවා. කලාපයේ ස්ථාවරභාවයත්, ආරක්ෂාවත් වැදගත් වෙනවා. ඒ වගේම ලෝක සාමයත් අපට වැදගත් වෙනවා. ඒ නිසා එම කටයුතුවලට අපේ ත්‍රිවිධ හමුදාවේ දායකත්වය අවශ්‍ය වෙනවා නම් රටක් ලෙස අප ඊට මැදිහත්විය යුතුයි.

අපේ ආරක්ෂක හමුදාව එදා මාලි රාජ්‍යය ත්‍රස්තවාදයෙන් ආරක්ෂා කිරීමට දායක වුණා. ඒ වැඩකටයුත්ත අනෙක් අය අගය කළා. අද රතු මුහුදේ සිදුවන සිදුවීම්වලින් අපේ ආර්ථික අයිතිවාසිකම්වලට හානියක් සිදු වෙනවා නම් එය ආරක්ෂා කර ගැනීමටත් අප කැපවී සිටිනවා. ඒ නිසා කලාපයේ සාමයට සහ ලෝක සාමයට ප්‍රශ්නයක් තිබෙනවා නම් එවැනි අවස්ථාවන්වල එක්සත් ජාතින්ගේ සංවිධානයට අවශ්‍ය සහාය ලබාදීමට අප කටයුතු කරනවා. ඒ නිසා ලෝක සාමය සහ ස්ථාවරභාවයත් අපේ රටේ සාමයත්, ස්ථාවරභාවයත් ආරක්ෂා කරගත  යුතුයි.

ත්‍රිවිධ හමුදාව ඊළග දශකය තුළ විශාල පරිවර්තනයකට  ලක් වෙනවා. අද ලෝකය සිටින්නේ තාක්ෂණ යුගයකයි.අද හමුදා ක්‍රියාත්මක වන්නේ තාක්ෂණය පදනම් කරගෙනයි. අපිත් එම තත්ත්වයට ක්‍රමානුකූලව පැමිණිය යුතුයි. ඔබට එම වගකීම තිබෙනවා. මෙම සියලු කටයුතු සමඟ ඔබ ශක්තිමත් හමුදාවක් ලෙස ඉදිරියට යා යුතු බව මම ප්‍රකාශ කරනවා.රාත්‍රියේ පැන්න පැරෂුට් පිම්ම....

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලියේ අංක 36, 37 හා 38 යන කැඩෙට් පාඨමාලාවලට අදාළව කැඩෙට් නිලධාරී නිලධාරිණියන් 16 දෙනෙකු අංක 65 සහ 66 කැඩෙට් නිලධාරි පාඨමාලාවේ නිලධාරීන් 36 දෙනෙකු සහ අංක 17 හා 18 කැඩෙට් නිලධාරීනි පාඨමාලාවේ නිලධාරිනියන් 5 දෙනෙකු ඇමරිකා එක්සත් ජනපද 2023 කැඩෙට් නිලධාරියකු අධිකාරියට පත් කිරීම මෙහිදී සිදු විය.

පුහුණුවීමේදී දක්ෂතා දැක්වූ කැඩෙට් නිලධාරීන් 05දෙනෙක් හා එක් කැඩෙට් නිලධාරිනියකට සම්මාන පිරිනැමීම ද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි .

මෙම විසිරයාමේ පෙළපාලියට අභිමානවත් බවක් එක් කරමින් ගුවන් හමුදා තූර්ය වාදක කණ්ඩායම විචිත්‍රවත් සංදර්ශනයක් ඉදිරිපත් කරනු ලැබූ අතර ලක්අඹර ජයගත් ගුවන් හමුදා පැරෂුට් භටයින් නිල් අහසේ තම අණසක පතුරවමින් නිදහසේ එක් එක් රටා මවමින් රාත්‍රි පැරෂුට් සංදර්ශනයක් ඉදිරිපත් කරන ලදී.

සංස්කෘතික උළෙල…

 

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

බංගලාදේශයේ වෙළෙඳ සංකීර්ණයක ගින්නකින් 43ක් මරුට…

Next Post

අහුංගල්ලේ දී පුද්ගලයෙක් වෙඩි තබා ඝාතනය කරයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.