-
එන්නතේ දිගු කාලීන කෙටි කාලීන ප්‍රතිඵල දන්නෙ නෑ…
-
එංගලන්තෙ එන්නත් කළේ විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සහ නිධන්ගත රෝග සහිත දරුවන් පමණයි.
-
දරුවන් විෂයෙහි එන්නත තවම ඇත්තේ පර්යේෂණ මට්ටමේ…
-
කෙටිකාලීන හා දිගුකාලීන ප්‍රතිඵල අපි දන්නෙ නෑ…
පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබා දිමට පෙර ඒ සම්බන්ධයෙන් වෛද්‍ය විශේෂඥයින්ගේ තීන්දු තීරණයන් පිලිබඳව අවධානය යොමු කරන්නැයි ළමා රෝග විශේෂඥ හැරිස් පතිරගේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට ලිපියක් යොමු කරමින් කියා සිටියි.
විවිධ නිදන්ගත රෝගයන්ගෙන් පෙළෙන දරුවන්ට සහ විශේෂිත තත්ත්වයන්ගෙන් පෙළෙන දරුවන්ට පමණක් මෙම එන්නත ලබා දීමට එංගලන්තය කටයුතු කර ඇති නමුත් සමස්ථ ළමුන්ට එන්නත ලබා දීම මුළුමනින්ම නතර කර ඇති බවද ඔහු සිය ලිපියේ සඳහන් කර ඇත.
දරුවන් සම්බන්ධයෙන් කොරෝනා එන්නත පරික්ෂණ මට්ටමේ පවතින බැවින් ඒ පිලිබඳව මෙතෙක් විද්‍යාත්මක සාක්ෂි නොමැති බවත් මෙහි කෙටි කාලීන හා දිගු කාලීන ප්‍රතිපලයන් පිලිබඳව තවමත් නිශ්චිත ප්‍රකාශන් කිරිමට නොහැකි යැයිද වෛද්‍ය පතිරගේ සිය ලිපියෙන් පෙන්වා දී ඇත.
ඉතා සීඝ්‍රයෙන් ජාන විකෘති ඇතිවෙමින් කොවිඩ් වයිරස් ප්‍රභේද ගණනාවක් මේ වන විටත් බිහි වී ඇති අතර කොරෝනා සඳහා ලබා දෙන එන්නත්වල සාර්ථකත්වය පිළිබදව නැවත විමර්ශනය කිරීමට සිදුව ඇති බවත් විශේෂඥවරයා සිය ලිපියේ සඳහන් කර ඇත.
දරුවන්ට කොරෝනා එන්නත ලබා දීම සම්බන්ධයෙන් ඉක්මන් තීරණයන් නොගන්නා ලෙස ඔහු සිය ලිපියෙන් නැවත නැවත අවධාරණය කර තිබේ.