ජනාධිපතිවරයා අධ්‍යාත්මික ශාන්තිය ලබා ගැනීමට ප්‍රමුඛව පැමිණෙන අනුරාධපුරයේ ඥානා මෑණියන්ගේ දේවාලය මේ වනවිට අනුරාධපුරයේ ජනතා විරෝධතාකරුවන් පිරිසක් විසින් වටලා ඇතැයි වාර්තා වේ.
ජනාධිපතිවරයා එහි පැමිණෙන බවට ලද ආරංචියකට මේ විරෝධතාකරුවෝ දේවාලය වටා එක් වී සිටින බව පැවසේ.
මේ වනවිට කලබලයක් නැතත් විශාල පොලිස් කණ්ඩායමක්, කැරළි මර්ධන ඒකක හා එම ස්ථානයට කැඳවීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වේ.
අනුරාධපුර නගරය තුළ විවිධ මට්ටමේ විරෝධතා ව්‍යාපාර කිහිපයක් පැවැත්වෙමින් ඇතැයි අනුරාධපුරයෙන් එන ආරංචි මාර්ග කියයි.
හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි ජනබලවේග කාන්තා පෙරමුණේ සාමාජිකාවන් කණ්ඩායමක්ද යාපනයේ සිට කොළඹ බලා යන අතරතුර මෙම ස්ථානයට පැමිණ විරෝධතාවක් දක්වා පිටව ගොස් ඇත.