ජනාධිපතිවරයාගේ මූලිකත්වයෙන් භාරකාර ආණ්ඩුවක් පිටුවන්නේ නැතිනම් දින පහක් තුළ ආණ්ඩුවෙන් ඉවත් වීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීන්දු කර ඇති බව අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.
මේ අවස්ථාවේම රජයෙන් ඉවත් වී යෑම සඳහා ඊයේ (01) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම පැවති අවස්ථාවේ දී කාරක සභාවේ බහුතරය පක්ෂ නායකත්වයට දැඩි බලපෑමක් කර ඇති නමුත් නායක මෛත්‍රීපාල සිරිසේන, නිමල් සිරිපාල ද සිල්වා ඇතුළු කිහිප දෙනෙක් පෙන්වා දී ඇත්තේ එක් වරම ඉවත්වීම නුසුදුසු බවය.
ඒ අනුව භාරකාර ආණ්ඩුවකට නොයන්නේ නම් දින පහක් තුළ ආණ්ඩුවෙන් ඉවත් වීමට තීරණය වී තිබේ.
මධ්‍යම කාරකසභාවේ ඊයේ ගත් තීරණ පිළිබඳ කළ විමසීමක දී ආණ්ඩුවෙන් ඉවත්වීම සම්බන්ධ දින වකවානු තීරණය කිරීමේ බලය මධ්‍යම කාරක සභාව විසින් පක්ෂයේ සභාපති හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන වෙත පවරා ඇති බව පැවසුවේය.