බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනපති ඉල්ලූ ණය සහන දෙන්න චීනෙ සූදානම් නෑ

සජබ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා කියයි

by Lanka Sara Editor
ජනවාරි 14, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉල්ලා සිටියද චීනය එකඟ වී ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පවතින පොලී රහිත ණය ප්‍රතිව්‍යුහගත කිරීමකට පමණක් බව සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි.

කෙසේවෙතත් සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයකට මහ බැංකු අධිපතිවරයා කිසිසේත්ම එකඟ නොවන බවට පවසා ඇතැයි ද හෙතෙම මාධ්‍ය හමුවකදී පැවසීය.

ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙසේ ද කීය.

“ඇයි මහ බැංකු අධිපති විතරක් සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයකට අකමැති? ණය ප්‍රතිව්‍යුහගතකරණය කරන්න කියල ජනාධිපතිතුමා චීනයෙන් ඉල්ලනවා. අගමැතිතුමා ඉන්දියාවෙන් ඉල්ලනවා. ස්වාධීන ආර්ථික විද්‍යඥයින් කියන්නෙත් ඒ කතාවමයි. අපි කවදාවත් කියන්නෙ නෑ ණය පැහැර හරින්න කියලා. ජනතාවට රටට යම් හුස්මක් ගන්න අපේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කරගන්න කියලයි අපි කියන්නේ. මොකද දැන් ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයක් තියනවා. නිෂ්පාදනය වෙනුවෙන් අන්තර් භාණ්ඩ ගෙන්වීමත් ඩොලර් හිඟය නිසා අර්බුදයට පත්වී තිබෙනවා. මේ වගේ වෙලාවක සාමාන්‍ය මිනිහෙක් වුණත් කරන දෙයක් තමයි, තමන්ගේ ණය ගෙවන්න සහන කාලයක් හරි ණය කපා හැරීමක් හරි ඉල්ලන එක. එතකොට ඒ මනුස්සයට සහ ඔහුගේ පවුලේ අයට යම් අස්වැසිල්ලක් ලැබෙනවා. නමුත්, රටේ ජනතාව මෙච්චර දුක් විඳිනකොට මහ බැංකු අධිපතිවරයා සෛවරීත්ව බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණයකට මැලිකමක් දැක්වීම පුදුම සහගතයි.”

RelatedPosts

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

” දැන් ජනාධිපතිතුමා චීනෙ ණය ප්‍රතිව්‍යුහගත කරන්න කියලා ඉල්ලලා තියෙනවා. අර ෂෝන් කියන පුද්ගලයා ඒ සම්බන්ධයෙන් අදහස් දක්වලා තියෙනවා. ඔවුන් කියලා තියෙන්නේ මේ චීන රජයෙන් දීලා තියෙන පොලී රහිත ණය ප්‍රතිව්‍යුහගත කරන්න ඔවුන් කල්පනා කරලා බලන්නම් කියලා. හැබැයි අපි හොයලා බැලුවා චීනයෙන් පොලී රහිත ණය ගෙවන්න තියෙන්නේ ඉතාම සුළු ප්‍රමාණයක් වෙන්නැති. මොකද අපිට ඊයෙ දවසේ අපිට එහෙම එකක් සොයාගන්න බැරිවුණා. චීනෙන් වැඩිපුර අරගෙන තියෙන්නේ වාණිජමය ණය. මොකද චීන එක්සිම් බෑන්ක් සහ චයිනා ඩිවලොප්මන්ට් බෑන්ක් එකෙන් තමයි මේවා වැඩිපුර අරන් තියෙන්නේ. උදාහරණයක් ලෙස මේ අවුරුද්දට ගෙවන්න තියෙන ණය මහබැංකුව තවම යාවත්කාලීන කරලා නෑ. පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලත් නෑ. මම මේ අවුරුද්දකට කලින් තියෙන දත්ත කියන්නේ. චීනෙට ගෙවන්න තියෙන ණයවලින් ද්විපාර්ශ්වික ණය ගෙවන්න තියෙන්නේ 12%යි. ඒවා සාමාන්‍යයෙන් යම්කිසි සහන පොලියකට ලැබෙන ණය. එතකොට ඒක මුුළු ණයෙන් බැලුවොත් 2%ක් වගේ තියෙන්නේ. හැබැයි චීනෙට අපි බැලුවොත් වෙළෙඳපොලේ සම්පූර්ණ ණයවලින් චීන එක්සිම් බෑන්ක් එකෙන් ගත්ත ණය 13%ක් පමණ තියෙනවා. එතකොට සමස්ත ණය ප්‍රමාණය වාණිජ ණය 8%කුත් සහනදායී ණය 2%කුත් වගේ තියෙන්නේ මුළු චීන ණය ප්‍රමාණය එකතු වෙන්නේ. මේ සහනදායී ණයවලිනුත් පොලී නොගෙවන ණය සම්බන්ධයෙන් විතරයි මේ කතා කරලා තියෙන්නේ මං හිතන්නේ ඉතා කුඩා ප්‍රමාණයක් තියෙන්නේ. හැබැයි ඔවුන්ම කියලා තියෙනවා ප්‍රතිව්‍යුහගත කරනවා නම් සාමාන්‍ය විදියේ ප්‍රතිව්‍යුහගත කිරීමකට. චීනෙ සූදානම් නෑ කියලා අපිට තේරෙනවා ලංකාවේ විශාල ඩොලර් ප්‍රමාණයකට ඔවුන්ගේ ණය ගෙවන්න එපා පස්සේ දවසක ගෙවන්න. මෙහෙ ඩොලර් ප්‍රමාණය අරන් අර වෝල් ෂීඩ් එකේ ඇමෙරිකන්කාරයගේ ණය ටික ගෙවලා දාන්න කියන තැනට ඔවුන් ඇවිත් නෑ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

දුම්රිය ස්ථානාධිපතිවරු යළි වර්ජනයක් අරඹති

Next Post

පොලිස් ඇමති කාදිනල් තුමාට උත්තර දෙයි!. තොරතුරු ඇතිනම් මාධ්‍යයට පෙර පොලිසියට දෙන්න!

Related Posts

suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam
පුවත්

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026
පුවත්

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
suresh-sale

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026
cyber-scam

මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!

ජූනි 3, 2026

ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

ජූනි 3, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!
  • මහ භාණ්ඩාගාරයේ ඩොලර් මිලියන 2.5ක් හැකරුන් ගත් හැටි වැඩි දුර විස්තර අධිකරණයට!
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.