සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතා හඬට කන් දී මුලින්ම ජනාධිපතිවරයා ඉල්ලා අස් විය යුතුයි… ඊට පස්සේ අපි සාකච්ඡා කරමු!

අනුර කුමාර දිසානායක පාර්ලිමේන්තුවේ දී කියයි...

by editor
අප්‍රේල් 7, 2022
in පුවත්
anura-kumara-dissanayake-in-parliament
Share on FacebookShare on Twitter

ජනාධිපතිවරයා ඉල්ලා අස්වීමට යටත්ව ඕනෑම කොන්දේසියක් යටතේ සාකච්ඡා කිරීමට සූදානම් බව ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක අද පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

ඔහු පැවසුවේ මේ වනවිට නිර්මාණය වී ඇති ආර්ථික ගැටලුවට සේම ප්‍රබල දේශපාලන ගැටලුවක් ද මතු වී ඇති බවත්, සමාජයෙන් පැන නගින පළමු සහ කේන්ද්‍රීය ඉල්ලීම වන ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි යන පදනම මත පිහිට ලබා දෙන   විසඳුම් එකක්වත් සමාජය පිලි නොගන්නා බවත්ය.

ඔහු පාර්ලිමේන්තුව අමතා මෙසේ ද ප්‍රකාශ කළේය.

පළමු නැගටීම් පළමු ඉල්ලීම් බවට පත් වී තිබුණෙ මේ තමන්  මුහුණ දෙන ගැටලුවලට විසඳුම් ලබා දෙන්න කියලා. නමුත් ආණ්ඩුව මේ ගැටලු කිසිවකටත් සාවධානව උත්තර ලබා දුන්නෙ නෑ.

ඊට පස්සේ  සටන් පාඨ එන්න ගත්තා ගෝටා ගෝ හෝම් කියලා. ආණ්ඩුව ඉල්ලා අස්වෙන්න කියලා. ඒ නිසා දැන් අපේ රටේ ආර්ථික අර්බුදයක් හා දේශපාලන අර්බුදයක් වර්ධනය වෙලා තියනවා. මේ රටේ ජනතාවගේ අරගලයේ කේන්ද්‍රීය සාධක දෙක දෙකක් තියනවා.

එකක් තමයි මේ ජනාධිපතිවරයා තව දුරටත් මෙම ධුරයේ නොසිටිය යුතුයි කියන යෝජනාව.  ඒක අප පිළිගන්න ඕන. මේ සටනේ දෙවැනි කේන්ද්‍රය තමයි සාමාන්‍ය ජනතාවට තමන්ගෙ ජීවිතය  පවත්වා ගැනීම සඳහා අත්‍යාවශ්‍ය දේවල් ටික ලබා දීම. ඒ නිසා පුරවැසියන්ගේ අත්‍යාවශ්‍ය දේවල් ටික ලබා දීමත් භාණ්ඩ මිල ඉහළ යෑම යම් ප්‍රමාණයකට පාලනය කළේ නැතිනම් මේ අර්බුදයේ කේන්ද්‍ර දෙකෙන් ඉවත් වෙන්න බෑ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

තමුන්නාසෙලා කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වුණා. අපි දන්නවා ලංකා දේශපාලන ඉතිහාසයේ මුල්ම වරට කැබිනට් මණ්ඩලයම ඉල්ලා අස් වුනේ මීට දවස් දෙක තුනකට කලින්. නමුත් ඒක මේ ප්‍රශ්නයට විඳුමක් වුනේ නෑ. කැබිනට් මණ්ඩලය ඉල්ලා අස්වීම හෝ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් ස්වාධීනවීම හෝ මේ කිසිවක් අද විසඳුම් බවට පත් වෙලා නෑ.

අන්තර් කාලීන පාලනයක් යෝජනා වෙලා තියනවා. ඒත් ඒ අන්තර්කාලීන පාලනයේ කේන්ද්‍රීය ප්‍රශ්න දෙක ආමන්ත්‍රණය කරන්නෙ නෑ.

වටේ යන්න එපා. එහෙ මෙහෙ අතගාන්න එපා.  තමුන්නාසේලා යෝජනා කරන කිසිවක්  මේ රටේ ජනතාව අද භාරගන්නෙ නෑ. භාර ගන්නවා නම්  මේ වනවිට ජනතාව පාරෙ ඉන්න විදිහක් නෑ. ඒ නිසා මේ ප්‍රශ්නය ඇති කළ ප්‍රධානම කොන්දේසිය වන ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතුයි යන කොන්දේසියට යටත්ව අපි ඕනෑම සාකච්ඡාවක් කරමු.“

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ඊයේ දවස ගැන දුකයි…  අද පාර්ලිමේන්තුව අරඹමින් කතානායකවරයා කියයි….

Next Post

“පිස්සු පූසා“ ගැන රනිල්ගෙන් පාර්ලිමේන්තුවට පැමිණිල්ලක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.