සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජනතා විරෝධය මත වැහෙන ජනතාවට හොරෙන් ආයෙත් අරින සිරි දළදා වන්දනාවේ VIP ගේට්ටු!

by editor
අප්‍රේල් 22, 2025
in පුවත්
Share on FacebookShare on Twitter

ජානක ලියනආරච්චි –

ඉලක්ක පමණක් දකින අර්ධ මනුෂ්‍යයන් සදාචාරය තුළ හා නෛතික රාමුව තුළ හැසිරවිය හැකි සීමාවක් තිබේ. ස්වයං පාලනයක් ගැන කල්පනා නොකරන ඔවුන්ට සමාජ හැසිරීම සම්බන්ධව, මනුෂ්‍යත්වයේ ගෞරවය පිළිබඳව වගවීමක් හෝ වගකීමක් නැත. සමාජ සම්මුති රිති හෝ නීති නොසලකා කරන හැසිරීම් යාවත්කාලීන කර පවත්වා ගැනීම සඳහා ඉදිරිපත්වන සෑම බාධාවක්ම මගහැර යෑම එම අසංස්කෘතික මානසිකත්වයේ ස්වරූපය ය.

අප කම්පනයට පත් වන්නේ එම මානසිකත්වය සිරි දළදා වන්දනාවත් සමග දළදා භාරකාරී ගිහි පැවිදි ප්‍රධානීන්ගෙන් ප්‍රකට වීම නිසාය.

මහජන පෝළිමෙන් පිට දළදා වැන්දවීම සිදුනොකරන ලෙස රටේ විධායක ජනාධිපතිවරයා ඉල්ලා සිටියේය. එහෙත් දළදා භාරකාරිත්වය මුලින්ම කලේ දින ගණන් පෝලිමේ ලගිමින් දළදා වන්දනාවට රට වටෙන් එක් වී සිටි  පැය එක හමාරක් පෝලිම්වල ප්‍රමාද කර තමන්ගේ ගොට්ටන්ට දළදා පෙන්වා වැන්දවීමය.

එය ඊයේ නැවතිනි. පස්වරු 12.30ට මහ ජනතාවට විවෘත වූ දළදා දැක්ම පෙරවරු 11 දක්වා පස්සට ගියේය. එහෙත්  හොර පාර 03කින්   දළදා වැන්දවීමේ කටයුත්ත දළදා භාරකාරී පාර්ශව සිදුකළේය. මනුවර දිසාපති තුමා අද පැවසුවේ දිනකට දෙදහසක් හොර පාරෙන් දළදා වැන්දවන බවය. දළදා වන්දනාවට පොලිස් ක්‍රීඩා පිටියේ සිට වාහන යොදාගෙන ප්‍රභූන් ඇද්ද හැටි වාහන අංක පිටින්ම හෙළි දරවු වීය. මේ  හොර පාරවල් තුන අනාවරණය විය.

මේ වනවිට රටට පේන්න ඒ සියලුම ප්‍රවේශයන් හරහා මාලිගාවටට ඇතුළුවිය නොහැකි සේ පෙනෙන ආකාරයට ගේට්ටු වසා දමා ඇත. ඉබි යුතුරු දමා ඇත.

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

දැන් හොර පාරෙන් පිරිස් එන්නේ දළදා මන්දිරයේ සිට දියවඩන නිලමේවරයාගේ නිවස වෙත ඍජුව වැටී ඇති මාර්ගය ඔස්සේය. එම මාර්ගයේ මෙතෙක් වසා දමා තිබූ ගේට්ටු විවෘත කර තිබේ.

දළදා භාරකාරිත්වය දරන ගිහි පැවිදි බලවත්හු තමන්ගේ හිතවතුන් දියවඩන නිලමේගේ නිල නිවස හරහා පෝලිමේ මාළිගාවේ පසුපස දොරටුවෙන් මාළිගාවට ඇතුළු කරති.   දළදා වන්දවති. ගිනි අවුවේ කරවෙමින් කුසට අහරක් නැතිව මහ පාරවල්වල ලගින අහිසංක මිනිසුන් දැක දැක උන්ගේ හිස් මතින් රැගෙන ගොස් තමන්ගේ හිතවතුන්ට ව්‍යාපාරිකයින්ට, ප්‍රභූවරුන්ට දළදා වැන්දවීම සඳහා  කළ හැකි හැම පජාති වැඩේම කරන මේ පිරිස්වල මානසිකත්වය තේරුම් ගැනීමට උත්සාහ නොකළ යුතු වන්නේ ඒ අවබෝධය පැමිණි දා සිටි සියවස් ගණනක් මේ රටේ මහා ශුද්ධ අධ්‍යාත්මික සංකේතය වූ දළදා වහන්සේ සම්බන්ධව උපදින ගැඹුරු හැඟීමට පවා ඉන් අවැඩක් ඇති විය හැකි බැවිනි.

ඉංග්‍රීසි පාලකයින් 1853 දි දියවඩන නිලමේට දළදා වහන්සේ ගේ ගිහි බාරකාරත්වය පවරා මල්වතු අස්ගිරි හිමිවරුන්ට තේවාව භාර දී දළදා වහන්සේ සම්බන්ධව භාරකාරත්වය සමබර කරනු ලැබුවේ සිදුවිය හැකි වැරදි අවම කරගැනීම සඳහාය. මේ තුන්ගොල්ල එක් වී ගේමක් ගහනු ඇතැයි සුද්දා එදා සිතන්නට නැත. මේ මොහොතේ සිදුවෙමින් ඇත්තේ එයය.

මුන්නාසේලාට කිව යුතුව ඇත්තේ මේ නටන සෑම නැටුමකින්ම හෙළි දරවු වන්නේ තම තමන්ගේ අධ්‍යාත්මයේ ඇති දුගීකම බවය. පොදු මහ ජනතාවට හෙණ වැදුන ද ස්වකීය ලාභය සහ අභිප්‍රායන් තෘප්ත වේ නම් එය ප්‍රමාණවත් බවට වන අන්ත අගතිගාමී ආකල්පයේ පිළුණු ස්වරූපය ය . දළදා වහන්සේ ඉදිරියේම සිදුවන මේ අසංස්කෘතික නිරුවත්වීම දැන් මේ රටේ කිසිම කෙනෙකුට රහසක් නොවේ. අප මේ පිරිසට යෝජනා කරන්නේ හෘදය සාක්ෂියට එකඟව ස්වයං විනයක් ඇති කරගන්නා ලෙසය.

බුදුන් වදාළ උතුම් ධර්මයේ හරය අනුනොදත්වුන්ට පවා ලෝක ධර්මතාවය ගැන අවබෝධයක් වේ නම් මේ පිරිස් ජීවිතය නිමා කර සුගතිගාමී ප්‍රවේශයක් අත් නොකරගන්නා බව වැටහෙන්නේය. අප උන්නාසේලාට සිහි කරන්නේ මේ ජීවිත තව නොබෝ කාලයක් බවය. තමුන්නාසේලාට මේ කෙටි කාලය තුළ පැවරී ඇත්තේ දළදා වහන්සේගේ හිමිකාරිත්වය නොව ජාතියක් වෙනුවෙන් පැවරූ එහි භාරකාරත්වය පමණක් බවය. ඒ ආගමික සමාජයේ බලය අපයෝජනය කර රටේ විධායක ජනාධිපතිවරයාටත් පිටින් හැසිරෙන මේ උමතුව නිමා විය යුතු බවය.

අප යෝජනා කරන්නේ  ක්‍රිස්තුවර්ෂ පස්වන සියවසේ දළදා වහන්සේ ලංකාවට වැඩම කළ දා සිට බෞද්ධ සමාජයේ අප්‍රමාණ ගෞරවයට පාත්‍රවෙමින් ගොඩනැගූ මහා දළදා සංස්කෘතිය හෑල්ලු කිරීමේ පාපකර්මය සමාජයක් ඉදිරියේ නොකරන ලෙසය. එයට ගෙවන්නට වන වන්දිය බොහෝ බැරෑරුම් එකක් වනු ඇති බව මේ රටේ මිනිස්සුන්ගේ හැඟිමය.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

කුලි ඝාතකයාගේ වෙඩිල්ල පත්තු නොවී ගිනි අවිය සමග කොටු වේ… පැදිකරු ඝාතකයා දමා පලා යයි!

Next Post

අතීතයේ මෙන් ආයෝජන අධෛර්යට පත් කරන පරිසරයක් නැවත ඇති වෙන්නේ නෑ… ජනපතිගෙන් ජාත්‍යාන්තරයට සහතිකයක්!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස අවුරුදු දෙකකින් දීර්ඝ කිරීමට රජයෙන් නව යෝජනාවක්

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.