සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ජ.වි.පෙ දළදා මාළිගාවට බෝම්බ ගැසූ සිද්ධියට අදාල තොරතුරු සභාගත කරන්න… දයාසිරි මහජන ආරක්ෂක ඇමතිට කියයි!

by editor
ජූලි 23, 2025
in පුවත්
Dayasiri
Share on FacebookShare on Twitter

දළදා මාළිගාවට බෝම්බ ගැසු ජනතා විමුක්ති පෙරමුණේ පිරිස සම්බන්ධව තොරතුරු නැතැයි පැවසීම මුසාවක් බවත්, දැනට ඇති තොරතුරු සහිත වාර්තාවක් පාර්ලිමේන්තුව තුළ සභාගත කරන ලෙසත්   පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර අද (23) මහජන ආරක්ෂක ඇමති ආනන්ද විජේපාලගෙන් ඉල්ලා සිටියේය.

ඔහු මේ බව ප්‍රකාශ කරන්නේ රෝහිනී කුමාරි කවිරත්න විසින් මහනුවර දළදා මාළිගාව ඉදිරිපිට මහා මාර්ගය විවෘත නොකර සිටීම සම්බන්ධ  ප්‍රශ්නයට අදාලව පිළිතුරු දෙමින් ජනතා විමුක්ති පෙරමුණ චෝදනා ලබන දළදා මාළිගාවට බෝම්ම එල්ල කළ   සිද්ධිය සම්බන්ධව තොරතුරු නොමැති බව පාර්ලිමේන්තුවට කී අවස්ථාවේ දී ය.

සිද්ධිය පෙළ ගැසෙන්නේ මෙසේය.

දළදා මාළිගාවට ප්‍රහාර එල්ල කළ එල්.ටී.ටී. සංවිධානය නොමැති බැවිනුත් ජනතා විමුක්ති පෙරමුණ ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පැමිණ රාජ්‍ය බලය ද හොබවන බැවිනුත් දළදා වහන්සේට තවදුරටත් තර්ජනයක් නොමැති නිසා වසා ආරක්ෂක හේතු පදනම් කරගෙන වසා දැමූ දළදා මාළිගාව ඉදිරිපිට මාර්ගය යළි විවෘත කර නුවර නගරයේ පරිසර දූෂණය වැළැක්වීම කටයුතු කරන ලෙස අද රෝහිණී කුමාරි කවිතරත්න මන්ත්‍රීවරිය ඉල්ලා සිටියාය.

ඇය කීවේ දළදා මාළිගාව ඉදිරිපිට මාර්ගය වසා දැම්මේ දළදා මාළිගාවට එල්ල වුන මෙම ප්‍රහාර දෙක නිසා බවය.

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ඇය ඉදිරිපත් කළ ප්‍රශ්නයට අදාල දෙවැනි අතුරු ප්‍රශ්නය විමසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර විසිනි. ඔහු ප්‍රකාශ කළේ ජනතා විමුක්ති පෙරමුණ විසින් දළදා මාළිගාවට බෝම්බ එල්ල කිරීමට උත්සාහ කිරීමේ සිද්ධියට සම්බන්ධව මහජන ආරක්ෂක ඇමතිවරයා විසින් කළ ප්‍රකාශය සාවද්‍ය එකක් බවය.

ඔහු ප්‍රකාශයක් කරමින් දළදා මාලිගාවට බෝම්බ ගැසූ සිද්ධියේ සැකකරුවන් හා විමර්ශන පිළිබඳ හෙළි කරමින් මෙසේ කීවේය.

“අවුරුදු 36ක් නිසා මේ සම්බන්ධව තොරතුරු නෑ කියනවා. 1989 පෙබරවාරි 08 දළදා මාළිගාවේ මුරපොළවල් 05කට පහර දීලා ටී81 රයිෆල් තුවක්කු 09ක්, ටී 56 රයිෆල් තුවක්කු 02ක්, ඇතුළු ගිනි අවි 17ක් පැහැර ගෙන ගොස් තිබෙනවා. ඒ වගේම මේකට සම්බන්ධ වෙලා තිබුණු පද්මා චාන්දනී නැමැත්තියක් අත් අඩංගුවට ගෙන තිබෙනවා, මාතලේ ගංගා, මංගලිකා, නදීකා, නිලන්ති සහ වීරසිංහ නැමැති අය අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ වගේම තිබ්බටුවාවේ ඤාණරතන කියන හාමුදුරුනමක් තමයි කිරිච්චියක් අරන් ගිහින් නිලමේ තුමාගේ බෙල්ලට පිහිය තියලා තිබෙන්නෙ.”
“ඒවගේම 1818න් පස්සේ 1989 දි තමයි දළදා වහන්සේට ප්‍රහාරයක් කරන්න පෙළඹුනේ. ඔබතුමාගෙන් අහන ප්‍රශ්නය තමයි කුඹල් පෙරහර කරන්න බැරිව දළදා කරඬුව අතේ තියාගෙන තමයි දියවඩන නිලමේ තුමා ආවේ. ඔබතුමා පොලිසියේ හිටපු කෙනෙක් විදිහටත්, වර්තමාන පොලිස් ඇමතිවරයා හැටියටත් මම කියන්නේ. අවුරුදු 36කට පස්සෙත් තොරතුරු තියනවා මේ සම්බන්ධව. ගෞරවයෙන් ඉල්ලලා මේක සභාගත කරන්න කියලා ඉල්ලීම කරනවා.”

ඊට පිළිතුරු දෙමින් පොලිස් ඇමතිවරයා මෙසේ පැවසුවේය.

” මේ සම්බන්ධව පැහැදිලි පිළිතුරක් දුන්නා. තොරතුරු නෑ කියලා තමයි පොලිසියෙන් කියන්නේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

කටවහන් අහගෙන ඉන්න… රෝහිණී කුමාරි කවිරත්නගෙන් කථානායකට දැඩි උපදෙසක්!

Next Post

නියෝජ්‍ය ආරක්ෂ ඇමති මේජර් ජනරාල් අරුණ ජයසේකර පසුපස පාස්කු ප්‍රහාර විමර්ශනවලට බලපෑම් කරන බිග් බොස් කෙනෙක් ඉන්නවා ද? නිසාම් කාරියප්පර් අද පාර්ලිමේන්තුවේ දී අසයි..!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.