බ්‍රහස්පතින්දා, ජූනි 4, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඡන්දය පැවැතුන විදිහ හොඳයි… ඒත් පොදු දේපල අවභාවිතා කිරීම ගැන පැමිණිලි 1126 යි… ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් කියයි!

by editor
සැප්තැම්බර් 26, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

පසුගිය ජනපතිවරණයේ දී පොදු දේපොළ අවභාවිතය සම්බන්ධයෙන් ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය (TISL) වෙත පැමිණිලි 1126 ක් ලැබුණු බව එම ආයතනයේ රාජ්‍ය දේපල අවභාවිතය වැලැක්වීමේ වැඩසටහනේ ජාතික සම්බන්ධීකාරක නීතීඥ තුෂාණි කන්දිල්පාන පවසයි.

ඒ අතරින් පැමිණිලි 650 ක් සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත් බවත් මහජන ක්‍රීඩාංගණ, රජයේ කාර්යාල, ගොඩනැගිලි සහ පාසල් වැනි පොදු පරිශ්‍රයන් අවභාවිතය සම්බන්ධයෙන් පමණක් පැමිණිලි 451 වාර්තා වූ බවත් ඇය පැවසුවාය.

මෙවර ජනාධිපතිවරණය කරුණු කිහිපයක් නිසා විශේෂ වූ බවත් 2022 වසරේ උග්‍ර වූ ආර්ථික අර්බුදයත් සමඟ සිදු වූ ජනතා අරගලයෙන් පසු පැවැති පළමු මැතිවරණය වීමත් 2023 වසරේ හඳුන්වා දුන් මැතිවරණ වියදම් නියාමනය කිරීමේ පනත යටතේ අපේක්ෂකයින්ගේ ප්‍රචාරක වියදම් සොයා බැලුණු පළමු මැතිවරණය මෙය වීමත් ඉන් ප්‍රධාන යැයි ඇය කීවාය. ඉතිහාසයේ පළමු වතාවට ජනාධිපතිවරණයකදී දෙවැනි සහ තුන්වැනි මනාප ගණන් කිරීම ද විශේෂ සිද්ධියක් යැයි ඇය ප්‍රකාශ කළාය.

මෙවර ජනාධිපතිවරණය සාමකාමීව සහ ඉහළ ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතයක් සහිතව අවසන් වීම ප්‍රශංසනීය බවත් ඒ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා පොලිසිය සහ අනෙකුත් සියලුම අනුබද්ධ සේවා සපයන්නන්ට ප්‍රසංශාව පළ කරන බවත් ඇය කීවාය.

ප්‍රචාරක කටයුතු සඳහා රාජ්‍ය සම්පත් අවභාවිතය පිළිබඳව නිරීක්ෂණය කිරීම සඳහා TISL ආයතනය මැතිවරණ නිරීක්ෂකයින් දෙසිය දෙදෙනෙක් (202) සියලු දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි යෙදවූ බවත් මැතිවරණ ප්‍රචාරක වියදම් වාර්තා කිරීම සඳහා තවත් නිරීක්ෂකයින් 47 දෙනෙකු යෙදවූ බවත් පැවසූ නීතිඥවරිය TISL ආයතනයේ කාර්ය මණ්ඩලය ඇතුළු නිරීක්ෂකයින් 244ක් මැතිවරණ දින නිරීක්ෂණ කටයුතු සඳහා සහභාගී වූ බවද හෙළිකළාය.

RelatedPosts

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

මැතිවරණයට අදාළව බරපතල ගණයේ ප්‍රචණ්ඩ ක්‍රියා හෝ මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් වාර්තා නොවූ බවත් TISL ආයතනයේ නිරීක්ෂකයින් මැතිවරණ නීති උල්ලංඝනය කිරීමේ සිද්ධීන් 112 ක් මැතිවරණ දිනයේදී වාර්තා කර තිබුණු බවත් ඇය පැවසුවාය.

ඒවායින් බොහොමයක් නීතිවිරෝධී ප්‍රචාරක කටයුතු පිළිබඳ සුළු සිද්ධීන් වූ බවත් පෝස්ටර් සහ කටවුට් ප්‍රදර්ශනය, පොදු දේපළ අවභාවිතය ආදී වූ මෙම නීති විරෝධී ක්‍රියාවන් පිළිබඳව පොලිසියට හා ඡන්ද මධ්‍යස්ථාන භාර නිලධාරීන්ට වාර්තා කිරීමෙන් පසු ඒවා නිවැරදි කිරීමට අදාළ බලධාරීන් කඩිනම් පියවර ගත් බවත් ජාතික සම්බන්ධීකාරකවරිය කීවාය.

ඡන්ද දායකයින් සිය ඡන්දය භාවිත කිරීම ඉහළ මට්ටමක (මැතිවරණ කොමිසමේ ඇස්තමේන්තු අනුව 75%ත් 80%ත් අතර) පැවැතීම ප්‍රශංසනීය යැයි ද මේ තත්ත්වය ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය කෙරෙහි ඡන්දදායකයින්ගේ ඇති උද්යෝගය සහ විශ්වාසය පෙන්නුම් කරන්නක් යැයි ද ඇය ප්‍රකාශ කළාය

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

බන්දුලගේ මිලියන 150ක කුපාඩිකම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකින් නවතී!

Next Post

දේශපාලන මැරකම් කළ නාවල පිටිය සමගි ජන බලවේග සංවිධායක අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරයි!

Related Posts

පුවත්

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa
පුවත්

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026
suresh-sale
පුවත්

සලෙයි සිය දිවි නසා ගැනීමේ අවදානමක… ඔහුගේ නීතිඥවරයා අධිකරණයට දන්වයි!

ජූනි 3, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!

ජූනි 4, 2026
boossa

බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!

ජූනි 4, 2026

2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • වයිභාව් සූර්යවංශී: බිහාරයේ ගොවි පවුලකින් මතු වී ලෝක ක්‍රිකට් පිටිය සලිත කරන 15 හැවිරිදි පොඩි එකා…

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • මල්වතු මහා විහාරය පල්ලේගම හේමරතනගේ තනතුරු තාවකාලිකව අත්හිටුවයි: වැඩ බැලීමට ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියන් පත් කරයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • පාතාලයේ දේශීය ගිනි අවි නිෂ්පාදනයක්? දෙමටගොඩින් හමු වූ ගිනි අවි 19 සහ මත්කරල් ලක්ෂයේ සුලමුල සෙවීමට දැඩි විමර්ශනයක්!
  • බූස්ස බන්ධනාගාරයේ විශේෂ ගණයේ සිරකරුවෙකුගේ ගුද මාර්ගයෙන් ස්මාර්ට් ෆෝන් එකක්, හැන්ඩ්ස් ෆ්‍රී එකක් සහ අයිස් කුඩු මතුවේ!
  • 2013න් පසු කැරිබියන් දූපත්හිදී ලැබූ පළමු ජයග්‍රහණයේ කතාව… කොදෙව්වන් පරදා පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 41ක විශිෂ්ට ජයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.