විදේශ ගුවන් ප්‍රවේශ පත්‍රයක ගාස්තුවට වඩා කටුනායක ගුවන් තොටුපළ කුළී රථ ගාස්තුව ඉහළ ගොස් ඇති බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කරයි .
අඩු වියදම් ගුවන් ගාස්තු අය කරන ඉන්ඩිගෝ , ස්පයිස් ජෙට් වැනි ගුවන් යානා ඉන්දියාව වෙත ගුවන් මගින් යෑමට එක් ගුවන් මගියෙකුගෙන් අය කරන්නේ රුපියල් දස දහසකට අඩු මුදලකි .
එසේම මීට මාස කීපයකට පෙර ශ්‍රී ලංකාව සහ බහරේන් අතර ඍජු ගුවන් ගමන් ආරම්භ කළ විට එයා ගුවන් සේවය එක් ගුවන් ගමන් වාරයක් සදහා එක් ගුවන් මගියෙකුගෙන් අය කරනු ලබන්නේ රුපියල් 11,000 ක මුදලකි .
අඩු වියදම් නොවන ගුවන් සේවයක චෙන්නායි සිට කොළඹ බලා එන ගුවන් ටිකට් පතක් රුපියල් 65610කි.
එහෙත් කන්කසන්තුරෙයි වෙත කටුනායක ගුවන් තොටුපළ සිට කුළී රථ ගාස්තුව රුපියල් 76,300 කි . එමෙන්ම කටුනායක ගුවන් තොටුපළ සිට යාපනය වෙත කුළී රථ ගාස්තුව රුපියල් 73,000 කි.
මීට අමතරව මෙම කුළී රථ අධිවේගී මාර්ග ඔස්සේ ගමන් කරන්නේ නම් එම ගාස්තු ද , මෙම කුළී රථ ගාස්තුවට එකතු කරනු ලැබේ .







