බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනුන්ට පමණයි කී විවාදිත එන්නත මෙරට ජනතාවටත් දෙන්න යයි!

වයස් කාණ්ඩ ගැන තීරණය විශේෂඥ කමිටුවට

by Lanka Sara Editor
අප්‍රේල් 1, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ නිෂ්පාදිත සිනෝෆාම් එන්නත චීන ජාතිකයන්ට ලබා දීමෙන් පසුව දිය යුත්තේ මෙරට ජනතාව අතරින් කවර වයස් කාණ්ඩයටදැයි නිර්දේශ කිරීම සෞක්‍ය අමාත්‍යංශ විශේෂඥ කමිටුව විසින් සිදු කරනු ඇති බව වසංගත රෝග විද්‍යා ඒකකයේ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා අද ප්‍රකාශ කිරීමත් සමඟ මෙම එන්නත සම්බන්ධයෙන් රාජ්‍ය බලධාරීන් ක්‍රියා කරන ආකාරය සම්බන්ධයෙන් ගැටලුකාරී තත්ත්වයක් නිර්මාණය වී තිබේ.

ඊට හේතුව වන්නේ පසුගියදා මෙම එන්නත කිසිදු ආකාරයකින් මෙරට ජනතාවට ලබා නොදෙන බවට රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සිදු කරන ලද ප්‍රකාශයත් සමඟිනි.

මෙම එන්නත සම්බන්ධයෙන් මේ වනවිට මෙරට වෛද්‍ය අංශ තුළ දැවැන්ත ආන්දෝලනයක් මතුව ඇති අතර එයට ප්‍රධාන හේතුවක් වන්නේ මෙම එන්නත ජාතික ඖෂධ නියාමන අධිකාරියේ විශේෂඥ කමිටුව ප්‍රමාණවත් විද්‍යාත්මක දත්ත නොමැතිවීම හේතුවෙන් මෙරට භාවිතයට නුසුදුසු බවට නිර්දේශ කිරීමය.

පසුව නව අධ්‍යක්ෂ මණ්ඩලයක් හරහා එම එන්නත සුදුසු බවට අනුමත කිරීම සමඟ ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වයයි.ඒ අනුව මුලින් ජාතික ඖෂධ නියාමන අධිකාරිය මෙම එන්නත සඳහා අනුමැතිය ලබා දුන්නේ බැහැර නොකිරීමේ පදනම මත වන අතර ඒ අනුව එය මෙරට රැඳී සිටින චීන ජාතිකයන්ට පමණක් ලබා දීම සඳහා අදාළ අනුමැතිය ලැබිණ.

RelatedPosts

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

මෙම එන්නත ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්ද අනුමත නොකළ එකක් වන අතර පසුගියදා ශ්‍රි ලංකා විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංසදයද මෙම සිනෝෆාම් එන්නත අත්තනෝමතික ලෙසින් අනුමත කිරිම පෙර නොවූ විරූ සිදුවීමක් ලෙස හෙළා දැක තිබුණි.

එවැනි තත්ත්වයක් පවතිද්දී අද වසංගත රෝග විද්‍යා ඒකකයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කර ඇත්තේ මෙම චීන එන්නත ලබා දිය යුත්තේ කවර වයස් කාණ්ඩවල අයටද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යංශයේ විශේෂඥ කමිටුව විසින් නිර්දේශ කරනු ලබන බවයි. ඒ අනුව චීන ජාතිකයන්ට එන්නත ලබා දීමෙන් අනතුරව මෙම විශේෂඥ කමිටුව විසින් ලබා දෙන නිර්දේශවලට අනුකූලව මෙම එන්නත මෙරට ජනතාවට ලබා දීමට කටයුතු කරන බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කොන්ත්‍රාත් සේවක සේවිකාවන් 400කට වැඩි පිරිසක් ඉවතට!

Next Post

කොවිඩ් මැද ලෝක සංගීත කර්මාන්තය 2002ට පසු වැඩිම අදායම් උපයයි

Related Posts

පුවත්

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026
පුවත්

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0
පුවත්

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!

ජූනි 24, 2026

පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!

ජූනි 24, 2026
rapee_0

15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • කොංගෝවේ සිට පැමිණි වෛද්‍යවරයෙකුට එබෝලා වැළඳෙයි: ප්‍රංශයෙන් පළමු රෝගියා වාර්තා වෙයි!
  • පාස්කු ප්‍රහාර විමර්ශන: තමන්ව අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ ගෝඨාභය රාජපක්ෂගේ පෙත්සම ජූලි 06 දක්වා කල් යයි!
  • 15 හැවිරිදි දැරියක් දූෂණය කළ පුද්ගලයාට වසර 32ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක්: අනුරාධපුර විශේෂ මහාධිකරණයෙන් තීන්දුවක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.