සෙනසුරාදා, ජූනි 27, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයේ කාර්ය බහුලම වරායක පුපුරා ගිය නෞකාවේ විත්තිය… ( වීඩියෝ සහිතයි)

by editor
අගෝස්තු 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

චීනයේ කාර්යබහුලම වරායක්වන රටේ නැගෙනහිර Ningbo Zhoushan වරායේ අද සවස නෞකාවක් තුළ ප්‍රබල පිපිරීමක් සිදුවූයේය.

චීන රාජ්‍ය පුවත් ඒජන්සිය වන CCTV වාර්තා කළේ Ningbo Zhoushan වරායේ නැංගුරම්ලා තිබූ භාණ්ඩ ප්‍රවාහන නෞකාවක කන්ටේනරයක් පුපුරා ගිය බවය.

නැගෙනහිර චීන මුහුදේ පිහිටි Ningbo Zhoushan වරාය ජාත්‍යන්තර වෙළඳාම සඳහා ලෝකයේ කාර්යබහුලම වරායක් වන අතර චීන බොරතෙල් ආනයනය කරයි. වාර්ෂික ඇස්තමේන්තු වලට අනුව ඩොලර් ට්‍රිලියන 1ට වඩා වටිනා,  ටොන් බිලියන 1 කට අධික භාණ්ඩ ප්‍රමාණයක් සෑම වසරකම මෙම වරාය හරහා ගමන් කරයි.

චීනයේ ප්‍රධාන නැගෙනහිර මධ්‍යස්ථානය වන ෂැංහයි ඇතුළුව යැංසි ගංගා ඩෙල්ටාවට ද වරායේ සේවය ලැබේ.

පුපුරා යෑම

චීන සමාජ මාධ්‍ය වෙබ් අඩවියක් වන Weibo හි මේ පිපිරී යෑමේ සිදුවීමට අදාල රූප රාමු සීග්‍රයෙන් පැතිරී ගියේය. අනතුරුව රාජ්‍ය ප්‍රවෘත්ති ආයතන විසින් සිද්ධිය පිළිබඳ ඡායාරූප සහ වීඩියෝ දර්ශන විකාශය කළේය. එම පින්තූරවලින් පෙන්නුම් කළේ දේශීය වෙලාවෙන් පස්වරු 1:40 ට පමණ වරායේ නවතා තිබූ YM Mobility නෞකාවෙන් දුමක් නැගෙමින් තිබී ඉන් අනතුරුව විශාල පිපිරීමක් සිද්දවන ආකාරය ය.. වීඩියෝවල විශාල ගිනි බෝලයක් සහ අඳුරු දුමාරයක් එකවර අහසට පොලා පනින ආකාරය පෙනුණි.

RelatedPosts

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

චීන සමාජ මාධ්‍ය තුල මේ සිදුවීම සංසරණය වී තිබුනේ මෙසේය.

;

YM Mobility නෞකාව

ලයිබීරියාවේ ධජය සහිත YM Mobility නෞකාව තායිවාන නැව් සමාගමක් වන Yang Ming Marine Transport Corp සමාගමට අයත් නෞකාවකි.

නෞකාව අඩි 1000 ක් දිගය. අඩි 130 ක් පළලය. එහි ධාරිතාව ටොන් 81,000 කි. නැව්ගත කිරීමේ වාර්තා පවසන්නේ මෙම නෞකාව චීනය සහ මැද පෙරදිග අතර භාණ්ඩ රැගෙන යන බවයි.

MarineTraffic වෙබ් අඩවිය විසින් අල්ලා ගන්නා ලද GPS දත්ත මගින් පිපිරීමෙන් පැය කිහිපයකට පසු හානියට පත් බහාලුම් නෞකාව අසල ස්ථානගත කර ඇති ගලවා ගැනීමේ ටග් යාත්‍රා ගණනාවක් පෙන්නුම් කර ඇත.

නාවික ගමනාගමන වාර්තාවලට අනුව අගෝස්තු 8 වන දින Ningbo වෙත පැමිණීමට පෙර මෙම නෞකාව බදාදා ෂැංහයි හි නැංගුරම් ලා ඇත.

ඒ දකුණු චීන මුහුදට සහ ඉන්දියන් සාගරයට පිටත්වීමට පෙර චීනයේ නැඟෙනහිර වෙරළ තීරයේ ඇති තවත් වරාය දෙකක් වෙත ගමන් කිරීමට නෞකාවට නියමිතව තිබූ බැවිනි.

පිපිරීමේ ප්‍රතිඵල

සෙයිජියාන් හි සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය පැවසුවේ නැව් තටාකයේ සේවකයින් සහ නැව් කාර්ය මණ්ඩලයට කිසිදු හානියක් වාර්තා වී නොමැති බවයි. ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා පැවසුවේ පිපිරුමේ කම්පන තරංගය සැතපුම් භාගයකට වඩා වැඩි දුරකට දැනුණු බවත්, පිපිරීමෙන් අසල පිහිටි කාර්යාල ජනේල කැඩී ගිය බවත් ය.

වැඩි විස්තර ලබා නොදී යාත්‍රාවේ 5 පන්තියේ අන්තරායකර භාණ්ඩ ප්‍රවාහනය කළ බව බලධාරීහු පැවසූහ. ගුවන් සහ මුහුදු භාණ්ඩ ප්‍රවාහනය පිළිබඳ චීන රෙගුලාසි අනුම මෙම කාණ්ඩය යටතේ ඔක්සිකාරක ද්‍රව්‍ය සහ කාබනික පෙරොක්සයිඩ් ලැයිස්තුගත කරයි.

මූලික සොයාගැනීම් උපුටා දක්වමින් රාජ්‍ය ප්‍රවෘත්ති ඒජන්සි පැවසුවේ නෞකාවේ තිබූ එක් බහාලුමක් ගිනිගෙන ඇති නමුත් හේතුව තවමත් විමර්ශනය වෙමින් පවතින බවය.

නෞකාව අයත් Yang Ming Marine Transport සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ අදහස් දක්වා තිබුණේ නැත .

චීනයේ සමුද්‍රීය ආරක්ෂණ පරිපාලනය සිද්ධිය සම්බන්ධව වහාම ප්‍රතිචාර දක්වා නැත.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ශානිගේ ජීවිත තර්ජන ගැන හෙළි කළ රහස් වාර්තාව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග

Next Post

රට ගොඩදාන්න සෙට් වුන කාන්තාවන් තුන්දෙනා ගැන ජනපති හෙළි කරයි!

Related Posts

පුවත්

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026
පුවත්

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026
පුවත්

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!

ජූනි 26, 2026

ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!

ජූනි 26, 2026

“ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

ජූනි 26, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • විජේදාස රාජපක්ෂ… රට වඳ බැස්සවූ දේශපාලන ව්‍යාධියේ විසඝෝර කිණිතුල්ලා අනාවරණය වීම!

    172 shares
    Share 69 Tweet 43
  • නීතිය පසෙක තබා ස්පා ගෑනු වීඩියෝ කර මාධ්‍යයට මුදා හරින පිම්පි පොලිසිය ගැන රෝහිනී කවිරත්න පාර්ලිමේන්තුවේ දී ප්‍රශ්න කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • රඛිතගේ පාතාල කප්පම් නඩුවට නීතිඥවරු වෙනුවෙන් පෙනී ඉන්න ගිය ගුණරත්න වන්නිනායක ඇදගෙන නා ගනී!
  • ජාතියේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක අංශ සාමාජිකයෙක් ගන්නා පියවරක දී ඔවුන් රැකගන්න රජයක් ලෙස අප බැඳී ඉන්නවා… ජනපති කියයි!
  • “ඕළුගල මෙහෙයුම” සහ ශ්‍යාමාගේ මරණය සැඟවීමට සැකකරුට උදවු කළ පොලිස් සගයාගේ කතාව…

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.