බ්‍රහස්පතින්දා, ජූලි 16, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීනයෙන් ශ්‍රී ලංකාවට සුඛෝපභෝගී විදුලි බස් රථ 100ක්… චීන තානාපති මහා නායක හිමිවරුන්ට කියයි!

by editor
ජනවාරි 23, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

සේල කුරුළුවංශ –

ඉන්ධන භාවිතයෙන් ශ්‍රී ලංකාවේ සිදුවන පරිසර දූෂණය අවම කිරීම සඳහා චීනය විසින් විදුලියෙන් ක්‍රියා කරන සුඛෝපභෝගි බස් රථ 100 ක් ශ්‍රී ලංකාවට ලබාදෙන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී වොන් හොංග් මල්වතු අස්ගිරි උභය මහා විහාරීය මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේ දෙනම හමුවේ පැවසුවේය.

මෙම බස් රථයක මිල ඇමරිකානු ඩොලර් දෙලක්ෂ විසිපන්දහසක් බවද ඔහු කීවේය.

චීන තානාපතිවරයා ඊයේ (22) මහනුවරට පැමිණ මල්වතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහනාහිමියන් සහ අස්ගිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහනාහිමියන් බැහැදැක ආශිර්වාද ලබා ගත්තේය.

අනතුරුව මහනායක හිමිවරු හමුවේ අදහස් දැක්වූ චීන තානාපතිවරයා මෙසේද පැවසුවේය.

“මෙම බස් රථ මහනුවර, ගාල්ල හා කොළඹ ප්‍රදේශයන්හි ධාවනය සඳහා තමයි ලබා දෙන්නේ. මේ රටේ විදුලි වාහන භාවිතය වැඩි කරන්න චීනය උපරිම සහයෝගය දෙනවා. දැන් චීනයේ වැඩියෙන්ම භාවිතා කරන්නේ විදුලි වාහනයි. දිට්වා සුළි කුණාටුවෙන් අඩාල වූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය නගා සිටුවීමට චීනය පූර්ණ සහයෝගය ලබා දෙනවා. ”

RelatedPosts

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

“ශ්‍රී ලංකාවේ වත්මන් ආණ්ඩුව සමඟ චීනය ඉතාමත්ම සහයෝගයෙන් අන්‍යෝන්‍ය අවබෝධයකින් යුක්තව කටයුතු කරනවා. ශ්‍රී ලංකාවට විපතක් වන ඕනෑම අවස්ථාවක චීනය ඒ වෙනුවෙන් පෙනී සිටිමින් පූර්ණ සහයෝගය ලබා දෙනවා. නුවරඑළිය, නුවර හා බදුල්ල යන දිස්ත්‍රික්කවල ආපදාවට පත් වූ පාලම් හා මහා මාර්ග ප්‍රතිසංස්කරණය කර දෙන ලෙස ශ්‍රී ලංකා රජය ඉල්ලීමක් කළා. මේ සම්බන්ධයෙන් සොයා බලා කටයුතු කිරීමට විෂය සම්බන්ධ විශේෂඥයන් 06 දෙනෙකු ශ්‍රී ලංකාවට පැමිණියා. මහනුවර, නුවරඑළිය හා බදුල්ල දිස්ත්‍රික්ක වල බහුතර මහාමාර්ග හා පාලම් මේ වන විට ප්‍රතිසංස්කරණය කොට හෝ ප්‍රතිසංස්කරණය කරමින් පවතින බව දැන ගන්නා ලැබුණා. එනිසා ඒ කණ්ඩායම මේ වනවිට ලංකාව පුරා සංචාරය කරමින් හානියට පත් මාර්ග හා පාලම් නිරීක්ෂණය කරනවා.

නවීන තාක්ෂණය භාවිතකර ප්‍රතිඵලදායී ආකාරයෙන් මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරන්නට චීන රජය සහයෝගය දෙනවා. ලෝකයේම මහා මාර්ග ඉදිකිරීම සම්බන්ධයෙන් ප්‍රමුඛ විශේෂඥ දැනුම ඇත්තේ චීනයට බව කවුරුත් දන්නවා.

ඒ වගේම ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටුවීම සඳහා චීනයේ විශේෂ අවධානය යොමු වෙලා තිබෙනවා. ඒ සඳහා පූර්ණ සහයෝගය ලබා දෙනවා. අපි වාර්ෂිකව පාසල් ළමුන්ගේ නිල ඇඳුම් සඳහා අවශ්‍ය සුදු රෙදි ලබා දෙනවා. මෙම වසරේ නිල ඇඳුම් සඳහා සුදු රෙදි මීටර් කෝටි එකහමාරක් ලබා දුන්නා. ඒ වගේම තමයි පාසල් 500 කට ස්මාර්ට් පන්ති කාමර 900 ක් ලබා දුන්නා. ඉදිරියටත් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය නගා සිටීම සඳහා විශාල වශයෙන් සහයෝගය ලබා දෙනවා. ලංකාවේ මහා මාර්ග පද්ධතිය වගේම, ආර්ථිකය හා ව්‍යාපාර නගා සිටුවන්න චීනයේ උපරිම සහයෝගය ලබා දෙනවා.

Tags: නවතම
Share69Tweet43
Previous Post

GMOA පැය 48ක  දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරයි… විසඳුම් නොලැබුනොත් අඛණ්ඩ වර්ජනයකට යන බවට රජයට දන්වයි!

Next Post

රණතුංග දෙබෑයන්ගේ පැටිකිරිය අධිකරණය ඉදිරියේ දිගහැරෙන හැටි!

Related Posts

පුවත්

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026
පුවත්

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026
පුවත්

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

ජූලි 16, 2026

මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!

ජූලි 16, 2026

පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

ජූලි 16, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…
  • මොන උද්ඝෝෂණ කලත් වී සහතික මිල වෙනස් කරන්නේ නෑ – ඇමති ලාල් කාන්ත ස්ථිරවම කියයි!
  • පාස්කු ප්‍රහාරය: සුරේෂ් සලෙයිගේ පෙත්සමට එරෙහිව මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගෙන් මැදිහත්කාර පෙත්සමක්

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.