කීර්ති ප්‍රනාන්දු –
සයිනොෆාම් එන්නත් මාත්‍රා විසිතුන් ලක්ෂයක් අද අලුයම මෙරටට පැමිණියේය.
මෙම එන්නත් තොගයෙන් මාත්‍රා ලක්ෂ 20ක් ශ්‍රී ලංකාව මිල දී ගත් ඒවාය.
ඉතිරි ලක්ෂ තුන චීන මහජන විමුක්ති හමුදාව විසින් ලංකාවේ හමුදාවට කළ පරිත්‍යාගයකි.
චීනයේ බෙයිජින් නුවර සිට ශ්‍රී ලංකන් ගුවන් සේවයේ යූ.එල්. 869 දරන විශේෂ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයෙන් අද අලුයම 5.20ට මෙම එන්නත් තොගය මෙරටට ආවේය.
එම එන්නත් ප්‍රමාණය භාර ගැනීම සඳහා ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න, යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයන් පිරිසක් ගුවන් තොටුපලට පැමිණ සිටියහ.







