තවමත් ශ්‍රි ලංකා මුහුදු තීරයේ රැඳී සිටින බලහත්කාර චීන පොහොර නැව එවූ චීන සමාගම ශ්‍රී ලංකා ජාතික ශාක නිරෝධායන සේවයේ අතිරේක අධ්යක්ෂවරයා වෙත එන්තරවාසියක් එවා ඩොලර් මිලියන 08ක වන්දියක් ඉල්ලා ඇතැයි වාර්තා වේ.
විද්‍යාත්මක පරීක්ෂණ ප්‍රතිඵල උල්ලංඝනය කරමින් පරීක්ෂණ වාර්තා නිකුත් කිරීම සහ සාවද්‍ය පරීක්ෂණ ප්‍රතිඵල පිළිබඳ වැරදි ප්‍රචාරණ සිදුකර තම සමාගම අපකීර්තියට පත් කිරීම සම්බන්ධව මෙම ඩොලර් මිලියන 08ක වන්දිය ජාතික ශාක නිරෝධායන ආයතනයේ අතිරේක අධ්යක්ෂ ජනරාල්වරයා ගෙන් ඉල්ලා ඇත.
එන්තරවාසිය ලැබී දින තුනක් තුළ අදාල වන්දිය ගෙවිය යුතු බව ද එහි සඳහන් වේ.
මෙම චීන කාබනික පොහොරවල අහිතකර ක්ෂුද්රජීවීන් සිටින බව අවස්ථා තුනක දී තහවුරු කර සහතික වී තිබෙද්දී එය ප්‍රතික්ෂේප කළ විටත් බලහත්කාරයෙන් කොළඹ වරායට පොහොර තොගය සහිත නැව ඇතුලු කිරීමට උත්සාහ කළේය. ඒ උත්සාහයට චීන තානාපති කර්යාලයත් වක්රකාර සහයෝගයක් දැක්වූයේය.
එහෙත් කෘෂිකර්ම අධ්‍යක්ෂජනරාල්වරයාගේ නිර්දේශ පිට ශ්‍රී ලංකාවේ ප්‍රධාන නෞකාධිපතිවරයා මෙම නැව කිසිම වරායකට ඇතුළු නොකරන ලෙස නියෝග කළේය. දකුණු මුහුදේ නවතාගෙන සිටි “HIPPO SPIRIT” නෞකාව අනතුරුව සිංගප්පූරුව දෙසට හැරවූ බව කීවත් මේ වනවිට කළුතර බේරුවල මුහුදු සීමාවේ නැංගුරම් ලා ඇති බව Marine Traffic වෙබ් අඩවිය වාර්තා කරයි.







