ශ්‍රී ලංකාවේ චීන තානාපති කියු සෙන්හොන්ග් සහ අධ්‍යාපන ඇමති දිනේෂ් ගුණවර්ධන අතර හමුවක් අද (05) බත්තරමුල්ල ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේදී සිදුවී ඇත.
චීන ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල අතර අන්තර් හුවමාරු අධ්‍යයන ක්‍රමවේදයන් ඇති කිරීම මෙන් ම ශ්‍රී ලංකාවේ ග්‍රාමීය පාසල්හි තොරතුරු තාක්ෂණ පහසුකම් දියුණු කිරීමට චීනයෙන් ලබාගත හැකි සහයෝගයන් පිළිබඳව මෙහිදී සංවාදයට ලක් කෙරුණු බව අධ්‍යාපන අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය නිවේදනය කර ඇත.
ශ්‍රි ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් කෘෂි තාක්ෂණික විශ්ව විද්‍යාලයක් හම්බන්තොට ස්ථාපිත කිරීමට චීන රජයෙන් ඉල්ලා ඇති අතර ඉන් ශ්‍රී ලාංකික කෘෂිකර්ම සංවර්ධනයට ඉතා ශක්තියක් වන බවත් ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කරන ලෙසත් අමාත්‍යවරයා තානාපතිවරයාගෙන් ඉල්ලා ඇත.
විශ්වවිද්‍යාල මෙන් ම දෙරටේ විද්‍යාපීඨ හා පාසල් අතර ද අන්තර හුවමාරු සබඳතා ඇති කිරීම කෙරෙහි ද අවධානය යොමු කරන ලෙස අමාත්‍යවරයා ඉල්ලා තිබේ. ඒ සඳහා නියමු ව්‍යාපෘතියක් සඳහා පාසල් ප්‍රමුඛතාවයක් ලබා දෙන මෙන් තානාපතිවරයා ඉල්ලා ඇතැයි ද මාධ්‍ය නිවේනයේ සඳහන්ය.
එමෙන් ම හම්බන්තොට වරාය හා කර්මාන්තපුරය පිළිබඳව පිරික්සීමේ දී ශ්‍රී ලංකාවට දීප්තිමත් අනාගතයක් කරා යා හැකි මංපෙත් විවර වී ඇති බව තානාපතිවරයා පවසා ඇත.







