බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චීන කුණු පොහොර තොගයට ඩොලර් ලක්ෂ හැට හතක් වන්දි ගෙවන්නේ අදයි….

සර්.. ඉතිහාසගත දවසක්....

by editor
ජනවාරි 7, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මිනිස්සු හාමතේය. අත්‍යාවශ්‍ය ආහාරද්‍රව්‍ය ටික ආනයනය කරගැනීමට ප්‍රමාණවත් ඩොලර් ටික නැත.  ඩොලර් කළමනාකරණය කරගැනීම සඳහා සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමාය. ඒ සමගම ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 160ක ධාරිතාවක් සැපයූ තාප විදුලි බලාගාරය වැසී ගොසිනි. මේ වනවිට ගෙවීමට ඩොලර් රහිව ඉන්ධන නැව් තුනක් වරායේ නැංගුරම් ලාය.

එවැන් පසුබිමක චීන කුණු පොහොර තොගය වෙනුවෙන්  ඩොලර් හයකෝටි හැත්තෑ ලක්ෂකය වන්දිය ක්වින්ඩාවෝ සී වින් බයෝටෙක් සමාගම වෙත ගෙවන්නේ අදය.

එබැවින් අද සර් ගේ ආණ්ඩුවේ  “ඓතිහාසික“ දවසකි. අද දවස ඉතිහාසගත වීමට හේතු ගණනාවක් ඇත.

ඉතිහාසයේ මෙතෙක් වෙනත් රටකින් භාණ්ඩයක් ආනයනය නොකර  භාණ්ඩ ගෙනාවා බව කියන නැව  දුටු පමණින් ඊට  වන්දි  ගෙවීම    අනුමත කළ පළමු අවස්ථාව මෙයයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ශ්‍රී ලංකාව ඉතිහාසයක් සහිත කෘෂිකාර්මික රටකි. මේ රටේ පිස්සු කෙළි ඕනෑම අමන පාලකයෙකුට මේ මූලික අවබෝධය තිබිණි. තමන් කරන මුග්ධකම් සියල්ල කළේ මේ කෘෂිකාර්මික ව්‍යුහය ව්‍යසනයට ලක් කරන්නේ නැතිවය. තමන්ගේ ආර්ථික පදනම ගොඩනැගූ ඒ සංස්කෘතික කෘෂිකාර්මික පදනම සංස්කෘතික ලෙසත් ව්‍යුහාත්මක ලෙසත් තමන් අතින්ම විනාශ කිරීමට තිගැස්මකින් තොරව ලංකා ඉතිහාසය තුළ තීන්දු ගත් ප්‍රථම  අවස්ථාවත් මෙයය. මේ කටයුත්ත පියවි සිහියක් සහිතව සිටින මනුෂ්‍යයෙක් නම් කරනවා තබා කරන්නට හිතන්නේත් නැත.

චීන පොහොර තොගය ප්‍රතික්ෂේප වන්නේ මේ රට 2013 දී බලාත්මක කළ SLS1704 ප්‍රමිතිය ප්‍රකාරවය. එම ප්‍රමිතිය ප්‍රකාරව රට තුළට ක්ෂුද්‍රජීවීන් අඩංගු කිසිම ඝණ කාබනික කොටසක් ඇතුළත් කිරීම කළ නොහැකිය.  මේ රටට එවැනි කාබනික කොටස් රැගෙන විත් ශාඛ නිරෝධායන ආයතනය යටතේ ප්‍රතික්ෂේප වුණු එකම අවස්ථාව මේ පොහොර තොගය නොවේ. වර්ෂ 2013 සිට SLS1704 ප්‍රමිතියට පටහැනිව වෙනත් රටවලින්  කෘෂිකර්මාන්තයට සම්බන්ධව මෙරටට ගෙන්වූ  ද්‍රව්‍ය   ප්‍රතික්ෂේප වූ අවස්ථා දහස් ගණනක් මෙතෙක් වාර්තා වී ඇත.

ඒ සෑම අවස්ථාවකම ශ්‍රී ලංකාවේ නීති රෙගුලාසි ප්‍රකාරව   ප්‍රමිති ආයතනය සහ රටේ  කෘෂිකාර්මික විද්වතුන් ඉදිරිපත් වී එම   භාණ්ඩ පරීක්ෂාවෙන් පසුව නැවතත් ඒ ඒ රටවලට හරවා යවා තිබේ. එවැනි අවස්ථා අසීමිතය. ඒ එක රටක්වත් චීන්නු මෙන් මදාවිකම් කිරීමට හෝ වන්දි ඉල්ලීමට ඒ රටවල් සූදානම් වූයේ නැත. රටේ  නීති පද්ධතියට ගෞරව කරමින්  ඒ රාජ්‍ය තාන්ත්‍රික ශික්ෂණය ඔවුහු ආරක්ෂා කළහ.

කොටින්ම රාජ්‍ය තාන්ත්‍රික පරිත්‍යාග ලෙස මෙරට ජනපතිට සහ අගමැතිට ලැබෙන සුඛෝපභෝගී ආහාර ද්‍රව්‍ය අතරට වැටෙන පළතුරු තොගවත් SLS1704 ප්‍රමිතියට අනනුකූල නම් නිදහස් වන්නේ නැත. ඒ සියලුම අවස්ථාවල තත්ත්ව පරීක්ෂා කර ප්‍රමිතියට අනුකූල නොවෙයි නම් පර්යේෂණ මට්ටමින් ගිනි තබා විනාශ කළ අවස්ථා ඉහේ කෙස් ගානටය. .

එහෙත් ඒ සියල්ල ඉතිහාසයට එක් කරමින් අද අලුත් පිටුවක් පෙරළෙන්නේය. ණයවර ලිපි විවෘත කළ අවස්ථාවේ දී එහි රටේ ප්‍රමිතියට අනුකූල නොවන්නේ නම් කිසිම වන්දියක් නොගෙවන බවට ඇතුළත් විය යුතු මූලික කොන්දේසිය ඇතුළත් කීරීමට රටේ කුපාඩි දේශපාලකයන් කටයුතු කර නැත. ඒ නිසා ගෙවීම සිදුවීමට බල කෙරේ. මේ පොහොර ගනුදෙනුවේ අල්ලස් ඉල්ලීම් සම්බන්ධව ලෝකයට හෙළි කරන බව චීන පොහොර සමාගම මින් පෙර ප්‍රසිද්ධ ප්‍රකාශයක් කර තිබිණි. ඒ සමගම මේ දේශපාලකයන් කලබල වූ ආකාරය අපි දුටුවෙමු. රටේ    SLS1704 ප්‍රමිතිය වෙනස් කිරීමටත් ඔවුන් යෝජනා කළේය. එක් දේශපාලකයෙක් තවත් ඒ සඳහා සටනකය.

දැන්  චීන්නුනන්ට මුදල් ගෙවීමට ඇති නෛතික බාධා නැත. ඒ සඳහා පොහොර සමාගම් විසින් වාණිජ අධිකරණයේ දැමූ නඩුව දෙදිනකට පෙර ඉල්ලා අස්කරගෙන තිබේ.  මේ ගෙවන වන්දිය ඊලඟ පොහොර තොගයෙන් අඩුකරගන්නා ලෙස රජය කර ඉල්ලීමක් කර ඇත. ඒ  ඉල්ලීම මොනතරම් ඵලදායී දැයි අප දන්නේ නැත.

අරාජික නපුසංකකම් ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු.  එහෙත් එය සැබෑ ලෙසම අත්විඳ තිබුණේ නැත. ඉතිහාසය වෙනස් කරමින් අප මේ අත්විඳින්නේ එයය.

අප සර්ට කැමති කවදාවත් නොලැබුණ එවැනි අත්දැකීම් අපේ ජීවිත කාලය තුළ අපට ලබා දෙන නිසාය.

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

ටී 56 කතාව… මත්තල ගුවන්තොටුපලේ වෙච්චි දේ සිවිල් ගුවන්සේවා අධිකාරිය  කියයි!

Next Post

දෙමළ භාෂාව කතා කරන දේශපාලනඥ එකමුතුව ඉන්දියාවට යවන ලිපියට හකීම් – මනෝ අත්සන් කර නෑ…

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.