සෙනසුරාදා, ජූලි 18, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චාලි කර්ක් ඝාතන සැකකරු ටයිලර් රොබින්සන් මුල් වරට අධිකරණයේ පෙනී සිටී!

by editor
සැප්තැම්බර් 17, 2025
in පුවත්
Tyler-Robinson
Share on FacebookShare on Twitter

පසුගිය දා ඇමරිකාවේ ඌටා නිම්න විශ්වවිද්‍යාලයේ පැවති දේශනයක් අතර වෙඩි තබා ඝාතනය කළ, ට්‍රම්ප්ගේ තරුණ ඡන්දවල කේන්ද්‍රීය පුද්ගලයා ලෙස සැලකෙන චාලි කර්ක් ඝාතන සැකකරු වූ 22 හැවිරිදි උසස්විද්‍යාල ශිෂ්‍ය ටයිලර් රොබින්සන් එම ඝාතනය පිළිබඳව කෙරෙන පළමු නඩු විභාගය සඳහා මාර්ගගත ක්‍රමය ඔස්සේ ඊයේ (17) අධිකරණය වෙත ඉදිරිපත් කළේය. ඔහු අත් අඩංගුවට ගත් පසු අධිකරණය හමුවේ පෙනී සිටි ප්‍රථම අවස්ථාව මෙයය.

ඝාතන සැකකාර ටයිලර් මාර්ගගත ක්‍රමය ඔස්සේ අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඔහු විසින් සිය දිවි නසා ගැනීම වැලැක්වීම සඳහා ආරක්ෂිත කබායක් ද පැළඳවීමෙන් අනතුරුවය.  ටයිලර්  වඩාත් පැහැදිලිව දැක ගැනීම  සඳහා     ඔහුව කැමරාව ඉදිරියට ගෙනැවිත් තිබුණේ සුදු පසුබිම් තලයක ය .

Tyler-Robinson
ටයිලර් රොබින්සන් අධිකරණයට ඉදිරිපත් කර නඩුව අසන අවස්ථාව..

ටයිලර් රොබින්සන් අධිකරණයට ඉදිරිපත් වී තිබුණේ නීතිඥ සහායකින් තොරව. ඒ හේතුවෙන් ඔහු වෙනුවෙන් නීතිඥයෙක් පත් කිරීමට නඩුව විභාග කරන ඌටා අධිකරණය කටයුතු කළේය.

ඔහුට මිනීමැරුමක් සිදුකිරීම, බරපතල ශාරීරික තුවාල සිදු කරමින් ගිනි අවියක් භාවිතා කිරීම, යුක්තියට බාධා කිරීමේ චෝදනා දෙකක්, සාක්ෂිකරුවන්ට හානි කිරීමේ චෝදනා දෙකක් සහ දරුවන්  ඉදිරියේ ප්‍රචණ්ඩකාරී වරදක් සිදු කිරීම ඇතුළු චෝදනා හතක් නඩු පවරන්නන් විසින් ගොනු කර තිබිණි. මෙම චෝදනා  නඩුවේ අවසන් තීන්දුව පිළිබඳ බලපාන ප්‍රබල සාක්ෂි සහිතවන ආකරය  “  විනිසුරු ටෝනි  ග්‍රාෆ් විස්තර කළේය.

රොබින්සන් නඩු විභාගය අතරතුර කතා නොකළ අතර විනිසුරුවරයා දිගු චෝදනා ලැයිස්තුව කියවන විට කිසිදු ප්‍රකාශිත හැඟීමක් ප්‍රදර්ශනය නොකළ බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි..

RelatedPosts

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ඌටා ප්‍රාන්තයේ මිනීමැරුමක් සඳහා ලබා දෙන ඉහළම දඬුවම මරණීය දණ්ඩනය බවත්. ටයිලර් රොබින්සන්ට මරණීය දණ්ඩනය ඉල්ලා   ලේඛනයක් ද ගොනු කරන බවත් ඌටා ප්‍රනාත්යේ අභිචෝදකයෙක් වූ නීතිඥ ජෙෆ් ග්‍රේ මාධ්‍යයට පවසා තිබිණි.

“අපි මරණ දඬුවම ඉල්ලා සිටින නිසා, විත්තිකරු ඇප නොමැතිව උටා ප්‍රාන්ත බන්ධනාගාරයේ දිගටම රඳවා තබනු ඇත,” ග්‍රේ තවදුරටත් පැවසීයෙ

කෙටි නඩු විභාගය අතරතුර, විනිසුරු ටෝන් ග්‍රාෆ්, චාලි කර්ක්ගේ වැන්දඹුව වන එරිකා කර්ක් සඳහා “ආරක්ෂිත නියෝගයක්” ද අනුමත කළේය.

සිරගතව සිටින රොබින්සන්ට කිසිදු ආකාරයකින් කර්ක් සම්බන්ධ කර ගැනීම මෙම නියෝගයෙන් තහනම් කර ඇත.

එරිකා කර්ක් පසුගිය සතියේ ඇගේ පළමු ප්‍රසිද්ධ ප්‍රකාශය කළේ ඇගේ සැමියාගේ මෙහෙවර දිගටම කරගෙන යාමට පොරොන්දු වෙමිනි.

“ඔබ මේ බිරිඳ තුළ ඇති කළ ගින්න ඔබ දන්නේ නැහැ,  මේ වැන්දඹුවගේ කෑගැසීම් ලොව පුරා සටන් කෑගැසීමක් මෙන් දෝංකාර දෙනු ඇත.” ඇය කීවාය.

විනිසුරු ටෝනි ග්‍රාෆ් රොබින්සන්ට ඊළඟ නඩු විභාගය සැප්තැම්බර් 29 වන දින දේශීය වේලාවෙන් පෙ.ව. 10 ට   පැවැත්වෙන බව පැවසීමෙන් පසු කෙටි නඩු විභාගය කල් දැමිනි.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ආණ්ඩුවෙ මැති ඇමතිවරුන්ගේ වත්කම් ගැන සැකයක් තියනවා නම් නීතිය ඉදිරියට යන්න… නීතිය අපටත් එකයි… කාටත් එකයි… ඇමති ලාල් කියයි!

Next Post

ලඟදීම ලංගමට කාන්තා රියදුරන් සහ කොන්දොස්තරවරියන්… ඇමති බිමල් කියයි!

Related Posts

පුවත්

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer
පුවත්

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!

ජූලි 17, 2026
Police-Officer

හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!

ජූලි 17, 2026
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ක්‍රිකට් ලොව අග්‍රගන්‍ය තරුවක් නිවී යයි: සර් ගාර්ෆීල්ඩ් සෝබර්ස් අභාවප්‍රාප්ත වෙයි!
  • හරක්කටා බේරීමේ කෝටි 12 අල්ලස පොලිස් ලොක්කන් අතරත් බෙදී ගිහින්! හිමිනමකගේ සම්බන්ධයකුත් එළියට – සැකකරුවන් තවදුරටත් රක්ෂිත බන්ධනාගාරයට!
  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.