ශ්‍රියානි විජේසිංහ –
ලංගම ප්‍රවාහන සේවයට ඉදිරියේ දී කාන්තා රියදුරන් සහා කොන්දොස්තරවරියන් බඳවා ගන්නා බවත් බස් ඩිපෝ 25ක් නවීකරණය කිරීමට කටයුතු කර ඇති බවත් ප්‍රවාහන, මහා මාර්ග , වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසයි.
ඊයේ (16) කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ අගමැතිවරියගේ ප්‍රධානත්වයෙන් පැවති දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීමට එක් වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.
මේ රටේ ලංගම විනාශ කළේ දේශපාලඥයින් සේම එය නැවත ගොඩ නැගිය යුත්තේ ද දේශපාලඥයින් විසින්ම යැයිද ලංකාවේ ලංගම ඩිපෝ අඩුපාඩුවලින් අඩුවක් නොමැති මිහිපිට අපායක් යැයිද බිමල් රත්නායක ඇමතිවරයා කීවේය.
වර්තමානය වන විට ලංගම සේවක හිඟයට පිළියම් වශයෙන් රියදුරන් හා කොන්දොස්තරවරු 750 ක් අලුතින් බඳවා ගැනීමට කටයුතු කරන අතර ලංගම නැවත ගොඩදමා ලාභ ලබන ආයතනයක් බවට පත්කරන බවද ඇමතිවරයා කීවේය.







