මාධ්‍යවේදී චමුදිත සමරවික්‍රමගේ පිළියන්දල පිහිටි නිවසට ප්‍රහාරයක් එල්ල කිරීමට නාඳුන පුද්ගලයන් පැමිණි වැගන් ආර් මෝටර් රථය ගිය මඟ සොයා අවට සවිකර ඇති සීසීටීවී කැමරා දර්ශන ඔස්සේ පොලිස් විමර්ශන ආරම්භ වී තිබේ.
එමෙන්ම ප්‍රහාරය සිදුවූ වේලාව හා සසඳමින් ආසන්නතම දුරකතන කුළුණුවල සංඥා ඔස්සේ ඇමතුම් ලබාගත් දුරකතන අංක සම්බන්ධයෙන් ද විමර්ශන ආරම්භ කර ඇති බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.
මෙම ප්‍රහාරය සඳහා පැමිණි පුද්ගලයින් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ ප්‍රධානත්වයෙන් විමර්ශන පැවැත්වේ.
සබැඳි පුවත්
“හිතාගන්න බැරි මහා සද්දයක් ආවා.. නැගිටල බලනකොට ගේ පුරා අසූචි” – චමුදිත







