අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චම්පික ගේ යෝජනාව… වැස්ස වැටෙන මැයි මැද තෙක්  රට වසා දමන්න.!

by editor
අප්‍රේල් 1, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මේ අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යමින් රට වසා දැමීමට කටයුතු කළ යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් ඔහු පවසන්නේ විදුලිබල මණ්ඩලය වහාම විශේෂඥ මණ්ඩලයකගේ පාලනයට භාර දිය යුතු බවය.

“රටේ හැත්තෑ පන් ලක්ෂයක් විදුලි පරිභෝගිකයන්ට දැන් අඳුරු යුගයක් උදාවෙලා තියෙනවා. දවසේ පැය විසි හතරෙන් පැය දහතුනක් විදුලිය නොමැති රටක අද අපිට ජීවත් වෙන්න වෙලා තියෙනවා.  කාර්යාල, රජයේ කාර්යාල, පුද්ගලික කාර්යාල කිසිම වැඩක් කෙරෙන්නේ නැති තැන් බවට පත් වෙලා. කර්මාන්තශාලා වැහිලා ගිහිල්ලා. කුඩා හා මධ්‍ය පරිමාණ වෙළඳ ස්ථාන සම්පූර්ණයෙන්ම අනාථ භාවයට පත්වෙලා. විශේෂයෙන්ම වායු සමීකරණ යන්ත්‍රවලට අමතරව ශීතකරණ භාවිතාවෙන් ආහාර හා ඖෂධ කල් තබා ගත්ත ස්ථාන අද ඉතාමත්ම භයානක අර්බුදයකට ගොදුරු වෙලා. ආහාරවල ප්‍රමිතිය පිළිබඳ, ඖෂධවල ප්‍රමිතිය පිළිබඳ බලගතු ප්‍රශ්න මතුවෙලා තියෙනවා.

මේ නිසා ඉහළ ගණයේ සුපිරි වෙළඳසැල් හැරෙන්න, කුඩා පරිමාණයේ වෙළඳසැල් හාර ලක්ෂයකට අධික ප්‍රමාණයක් අද මේ භයානක ව්‍යසනයට ගොදුරු වෙලා. ඒ වගේම රටේ තිබුණු දස ලක්ෂ සංඛ්‍යාත කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සියල්ලම අද වැනසී යන තත්වයකට පත්වෙලා. විදුලිබල පද්ධතියේ අභියෝගය නිසා.

අද විදුලිබල පද්ධතියේ මේ අර්බුදය පැන නැගිලා තියෙන්නේ තෙල් ලබා නොදීම නිසා ඉන්ධන වලින් දුවන බලාගාර අක්‍රිය වීම නිසා. ඒක ඇතැම් තෙල් ලබාදීමෙන් පස්සේ විසඳාගන්න පුළුවන් කියන හැඟීම මේ ආණ්ඩුවේ ඇතැම් නායකයින්ට තියෙනවා. නමුත් දැන් මේ ආණ්ඩුවේම ක්‍රියාකාරීත්වය හා නියෝග නිසා ලංකා විදුලිබල මණ්ඩලය බරපතල අර්බුදයකට මුහුණ දීලා තියෙනවා.

විදුලිබල පද්ධතියේ පරිණාමය වුණේ ජල විදුලි පද්ධතියත් එක්ක. ඒ නිසා විදුලිබල පද්ධතියේ පාලනය,  නියාමනය සිද්ධ කරන්නේ ජල විදුලි බලාගාරත් එක්කයි. මේ අවුරුද්ද මුලදී 88% ක ජල අස්වැන්නක් අපට විටින් විට මගේ කට වචනය චක්‍රලේඛණය කරගන්න කියපු ඒ හැඟීමත් එක්ක අහවල් දවසේ විදුලිය දෙනවා. අසුවල් තැන් වලට විදුලිය දෙනවා. අපේ ගෙවල් වලට විදුලිය කපන්න එපා. ආදී වශයෙන් ආපු නියෝගත් එක්ක අද සිද්ධ වෙලා තියෙන්නේ මොකක්ද? අද ජල විදුලි සම්පත  සීයට විසි ගණනක සීමාවට ඇවිල්ලා තියෙනවා. ප්‍රධාන ජලාශ වන මාවුස්සාකැලේ කාසල්රී කොත්මලේ හා වික්ටෝරියා ජලාශ තව දුරටත් පාලනය කරන්න බැරි තත්වයට පත්වෙලා තියෙනවා. ඒ මගින්  විදුලිබල පද්ධතිය පාලනය කිරීම සංඛ්‍යාත පාලනය කරගත නොහැකි තත්වයට පත්වෙමින් තියෙනවා.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

ඒ අනුව මේ විදිහට රට ගියොත් අප්‍රේල් මාසේ 10 වැනිදායින් පසු ඩීසල් තිබුණත් දැවිතෙල් තිබුණත්, ගල් අඟුරු තිබුණත්, විදුලිබල පද්ධතිය සමස්තයක් හැටියට ඇද වැටෙන්න නියමිතයි. ඒ නිසා අපි රජයෙන් මේ වෙලාවේ ඉල්ලා සිටිනවා වහාම තාක්ෂණික විසඳුම් හොයාගන්න. මැයි මාසේ මැදදි වර්ෂා කාලය එළඹෙන තෙක් සම්පූර්ණයෙන්ම රට වසා දමන්න. ඒ දක්වා අපේ මේ තිබෙන අවම ජල සම්පත අපි රැකගත යුතුයි. මොකද ජලය විදුලිය නිපදවන්නම නෙවෙයි. පානීය ජලයට තමයි මූලිකත්වය. කෘෂිකර්මාන්තයට තමයි දෙවෙනි මූලිකත්වය. තුන්වැනි තැන තමයි ජල විදුලි නිෂ්පාදනයට තියෙන්නේ. ඒ නිසා විදුලිබල පද්ධතිය බේරා ගැනීමට ජල විදුලිය නොවී වෙනත් උපක්‍රම තියෙනවා. නමුත් රජය කිසිම උනන්දුවක් ඒ වෙනත් තාක්ෂණික උපක්‍රම සඳහා මේ වන තෙක් යොමු කරලා නෑ.

ඒ නිසා දැන් සිදුකළ යුතු එක ම දේ ව්‍යාජ විදියට රට ගෙනියන්න උත්සාහ කිරීම නෙවෙයි. “දැනට මැරුණේ 14 දෙනයි. රට වහන්න අවශ්‍යතාවක් නෑ. රෝගය ජයගන්නවා අපි කියලා හිටපු ඒ අභිමානය වගේ අභිමානෙකින් ක්‍රියා කරන්නෙ නැතිව  ජනාධිපතිගෙන්, අගමැතිගෙන් ඉල්ලා සිටින්නේ වහාම රට වහලා දාලා අත්‍යවශ්‍ය සේවා පමණක් පවත්වාගෙන යන්න. ජල විදුලි ප්‍රශ්නය විසඳෙනකන්.

නොඑසේ නම් ලංකා විදුලිබල මණ්ඩලයට නියෝගයක් දෙන්න. ජල විදුලියෙන් නොවන ක්‍රමයකට මේ විදුලිබල පද්ධතිය පාලනය කිරීමේ, නියාමනය කිරීමේ ක්‍රමවේද  වලට වහාම යොමු වෙන විදිහට. එහෙම නැතුව විදුලිබල පද්ධතිය සම්පූර්ණයෙන්ම අකර්මණ්‍ය වෙලා විසි හතර පැයම විදුලිය නැති තත්වයක් ආවොත් එයට ජනාධිපති, අගමැති සම්පූර්ණයෙන්ම මේ ආණ්ඩුව වගකිව යුතුයි.

අපි මේ අර්බුදය ජය ගත්තේ නැත්නම් සමස්ත විදුලිබල පද්ධතිය අප්‍රේල් මැදදී විනාශ වෙන්න ඉඩකඩ බොහොමත්ම වැඩියි.

අපි  ජනතාවගෙන් ඉල්ලනවා ජනතාව තවත් දුක් විඳිය යුතු නැහැ. ජාවාරම්කාර පවුලක්, ඒ ජාවාරම්කාර පවුලත් එක්ක ගැටගැහුණු ජාවාරම්කාර ව්‍යාපාරික පන්තියක ජාතික මංකොල්ලයකට අපි සහ දරුවෝ දුක් විඳිය යුතු නැහැ. ඒ නිසා අපේ දරුවෝ, අපේ අනාගතය අපි අවිහිංසාවාදීව, ප්‍රජාතන්ත්‍රවාදීව ක්‍රියා කළ යුතු මොහොත, කාලය එළඹිලා තිබෙනවා.

මේක කරන්න තිබුණේ ජනවාරි මාසයේ විතර. නමුත් උද්දච්චකම විසින් රටේ කෘෂිකර්මාන්තය විනාශ කළා වගේ, රටේ තේ කර්මාන්තය විනාශ කළා වගේ, රටේ ඉන්ධන සැපයුම විනාශ කළා වගේ රටේ විදුලිබල පද්ධතියත් විනාශ කරලා ඉවරයි. විදුලිබල පද්ධතිය නැවත ගොඩ ගැනීමට නම් මේ ප්‍රතිචාරය සිදු කළ යුතුමයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

අයි.එම්.එෆ්. සරණං ගච්චාමි!

Next Post

තමන්ගේ ගෙදර බත ඉදෙන හැටිවත්  නොදන්නා ඇමති කෙනෙක්!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.