බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චන්ද්‍රිකාගේ මළ පෙරේතකම ගැන දයාසිරි කියපු කතාව…

by editor
අප්‍රේල් 11, 2024
in පුවත්
Share on FacebookShare on Twitter
  • නීති විරෝධීව නිමල් සිරිපාල පත් කරගෙන මේ යන ගමනෙ දි ඉතිරි වෙන්නේ නිදිකුම්බා නායකයෙක් යටතේ රජයට පවරාගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක්…

චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග   මෛත්‍රිපාල සිරිසේනට එරෙහිව ගොනු කර ඇති නඩුවේ වගඋත්තර කරුවෙක් කර සිටින නිමල් සිරිපාල ද සිල්වා පක්ෂයේ වැඩ බලන සභාපතිවරයා බවට පත් කරන්නේ කුමණ පදනමකින්දැයි ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් දයාසිරි ජයසේකර අද මාධ්‍ය හමුවක් කැඳවමින් ප්‍රශ්න කළේය.

දේශපාලන ජීවිතයේ යන්නට හැකි ඉහළම තැනට ගිය පසුත් චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග විසින් අත් නොහැර එල්ලී ගෙන මේ ප්‍රදර්ශනය කරන්නේ ඇයගේම භාෂාවෙන් කිවහොත් මළපෙරේතකම යැයි කී දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා අවස්ථා ගණනක දී පක්ෂය දෙකඩකළ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මෙවර උත්සාහ කරන්නේ පක්ෂය වළ දැමීමට බව පැවසුවේය.

දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා මෙසේ ද පැවසුවේය.

“ කොළඹ  දිසා අධිකරණයේ නඩුවක් පවරලා තියනවා… චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය තමයි මේ නඩුව පවරන්නේ. ඒ නඩුවේ තුන්වැනි විත්තිකරු  වෙන්නේ නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා. හතරවන වගඋත්තර කරු ජනාධිපති නීතිඥ ෆයිස්ර මුස්තාපා.  මේ දෙන්නම ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු විදිහට තමයි දැන් වැඩ කරන්නේ.

ඒකෙ වගඋත්තර කරුවෙක් වන නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමාව ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ වැඩ බලන සභාපති කරනවා. මොකක්ද එතකොට මේකේ වැදගත්කම. ඔහුටත් විරුද්ධව නේ මේ තහනම අරන් තියෙන්නේ එහෙමනම්.

RelatedPosts

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට පක්ෂයේ සභාපති ලෙස වැඩ කරන්න බැරිනම් නිමල් සිරිපාල ද සිල්වා මහත්මයා කොහොමද පක්ෂයේ වැඩ බලන සභාපති වෙන්නේ. එතුමා නිදාගෙන හිටිය ද දන්නේ නෑ එතුමා සභාපති කරනකොට. නැතිනම් එතුමා දැනගන්න  ඕන නෙ. අපි දන්නාව එතුමට නින්ද යනවා.

මේ කරන්න හදන්නේ 18 වැනිදාට නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමත් ෆයිසර් මුස්තාපා මැතිතුමත් මෛත්‍රීපාල සිරිසේන මහත්තයට තියන චෝදනා පත්‍රය පිළිගන්න තැනට ඇෆිඩවිට් එකක් දීලා වැඩේ පටන් ගන්න.    මේ දෙන්නව දාන්නේ ඇයි. ඉදිරි කුමන්ත්‍රණකාරී ක්‍රියාවලියකට සම්බන්ධ කරගැනීම සඳහා.

එක පැත්තකින් චන්ද්‍රිකා කුමාරතුංග මහත්මියත් එක්ක කුමන්ත්‍රණ කල්ලිය සම්බන්ධ වෙනවා. අනික් පැත්තෙන් නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා, ෆයිසර් මුස්තාපා මැති තුමා, මහින්ද අමරවීර මැතිතුමා ලසන්ත අලගියවන්න මැතිතුමා සහ දුමින්ද දිසානායක මැතිතුමා යන මේ සියලු දෙනාම ආන්ඩුව එක්ක කටයුතු කරන කුමන්ත්‍රණ ක්‍රියාවලියේ නායකයො බවට පත් වෙලා තියනවා.

මේ ඒක පාර්ශවික නඩු තීන්දුවත් එක්ක අද ශ්‍රි ලංකා නිදහස් පක්ෂයට මැයි දිනය තියාගන්න හම්බවෙන්නේ නැ. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය මරා ගන්නවා කියන එක තමයි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මැතිණිය පක්ෂය ගොඩගන්නවා කියලා කරන කුමන්ත්‍රණයේ ප්‍රතිඵලය.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට  අපි බොහොම ගෞරවයෙන් කියනවා කරුණාකරලා මේවට බය වෙන්නෙ නැතිව සිය දහස් ගණනින් ඇවිත් මේක මුදාගන්න කටයුතු කරන්න. මේවා ආණ්ඩුවෙ  කුලී හේවායින් විසින් කරන වැඩ බවට පත් වෙලා තියෙන්නේ.

ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයෙකුට බෑ දේශපාලන මණ්ඩලයක් කැඳවන්න. මොකද ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරු හය දෙනෙක් ඉන්නවා පක්ෂයේ.  එහෙමනම් හය දෙනාටම කැඳවන්න පුලුවන් වෙන්න ඕනනේ . මොකද නිමල් සිරිපාල ද සිල්වා මහත්තයා කියලා ඒක ලොකු එකක් ද. නෑනේ.  කොහෙවත් යන කට්ටියකට අගුපිල්වලට ගිහිල්ලා දේශපාලන මණ්ඩල කැඳවන්න පුලුවන් ද?…

ඇත්ත කතාව චන්ද්‍රිකා මැතිණිය පක්ෂය කී පාරක් කැඩුව ද කියන්න. කී පාරක් මේ පක්ෂය දෙකට බෙදුව ද?… දේශපාලනයේ යන්න තියන උඩම තැනට ආවට පස්සේ තව කොහෙ යන්න ද දෙයියනේ… ඇයි මේවා අතහරිනේ නැත්තේ. චන්ද්‍රිකා මැතිනියගෙ වචනයෙන්ම කියනවා නම් මළපෙරේතකම.

ඊට පස්සේ ඊලඟ 18 වැනිදා ඒ දෙන්නම ඇෆිඩවිට් දීලා කිව්වොත් එහෙම මේ දාපුව ඔක්කොම සත්‍යයයි කියලා එතකො ඉතින් නිදකුම්බා නායකයෙකු යටතේ නිදිකුම්බා ශ්‍රි ලංකා නිදහස් පක්ෂයක් තමයි ඉතිරි වෙන්නේ…      රජයට පවරා ගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයක් තමයි ඉතිරි වෙන්නේ… නිදිකුම්බා නායකයෙක් යටතේ.

දයාසිරි ජයසේකර කීවේය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

තරුණ සේවා සභාව යොදාගෙන කැත දේශපාලන ව්‍යාපෘති කරන්න එපා… සමාජවාදී තරුණ සංගමය ජනපතිට දන්වයි!

Next Post

විනිසුරුවරුන්ට බලපෑම් කරන ජනාධිපති නීතිඥයෙක් ගැන   නම් ගම් එක්ක පාර්ලිමේන්තුවේ දී හෙළිදරව් කරන සූදානමක්…

Related Posts

පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
පුවත්

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake
පුවත්

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!

ජූනි 24, 2026
T.M.S.-Dineth-Dissanayake

තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!
  • හිටපු ඇමැති සරණ ගුණවර්ධන වැලිකඩ කාර්යාල පිරිසුදු කිරීමේ සේවයට යොදවයි!
  • තෙල්දෙණියේ මෝටර් රථයක තිබී කාන්තා සිරුරක් හමුවීමේ සිද්ධිය: ශ්‍යාමාගේ පෙම්වතා බිරිඳ සහ දරුවෙක් සමඟ යාපනයේදී දැලට!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.