සඳුදා, ජූලි 13, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

චන්ද්‍රිකයි ආණ්ඩුවට මුක්කු ගහන අයයි කළ ජඩ කුමන්ත්‍රණයක්  ගැන ශ්‍රී.ල.නි.ප ජ්‍යෙෂ්ඨ උප සභාපති රෝහණ ලක්ෂ්මන් පියදාස කියයි!

by editor
අප්‍රේල් 9, 2024
in පුවත්
Share on FacebookShare on Twitter

ඉඳුනිල් කහටපිටිය –

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩල තීන්දු තීරණවලට පටහැනිව යමින් තම පෞද්ගලික වාසිය සඳහා ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් දරන කණ්ඩායම   හිටපු ජනපති චන්ද්‍රිකා   ද හවුල් කර ගනිමින් ආණ්ඩුවේ ද සහයෝගය මත ජඩ කුමන්ත්‍රණයක් දියත් කරමින් සිටින බවත් ඔවුන් ගේ මුඛ්‍ය අරමුණ ජනපතිවරණයේ දී හා මහ මැතිවරණයේ දී ශ්‍රීලනිප ය එජාප පොහොට්ටු හවුලට හේත්තු කිරීම බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස  පවසයි.

හිටපු ජනපති චන්ද්‍රිකා කුමාරතුංග අධිකරණ ක්‍රියාමාර්ග ඔස්සේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා ඉවත් කිරීමට   උත්සාහ කිරීම මෙම කුමන්ත්‍රණ මාලාවේ එක් පියවරක් යැයි ද ඔහු පැවසුවේය.

මහනුවර යටිනුවර වීදියේ ඩෙවෝන් රෙස්ට් හි දී පැවැති මාධ්‍ය හමුවක දී මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක් වූ රෝහණ ලක්ෂ්මන් පියදාස  මෙසේද කීවේය.

“ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය 15 දෙනෙකු ගෙන් සමන්විතයි. මේ කුමන්ත්‍රණය දියත් කරන කණ්ඩායමේ ඉන්නේ මේ අය අතරින් හතර පස් දෙනයි. ඒකට දේශපාලන මණ්ඩලය කියලා කියනවා නම් ඒක මේ රටේ දේශපාලනය පිළිබඳ උනන්දුවක් දක්වන විචාරශීලී සාමාන්‍ය ජනතාවට කරන අපහාසයක්.”

“මධ්‍යම කාරක සභාව පසුගිය වසර දෙක පුරාම තීරණය කළේ පක්ෂය නියෝජනය කරමින් ආණ්ඩුවට එකතු වී ඇමැතිකම් දරන අය වහාම ඉවත්විය යුතු බවයි. රජය වෙනුවෙන් පෙනී සිටින ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැති ඇමැතිවරුන්ට තව දුරටත් ආණ්ඩුවේ ඉන්න එපා කීම නිසා තමයි මේ අර්බුදය ඇති වුණේ. ඔවුන්ට ඕන වුණේ පක්ෂයේ  සභාපති ඉවත් කරන්න යි. සන්ධානයක් හදනවා කියන මුවාවෙන් නායකත්ව මණ්ඩලය හරහා යෝජනාවක් ගෙනාවා ශ්‍රී ලනිප සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට සුදුසු නැහැ කියලා. මේක ආණ්ඩුව මුල් වී මෙහෙයවන කුමන්ත්‍රණ මාලාවක්. “

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

“එජාප පොහොට්ටු විරෝධී ආණ්ඩුවක් තැනීමේ ස්වාධීන ගමනක   ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉදිරියටත් නියැලෙනවා. ජාතිකවාදී වාමවාදී බලවේගය එකතු කරගෙන අපි මේ ගමන ශක්තිමත්ව යනවා. ශ්‍රීලනිපයේ කිසිදු සාකච්ඡාවකට නොපැමිණි චන්ද්‍රිකා දැන් කියනවා පක්ෂය ගොඩ නගන්න එයාට පුළුවන්ලු. බලයක් නැති ජනපතිවරයෙකුට හා  මහජන බලයක් නැති ආණ්ඩුවකට බලයක් අරන් දෙන්න දියත් වූ කුමන්ත්‍රණයක් මේක. පක්ෂ කඩලා විනාශ කරමින් මේ අය උත්සාහ කරන්නේ  තමන් ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීමට අවශ්‍යය පසුබිම සකස් කර ගන්නයි. “

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියෝජ්‍ය මහ ලේකම් සරත් ඒකනායක ද අදහස් දක්වමින් මෙසේ පැවසුවේය.

ක්‍රිස්තියානි ආගමේ බයිබලය වගේ, රටේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ අපේ පක්ෂයටත් තියෙනවා ව්‍යවස්ථාවක්. ඒකට අනුව තමයි අපි කටයුතු කරන්නේ. 2018 දී සංශෝධිත ව්‍යවස්ථාව තමයි ක්‍රියාත්මක කරන්න ඕන කියලා අධිකරණ නියෝගයක් ලබා දී තිබෙනවා. මේකට අනුව දේශපාලන මණ්ඩලය රැස්විය යුත්තේ සභාපතිවරයා ගේ ප්‍රධානත්වයෙන්.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන මණ්ඩලය පක්ෂ ව්‍යවස්ථාවට අනුව කැඳවීමට පුළුවන් පක්ෂ සභාපතිවරයාට යි. වෙන කාටවත් හිතු මනාපෙට දේශපාලන මණ්ඩලය කැඳවන්නත් බැහැ කැඳවලා ගන්න තීන්දු තීරණ වලංගු වෙන්නෙත් නැහැ. අධිකරණය මගින් 19 වැනිදායින් පසු තීන්දුවක් දෙයි. එතෙක් අපි මේ රඟපෑම ඒ අයට කරන්න දීලා බලාගෙන ඉන්නවා.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහනුවර ආසන සංවිධායකවරු, දිස්ත්‍රික් සංවිධායකවරු ඇතුළු පිරිසක් සහභාගි වූහ. ඔවුන් ඒකමතිකව තම පක්ෂයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා පිළිගන්නා බව පැවසූහ.

 

Tags: නවතම
Share69Tweet43
Previous Post

ප්‍රසන්නට තියෙන්නෙ මයික් කටක්… රනිල්ට කැමති බහුතරය පොහොට්ටුවෙන් පෙන්වන්නැයි රන්ජිත් බණ්ඩාර අභියෝග කරයි!

Next Post

ජාතික රෝහලේ හදිසි අනතුරු අංශ ශල්‍යාගාරයේ   C – Arm   x කිරණ යන්ත්‍රය අක්‍රීය වෙයි!

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • “ගැටුම තීව්‍ර වෙද්දි අධිකරණ ඇමති පැය හයක් හතක් සම්බන්ධ කරගන්න නිලධාරීන්ට  බැරි වෙලා.“.. මීගමුව බන්ධනාගාර ඛේදවාචකය ගැන කතා කරමින්  විපක්ෂය හෙළි කරයි…. 

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.