බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝල්ෆේස් අරගලකරුවන්ට කෝටි ගණන් මුදල් පැමිණි කතාව  අමූලික බොරුවක් – සීඅයිඩී ය පොලිස්පතිට කියයි…

by editor
ජූලි 18, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

ගෝල් ෆේස් අරගලයේ ක්‍රියාකාරී සාමාජිකයන් තුන් දෙනෙක් වන රතිඳු සේනාරත්න (රැට්ටා), ඩිලාන් සේනානායක සහ  අවිශ්ක විරාජ් කෝනාර යන තිදෙනාට පිටරටින් කිසිදු මුදලක් ලැබී නැති බව අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් තහවුරුකර ගෙන තිබේ.

ඒ බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පොලිස්පතිවරයාටද  දැනුම් දී ඇත. පොලිස්පතිවරයා එය ආරක්ෂක අමාත්‍යාංශයටද සඳහන් කර තිබේ.

අරගලයේ ක්‍රියා කාරිකයන් වන මොවුන් තිදෙනාගේ බැංකු ගිණුම්වලට රුපියල් කෝටි එකහාමාර බැගින් වූ මුදලක් පිටරටකින් බැරවී ඇති බව සඳහන් කරමින්  ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස පොලීසියට දැනුම්දී ඇත්තේ ආරක්ෂක අමාත්‍යාංශයෙනි.  ඒ සමාජ මාධ්‍ය ජාල ඔස්සේ හුවමාරුවූ තොරතුරක් මූලාශ්‍රකර ගනිමිනි.

පොලිස්පතිවරයා ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාව දැනුවත් කරනුයේ සමාජ මාධ්‍ය තුළ හුවමාරුවෙමින් ඇති එම තොරතුරෙහි  ඇත්ත නැත්ත සොයා බලන ලෙසය.

එහි ඇත්තක් තිබේ නම් එම මුදල් ඔවුන්ට ලැබී ඇති ආකාරය පිළිබදව විමර්ශනයක් පවත්වන ලෙසද පොලිස්පතිවරයා දැනුම් දී ඇත.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරුවෙමින් පැවති එම තොරතුරෙහි සඳහන් වූ ආකාරයට අනුව මෙම අරගලකරුවන් තිදෙනාට මුදල් ලැබී ඇත්තේ    කොළඹ යුනියන් පෙදෙසේ පිහිටි ලංකා බැංකු ශාඛාවක මෑතකදී ඔවුන් විවෘත කළ බැංකු ගිණුමකටය.

මෙම මුදල් නිදහස්කර ගැනීමට ඔවුන් තිදෙනාම එකම මෝටර් රථයක නැගී පැමිණි බවත් බැංකුවේ නිලධාරීන් එම මුදල් ඔවුන්ට ලද ආකාරය ගැන විමසීමේදී ඔවුන් එම ස්ථානයේ කළහාකාරී ලෙස හැසිරී බැංකු නිලධාරීන් බිය ගන්වා ඇති බවත් එම සාමාජ මාධ්‍ය ජාල තොරතුරුවල සඳහන් විය.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මුලින්ම අදාල බැංකුවට ගොස් එම අරගලකරුවන්ට අයත් ගිණුම් බැංකුවේ තිබේදැයි පරීක්ෂා කර ඇත. එහිදී පැහැදිලිවම අනාවරණය වී ඇත්තේ එවන් ගිණුමක් ඒ කිසිවෙකුටත් එම බැංකුවේ නොමැති බවය. අඩුම තරමින් වෙනත් අයෙකුගේ ගිණුමකින් මුදල් ලබාගැනීමකට හෝ වෙනයම් කරුණක් සදහාවත් ඒ කිසිවෙකුත් බැංකුවට පැමිණ ඇති බවක්වත් අනාවරණය වී නැත.

එයින් සීමා නොවූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මහා බැංකුවේ මධ්‍යම බුද්ධි ඒකකයෙන්ද කරුණු සොයා බැලීමක් කර තිබේ. එහිදීද පෙනී ගොස් ඇත්තේ මේ කියන අරගලකරුවන්ගේ වෙනත් බැංකුවල ඇති ගිණුමකටවත් මෙවැනි මුදලක් ලැබී නැති බවය. අඩුම තරමින් පිටරටින් තබා මෙරටින්වත් ඔවුන්ට විශාල මුදලක් ලැබී නැති බව එහිදී පැහැදිලිවම හෙළිවී තිබේ.

ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ බලධාරීන් පොලිස්පතිවරයාට ඒ බවම දැනුම් දී  ඇත. පොලිස්පතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට එහිදී දැනුම් දී ඇත්තේ එසේ නම් විමර්ශනයක් ඒ සම්බන්ධයෙන් අනවශ්‍ය බවකි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශන තත්ත්වය ගැන පොලිස්පතිවරයා ආරක්ෂක අමාත්‍යාංශයද දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

වැ.බ. ජනපති පළාත් මට්ටමින් පොහොට්ටු මන්ත්‍රීන් හමුවෙයි… ආරක්ෂාව දෙන බව යළිත් සහතික කරයි!

Next Post

ඩලස් – සජිත් එකතු වන අනාගතය ගැන හර්ෂ කියයි!

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.