මනම්පිටිය නිමල් ජයරත්න-
ගෝන මස් කිලෝ 100 ක් ශිතකරණ වල සඟවා ගෙන සිටි මින්නේරියේ ප්‍රසිද්ධ මස් වෙළෙන්දෙක් මින්නේරිය රත්මලේ ප්‍රදේශයේ දී පොලොන්නරුව වනජීවි වැටලීම් අංශය මගින් අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාර පුද්ගලයා පුරා වසර විස්සක් ඌරු කොටුවක් ද පවත්වා ගෙන යන ප්‍රධාන මස් වෙළෙන්දෙකි.
ඌරු මස් විකුණන මුවාවෙන් ගෝනුන් දෙදෙනෙකුගේ මස් විකිණීම හා සන්තකයේ තබා ගැනීම සම්බන්ධව මෙම පුද්ගලයාත් ඔහුගේ බිරියත් අත් අඩංගුවට ගෙන තිබිනි.
මෙම යුවල හෙට පොලොන්නරුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලොන්නරුව වනජීවී වැටලීම් ඒකකයෙ අඩවි සහකාර කුමාරසිරි විජේකෝන් ලංකාසරට පැවසුවේය.







