අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගෝඨාභයගේ බ්‍රිතාන්‍ය නියොජිතයා ලෝකයට බොරු කීවාට අධිකරණයෙන් දඬුවමක්!

by editor
දෙසැම්බර් 13, 2022
in පුවත්
Share on FacebookShare on Twitter

මානව හිමිකම් පිළිබඳව ක්‍රියාකාරිනියක සහ  දකුණු අප්‍රිකානු  නීතීඥවරියක මෙන්ම ජාත්‍යන්තර සත්‍යය සහ යුක්තිය පිළිබඳ ව්‍යාපෘතියේ (ITJP)  විධායක අධ්‍යක්ෂ  යස්මින් සූකා  එල්.ටී.ටීඊ ත්‍රස්තවාදීන් සමඟ සබඳතා පවත්වන බවට කළ අසත්‍ය චෝදනා හේතුවෙන් බ්‍රිතාන්‍යයේ  සිංහල ජනතාව අතර ප්‍රකට නීතීඥයකු වන ජෙයරාජ් පළිහවඩනට යස්මින් සූකා ගෙන් ප්‍රසිද්ධියේ සමාව ගන්නා ලෙස බ්‍රිතාන්‍ය උපරිමාධිකරණය අද (13) දින නියෝග කළේය.

එමෙන්ම ජෙයරාජ්  ඇයට සැලකිය යුතු මුදලක් වන්දියක් ලෙස ගෙවීමටද ඔහු එකඟ වී ඇති බව  ITJP   ආයතනය ප්‍රකාශ කරයි.

ජෙයරාජ් පලිහවඩන   මෑතක් වන තුරුම ජනතා විරෝධය මැද පළා ගිය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ බ්‍රිතාන්‍ය නියෝජිතයා ලෙස කටයුතු කළ අතර යස්මින් සූකාට විරුද්ධව පළ කළ අසත්‍ය ප්‍රකාශ සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ ප්‍රසිද්ධියේම සමාව ඉල්ලා ඇත.

තහනම් ත්‍රස්තවාදී සංවිධානයකට වාසි සැලසෙන ආකාරයෙන් පක්ෂග්‍රාහී ලෙස කටයුතු කරන බවට යස්මින් සූකාට චෝදනා කර ඇති පලිහවඩන සූකා විසින් කරනු ලබන ප්‍රකාශ අසත්‍ය බවට සඳහන් කරමින් එක්සත් ජාතීන්ගේ ජිනිවා හි රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල 47කට වාර්තාවක් 2021 වසරේ යවා ඇත.

මෙම වාර්තාවේ පවතින අසත්‍ය කරුණු නිසා තමන්ට සිදුවූ අපකීර්තිය හේතුවෙන් තමන් සම්බන්ධ අසත්‍ය පෞද්ගලික තොරතුරු පල කිරීම අභියෝගයට ලක් කර  යස්මින් සූකා දත්ත ආරක්ෂණ පනත යටතේ බ්‍රිතාන්‍ය උපරිමාධිකරණයේ නඩුවක් ගොනු කොට තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

මෙම නඩුවෙන් පරාජය වූ නීතීඥ පළිහවඩන  යස්මින් සූකාට විරුද්ධව අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම ගැන ඔහු විවෘත අධිකරණයේදී අද දින සමාව ඉල්ලා සිටියේය.

“පැමිණිලිකාරියට එරෙහිව වාර්තාවල නගන ලද ඉහත දැක්වුණු අසත්‍ය චෝදනා කොන්දේසි විරහිතව ඉල්ලා අස් කරගනිමින් වගඋත්තරකරු සමාව ඉල්ලා සිටී,” යි. ඔහු අධිකරණයට කීවේය.

එම සමාව අයැදීමේ අවංක භාවය ගෙනහැර දැක්වීම පිණිස එම වාර්තාවලින් පැමිණිලිකාරිය පත්වූ චිත්ත පීඩාවට සහ ඇගේ කීර්තිනාමයට සිදුවූ හානියට වන්දි වශයෙන් ඇයට විශාල මුදලක් ගෙවන්නට වගඋත්තරකරු එකඟ වී ඇත.

“පැමිණිලිකාරියගේ යුක්ති සහගත වියදම් දැරීමටද වගඋත්තරකරු එකඟ වී ඇත,” යි ජෙයරාජ් පලිහවඩන ලන්ඩනයේ උපරිමාධිකරණයේ දී විනිසුරු ශ්‍රීමත් මාටින් ඩැනියෙල් චෙම්බර්ලේන් ඉදිරිපිටදී කියා සිටියේය.

එලෙසම අන්තර්ජාලය ඔස්සේද ඔහු සිය සමාව අයැදීම ඉංග්‍රීසියෙන් හා සිංහලෙන් පළ කර ඇත.

අදාළ වන්දි මුදල ලැබීමෙන් පසුව යස්මින් සූකා එම මුදල් භාවිත කරමින් ශ්‍රි ලංකාවේ මානව හිමිකම් හේතුවෙන් පීඩාවට පත්වූවන් වෙනුවෙන් අරමුදල් පිහිටුවීමට සූදානම් බව ද ITJP  පවසයි

 

 

.

 

 

Tags: නවතමවිශේෂ
Share69Tweet43
Previous Post

සිසුන් ගැටුම ඇති කරගත්තේ උපකුලපතිගේ පුතා එක්ක නෙමෙයි… අපරික්ෂාකාරීව රිය පැදවූ උඩඟු බේබද්දෙක් එක්ක… මහා ශිෂ්‍ය සංගමය

Next Post

ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමට ජනපති කැඳවූ  සර්ව පාක්ෂික සමුලුව රැස් වෙයි.. මෛත්‍රී, අනුර, උදය සමුළුවට නෑ….

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.