බදාදා, ජූනි 24, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගුරු විද්‍යා පීඨ සියල්ල විශ්ව විද්‍යාල පීඨ කරන්න ඩලස්ගෙන් යෝජනා

by Lanka Sara Editor
නොවැම්බර් 19, 2021
in පුවත්
Share on FacebookShare on Twitter

ගුරු සුදුසුකම් විෂමතාවය තුරන් කිරීමේ එක් විසඳුමක් ලෙස ගුරු විද්‍යාල 19 විශ්වවිද්‍යාල පීඨ පත් බවට පත්කිරීමට ලබන අයවැයෙන් පියවර ගන්නැයි අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.

සෑම ගුරුවරයෙක්ම උපාධිධාරී පුහුණු වෘත්තිකයෙක් බවට පත්කිරීම රජයේ වගකීමක් බව අද අයවැය විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී මේ බව කියාසිටියේය.

“වසංගතයෙයන් දරුණුම බලපෑම වුණේ දරුවන්ට. වසර විසි හතරක් තිස්සේ පැවති ගුරු විදුහල්පති වැටුප් විෂමතා ප්‍රශ්නය උග්‍ර මතට හැරුනේ දරුවන් ඉතාම අසීරු තත්ත්වයට පත්වෙලා ඉද්දි. මා පත් වී මාස නමයක් වැනි පුංචි කාලයක් පමණක් වුණත් මෙරට අධ්‍යාපන ඇමති විදියට මේ ප්‍රශ්නය හඳුනා ගෙන ගුරු වැටුප් විෂමතාව ඉවත් කරන්න බිලියන 30ක වෙන් කරමින් ඒ දුෂ්කර අවස්ථාවක ගත් පියවර පිළිබඳව අතිගරු ජනාධිපතිතුමාට අගමැතිතුමා මුදල් ඇමතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයට අවංකවම ස්තූති කරනවා. ගුරු සේවයට හිමි වෘත්තීය ගරුත්වය ලබා දීමත් අපේ වගකීමක්. රජයක් විදියට වගේම රටක් විදියට අපි තරයේ සිතට ගත යුතුයි මෙවැනි තත්ත්වයක් යළි කිසිදා යළි කිසිදා රටට අත් නොවන්නට මෙවැනි තත්වයක් තවත් වසර පහකින් දහයකින් හෝ විස්සකින් පැනනොනගින්න එයට ස්ථිරසාර විසඳුමක් අපි ඉදිරිපත් කළ යුතුයි.

ගුණාත්මකභාවයෙන් යුතු තෘප්තිමත් ගුරු සේවයක් රටේ දරුවන් වෙනුවෙන් ඇති කිරීම පාලකයන් වශයෙන් අපි හැම දෙනාගේම වගකීමක් ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට ඒ වගකීමෙන් බැහැර වෙන්න අපි කාටවත් බෑ. පාසලක ගේට්ටුව වැහෙනවා කියලා කියන්නේ දරුවන්ට පාසල් භූමියට ඇතුළු වෙන්න තියෙන අවස්ථාව ඇතුළුව නැති වීම පමණක් නොවේ. සංස්කෘතියක දොරටු වැසීමක් ශිෂ්ටාචාරයක දොරටුව වැසීමක්. ඒ නිසා ප්‍රතිපත්ති සම්පාදකයන් විදියට ඒ පිළිබඳව නිසි ලෙස අධ්‍යයනය කළ යුතුයි . ඒ වගේම දියුණු රටවල දර්ශකයක් විදියට භාවිත කරන ගුණාත්මක ගුරු සේවය අපේ රටටත් ළඟා කර ගැනීමට ඉදිරි පියවර සැළසිය යුතුමයි.

RelatedPosts

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ගුරුවරයා උපාධිධාරී පුහුණු වෘත්තිකයෙක් කරන එක අප දරුවන් වෙනුවෙන් කරන ආයෝජනයක්. එම නිසා මෙම ගුරු සුදුසුකම් විෂමතාවය තුරන් කිරීමේ එක් විසඳුමක් ලෙස ගුරු විද්‍යාල පීඨ 19 විශ්වවිද්‍යාල පීඨ පත් බවට පත්කරන්නට ඊළඟ අයවැය දී ගරු මුදල් අය තුමාගේ ඇමතු මාගේ අවධානය යොමු වෙන බව මට විශ්වාසයි. එය අපේ පාර්ලිමේන්තුව හැම දෙනාගෙම දෙනාගේම වගකීම බව මම සිහිපත් කරන්නට ඕන. 2027 වන විට අපේ රටේ වර්තමාන පද්ධතිය තුල සිටින ගුරුවරුන් මෙන්ම බාහිරින් එන ගුරුවරුන් සියලුම දෙනා පුහුණු උපාධිධාරී ගුරුවරුන් බවට පත් කරන්නට අවශ්‍ය පරිසරය නිර්මාණය කළ යුතුයි කියලා අපේ ජාතියේ දරුවන්ට කරන්න පුළුවන් ඉහළම ඉහළම සාධාරණයක් අතරින් එක සාධාරණයක්. ගුරු සේවයට නිසි වැටුපක් ගුණාත්මක භාවයක් හිමිවිය යුතුයි. ඒකට සියලුම පාර්ශවයන්ට එකඟ වෙන්න කියලා මම ඉල්ලා සිටිනවා. රටේ පාසල් දරුවන් මිලියන හතරකට වැඩි වුවත් ඉන්ටර්නෙට් පහසුකම් තියෙන්නේ දරුවන් මිලියන 1.7කට පමණයි. අපට රටක් විදියට ස්ටාර් ලින්ක් වගේ satellite internet සේවාව ලබාගෙන රට ම ආවරණය කර ගැනීමේ හැකියාව නෑ මේ මොහොතේ. නමුත් මේ අය වැයෙන් වැයෙන් මුළු වරට එම බිම් ප්‍රදේශ ආවරණය වන පරිදි ඉන්ටර්නෙට් පහසුකම් සැලසීමට සම්ප්‍රේෂණ කුළුණු 998ක් ඉදි කිරීමට ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. ඊට අමතරව සෑම පාසලකටම broadband connection එකක් ලබා දෙන්නට තීරණය කර තිබෙනවා. එය අගය කළ යුතු කාරණයක් ඒ වගේම ඒක හොඳ ආරම්භයක්. මේ වසන්ගත කළු වළාකුල තුළ ඇති වූ එකම රිදීරේඛාව විදියට මගේ විග්‍රහය ඒකයි.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

සිරිලාල් කොඩිකාරයන් දිවි සැරියෙන් සමු ගනී!

Next Post

අල්ලපු රටේ අගමැතිවරයා ගොවි හඬට කන් දෙයි

Related Posts

පුවත්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු
පුවත්

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026
පුවත්

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!

ජූනි 24, 2026
සැකකරු

තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!

ජූනි 24, 2026

හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

ජූනි 24, 2026
ADVERTISEMENT
  • docter

    ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • නවීන් සොයිසා ලඟ ඇඹරෙන වෛද්‍ය පරිපාලන නීතිය ගැන කතාවක්…

    172 shares
    Share 69 Tweet 43
  • ඉතිහාසයේ ප්‍රථම වතාවට වෛද්‍යවරුන්ට රැකියා අහිමි වීමේ දැඩි අවදානමක්! ඉදිරි වසර දෙකේදී 5300ක් එළියට – සෞඛ්‍ය විදග්ධයෝ අනතුරු අඟවති!

    172 shares
    Share 69 Tweet 43
  • අපේක්ෂා රෝහලේ තැඹිලි දානය වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නවත්වයි! හේතුව මෙන්න

    172 shares
    Share 69 Tweet 43
  • ශ්‍රී  ලාංකික සම්භවයක් සහිත ඇමරිකානු සුපිරි ජිම්නාස්ටික් ක්‍රීඩිකා ටියානා සුමනසේකර මින් ඉදිරියට  ශ්‍රී ලංකාව නියෝජනය කරන්නට තීරණය කරයි…

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ඇමරිකාවෙන් ලැබුණු හෙලිකොප්ටර් යානා 10 නිල වශයෙන් භාර ගැනේ!
  • තෙල් දෙණිය කාන්තා මරණය – ශ්‍යාමා ගේ පෙම්වතා රට පුරා පුද්ගලයින් රවටා මහා පරිමාණ මුදල් වාංචාකළ සල්ලාලයෙක් බව පොලිසිය හෙළි කරගනී!
  • හබරාදුවේ සුපිරි වෙළඳසැලකින් හොරකම් කළ එංගලන්ත ජාතිකයෙකු කොටු වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.