අද මධ්‍යම රාත්‍රියේ සිට ලිට්රෝ ගෑස් මිල අඩුවීම නිල වශයෙන් ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව ලිට්රෝ ගෑස් කිලෝ ග්‍රෑම් 12.5ක සිලින්ඩරය රුපියල් සියයකින් අඩු වී ඇත. රුපියල් 3738 තිබූ ගෑස් සිලින්ඩරයේ නව මිල රුපියල් 3638කි.
කිලෝ ග්‍රෑම් 5 සිලින්ඩරය රුපියල් 40කින් අඩු වී ඇත. පැවති මිල රුපියල් 1482කි. නව මිල රුපියල් 1462කි.
කිලෝ ග්‍රෑම් 2.3 සිලින්ඩරයක මිල රුපියල් 19කින් අඩු වි තිබේ. පැවති මිල 700කි. නව මිල රුපියල් 681 කි.







