ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සාමාජිකයන් පත් කර තිබේ.
ජනාධිපතිවරයා මෙම පත්විම් සිදුකර ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මතය.
ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස ඩබ්ලිව්.සුධර්මා කරුණාරත්න පත් කර තිබේ.
එහි අනෙකුත් සාමාජිකයන් ලෙස වර්ණකුලසූරිය අයිවන් තිසේරා, ඩී. පියසිරි දරණගම, සුමන්දිරන් සින්නකඳු, සහ ඒ.ජී. පුබුදු අසංග ගුණවංශ කටයුතු කරති.