ලලිත් චාමින්ද
රුපියල් මිලියන 23.6කට ආසන්න කල්ඉකුත්වු ඖෂධ පිළිබඳව අම=ාත්යංශයේ සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය තුළ පැවැති තොරතුරු ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය විසින් විධිමත් අවසරයකින් තොරව මකාදමා තිබු බව ජාතික විගණන කාර්යාලය පවසයි.
එම තොරතුරු ප්‍රාෙද්ශීය වෛද්‍ය සැපයුම් අංශය වෙත භාණ්ඩ සමික්ෂණය සදහා ලබාදි තිබු මුරපද භාවිතා කර මෙලෙස මකා දමා ඇති බවද එමඟින් අනාවරණය කර තිබේ.
රුපියල් මිලියන 23.6කට ආසන්න ඖෂධ කල්ඉකුත්වි ඇති බැව් කමිටු වාර්තා මගින් අනාවරණය වි තිබුණි. 2016 වර්ෂයේ සිට ක්‍රියාත්මක වු වෛද්‍ය සැපයුම් තොරතුරු කළමණාකරණ පද්ධතිය මගින් කල් ඉකුත් වු ඖෂධ වසරක් තුල හදුනාගෙන අපහරණය සදහා කටයුතු කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයාගේ චක්‍ර ලේඛයේ දක්වා තිබුණි. කල්ඉකුත්වු ඖෂධ අපහරණය කොට මුදල් රෙගුලාසි 102 සිට 109 ප්‍රකාරව පොතෙන් කපා හැරිම සදහා සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වෙත යොමුකළ යුතු බව . එම චක්‍ර ලේඛයේ සදහන්ව තිබුණි. ගාල්ල ප්‍රා දේශිය වෛද්‍ය සැපයුම් අංශය ඒ අනුව කටයුතු කර නොතිබු බවද විගණන වාර්තාවේ සදහන් වේ.







