අඟහරුවාදා, ජූලි 14, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගාල්තැන්නේ දී මිනිස්සුන්ට ඇණ ගැසූ වධක කපුවා කතරගම ගිහින්?

by editor
ජූනි 30, 2021
in පුවත්
Dushmantha-Fanendo

වෙත්තසිංහ ආරච්චිලාගේ දුෂ්මන්ත ප්‍රනාන්දු

Share on FacebookShare on Twitter

පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන අම්පිටිය ගාල්තැන්න ප්‍රදේශයේ කඳු මුදුනකට රැගෙන ගොස් කොටයකට තබා ඔවුන් දෙදෙනාගේ දෙඅත් වලට පරාල ඇණ ගසා අමානුෂික වධයට ලක් කළ කණ්ඩලම ප්‍රදේශයේ දේවාලයක් පවත්වාගෙන යන කපුවා වන වෙත්තසිංහ ආරච්චිලාගේ දුෂ්මන්ත ප්‍රනාන්දු නැමැත්තා මේ වනවිට කතරගම ප්‍රදේශයේ සැඟ වී සිටින බවට විමර්ශන ආරංචි මාර්ග හෙළි දරවු කරයි.

මෙම පුද්ගලයා සොයා මේ වනවිට විමර්ශන කණ්ඩායම් පහක් ක්‍රියාත්මක වී ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
වධක කපුවා නුවර ප්‍රදේශයේ රාජ්‍ය ඇමතිවරුන්ගේ හා ඔවුන් මාර්ගයෙන් රටේ ඉහළම දේශපාලන බලවතුන්ගේ හිතවත් කම් ගොඩනගා ගත්තෙක් බව කියැවේ.

මෙම සිද්ධියට සම්බන්ධ බවට සැක කරන කපුවා සහ වධයට ලක්වූ දෙදෙනාත්, ඔවුන් වදයට ලක්කළ බව කියන කපුවාගේ ඥාති සොයුරන් 5 දෙනාත් මත්ද්‍රව්‍ය ජවාරමට සම්බන්ධ පුද්ගලයන් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පුද්ගලයන් දෙදෙනා අමානුෂික වදයට ලක් කළ කණ්ඩායම මේ වදක සිද්ධියට පෙර මීවතුර ප්‍රදේශයේ දී පුද්ගල කණ්ඩායමකට පහර දී තුවාල කිරීම හා පුද්ගලයෙක් කපා දැමීම සිදු කර ඇති බවත් මේ සිදුවීම් නිසා රෝහල්ගත වූ පුද්ගලයන් සම්බන්ධව පොලිසිය හෝ රෝහල නීත්‍යානුකූල පටිපාටියට කටයුතු කර නැති බවත් හෙළි වී තිබේ.

RelatedPosts

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

දැනට හෙළිදරවු වෙමින් ඇති ආකාරයට අත්අඩංගුවට පත් පුද්ගලයන් හා වධයට ලක්වූ පුද්ගලයන් පොලිසියට ලබා දෙන කටඋත්තර හා පොලිස් විමර්ශනවලදී හෙළිවන තොරතුරු අතර පරස්පරයක් ඇතැයි වාර්තා වේ.
කෙසේ වෙතත් මේ වනවිට අත්අඩංගුවට පත්ව ඇති සැකකරුවන් දෙදෙනා එම වදක කණ්ඩායමේ සිටි අවශේෂ පුද්ගලයන් දෙදෙනෙකු බවත් ප්‍රධාන වදකයන් පිරිස අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායම් මෙතෙක් අසමත් වී ඇති බවත් කියැවේ.

මේ පිළිබඳව කළ විමසීමකදී මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී චමිල් රත්නායක පැවසුවේ තවම මෙම සැකකරුවන් පිළිබඳ නිශ්චිත හෝඩුවාවක් නොමැති බවත් සැක කරුවන් සොයා විශේෂ කාර්ය බලකායේ පොලිස් කණ්ඩායම් 5ක් මෙහෙයුම් අරඹා ඇති බවත්ය.

සැකකරුවන් අත්අඩංගුවට ගත් දිනයේ ප්‍රවාහන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මාධ්‍ය සාකච්ඡාවක් අතර කියා සිටියේ තමන් මේ කපුවා සමග කිසිම සම්බන්ධයක් නොමැති බවය.

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගැඹුරු මුහුද නිරීක්ෂණය කරන මෙරට ඇති එකම නැවට ඉන්දියාවෙන් මි. 120ක අමතර කොටස්

Next Post

උතුරු මුහුද චීන්නුන්ට දුන්නෙ අපි නෙමෙයි… යහපාලන රජය… ධීවර ඇමති ඩග්ලස් කියයි…

Related Posts

පුවත්

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026
පුවත්

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026
පුවත්

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result

සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…

ජූලි 13, 2026

ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

ජූලි 13, 2026

සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

ජූලි 13, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • ලෝක වෛද්‍ය ඉතිහාසය අලුත් කළ ලංකාවේ පෙළහර: වකුගඩුවක් බද්ධ කර දෙබිඩි නිවුන් දරුවන් වෙන් කළ පේරාදෙණියේ අතිවිශේෂ සැත්කම!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • විදේශීය කාන්තාවන් 28ක් ඇතුළුව මීගමුව බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 73ක් පල්ලේකැලේට සහ වාරියපොලට මාරු කරයි!

    172 shares
    Share 69 Tweet 43
  • භෞත චිකිත්සකවරියගේ ඝාතනය: හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ් – ප්‍රධාන සැකකරුගේ ලේ සාම්පල ගන්න රෝහලට රැගෙන යයි

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • සිවිල් ආරක්ෂකයින් බඳවා ගන්නා ක්‍රමය වැරදියි… වනජීවී නිලධාරීහු පාරට බසිති…
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!
  • සියලුම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට විනිසුරුවරු එරෙහි වෙති!.. අධිකරණ සේවා සංගමයේ ලිඛිත විරෝධය ජනපතිට….

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.