රංජිත් රාජපක්ෂ –
කටුනායක සිට විදේශිකයන් පිරිසක් රැගෙන යැමට නුවරඑලිය ග්‍රෙගරිවැව දක්වා පැමිණි සෙස්නා සී ප්ලේන් ගුවන් යානය අනතුරට හේතුව සෙවීමට සිදු කරන විමර්ෂන කටයුතු සදහා යානය කැබලි කර කොළඹට රැගෙන යෑමට සිවිල් ගුවන් සේවා අධිකාරියේ නිළධාරින් ඊයේ (09) දින පියවර ගත්තේය.

(07) දින කටුනායක සිට නුවරඑලිය දක්වා පැමිණි සී ප්ලේන් ගුවන් යානය නුවරඑලිය ග්‍රෙගරිවැවේ ගොඩ බෑමට යැමේදි ගුවන් යානය අනතුරට පත් විය. ඒ ගෙගරි වැව තුළදි ය.
ගුවන් යානයේ ඉදිරිපස කොටස ග්‍රෙගරිවැවේ මඩේ සිරවීම නිසා එම ගුවන් යානය ගොඩ ගැනීමට නොහැකි විය. මේ හේතුවෙන් මාස්ටර් ඩයිවර්ස් ආයතනයේ සහයෝගය ලබා ගෙන ඊයේ (09) දින ගුවන් හමුදාව, පොලිස් ජීවිතාරක්ෂක බලකාය, ග්‍රෙගරිවැවේ බෝට්ටුකරුවන්ගේ සහයෝගය ඇතිව අනතුරට පත් ගුවන්යානය ගොඩට ගත්තේය.
අනතුරුව යානය ග්‍රෙගරිවැවේ මාගස්තොට ප්‍රදේශයට රැගෙන විත් ගුවන් යානයේ කොටස් ගැලවිමට පියවර ගනු ලැබිනි.
ගුවන් යානයේ කොටස් ගලවා කොළඹට රැගෙන ඒමෙන් පසු ගුවන් යානයේ අනතුරට හේතුව සොයා විමර්ශන කටයුතු ආරම්භ කරන බව සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂක ජෙනරාල් සහ ප්‍රධාන විධයක නිළධාරි දමින්ද රඹුක්වැල්ල පැවසීය.
අනතුරට පත් ගුවන් යානය දැක ලබා ගැනීමට විදේශිකයන් ඇතුලු විශාල පිරිසක් පැමිණ සිටියහ







