දකුණු අප්‍රිකාවෙන් මිලදී ගත් ගල් අඟුරු තොග ගුණාත්මක පරීක්ෂණ අසමත් වීමෙන් පසු, ඉදිරි මාසවලදී විශාල විදුලි අර්බුදයක් සම්බන්ධ අවදානමක මතුවීමෙන් අනතුරුව ගත හැකි නෛතික විකල්ප සම්බන්ධයෙන් රජය නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමට නියමිත බව සන්ඩේ ටයිම්ස් වාර්තා කරයි.
මේ වනවිට විපක්ෂය චෝදනා කරමින් ඇත්තේ සමස්ත ගල් අඟුරු ටෙන්ඩරයම දූෂණයේ ගිලී ඇති බවය.
අනාගත ගල් අඟුරු ටෙන්ඩර් සඳහා වඩා හොඳ විනිවිදභාවයක් සහතික කිරීමට අවශ්‍ය පියවර ගැනීමටත්, පවතින ටෙන්ඩරයට කිසියම් වෙනසක් කළ හැකිද යන්න පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් ලබා ගැනීමටත් කටයුතු බව රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් මෙම වාර්තාව ඉදිරිපත් කර ඇත.
ලක්විජය ගල් අඟුරු බලාගාරයේ අභ්‍යන්තර ලේඛනවලින් පෙනී යන්නේ ඉන්දියාවේ ට්‍රයිඩන්ට් චෙම්ෆාර් ලිමිටඩ් හරහා මිලදී ගත් දකුණු අප්‍රිකානු ගල් අඟුරු අඛණ්ඩව නැව්ගත කිරීම් තුනක සාම්පල ගුණාත්මක පරීක්ෂණ අසමත් වූ බවය.
නිල දත්ත වලින් සනාථ වන්නේ සෑම ගල් අඟුරු නැව්ගත කිරීමක්ම දළ කැලරි වටිනාකම් (GCV) – දහනය කිරීමේදී නිකුත් කරන තාපය නියෝජනය කරන – බලාගාරයේ ඒකක තුනෙන් ප්රශස්ත විදුලිය ජනනය කිරීමට අවශ්‍ය මට්ටමට වඩා බෙහෙවින් අඩු බවය.
ටෙන්ඩරයේ කොටසක් ලෙස මුළු නැව්ගත කිරීම් 23 ක් මිලදී ගෙන ඇත.







