සිකුරාදා, ජූලි 17, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ඇමරිකාවේ බදු පිළිබඳ අලුත් තත්ත්වය අපට බලපානේ කොහොමද ?. ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරල පහදයි…

by editor
පෙබරවාරි 22, 2026
in පුවත්
Share on FacebookShare on Twitter

මහනුවර අසේල කුරුළුවංශ –

ඇමරිකානු ජනාධිපතිවරයා පසුගිය වසරේදී පැනවූ තීරුබදු මගින් ඩොලර් බිලියන 180 ක පමණ මුදලක් ඇමරිකාව උපයාගෙන තිබෙන බවත් අධිකරණ මගින් එම බදු අය කිරීම වැරදි බවට තීන්දු කීරීමත් සමඟ අදාළ මුදල පාරිභෝගිකයින් හා ව්‍යාපාරිකයින් අතර බෙදී යාමේ හැකියාවක් පවතින බවත් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන විද්‍යා දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය වසන්ත අතුකෝරාළ  පවසයි.

ජනපතිවරයා ගත් තීන්දුවත් සමඟ ජාත්‍යනතර වෙළෙඳාම දැඩි අවිනිශ්චිතතාවකට ලක්වූ බවත් අධිකරණය මගින් ලබාදුන් තීන්දුව අභියෝගයට ලක් වීමක් සිදු වුවහොත් මෙම වසරේදීද එවැනි තත්තවයක් පැන නැගීමේ හැකියාව පවතින බවත් ඔහු පෙන්වා දෙයි.

ඇමරිකානු ජනපතිවරයා පසුගිය වසරේදී සිදු කළ බදු පැනවීම නිවැරදි නොවන බවට අධිකරණය මගින් ලබාදුන් තීන්දුවේ බලපෑම සම්බන්ධයෙන් අදහස් දක්වමින් මහාචාර්ය වසන්ත අතුකෝරාළ මහතා මෙසේද පැවසුවේය.

“ඇමරිකානු ජනපතිවරයා මේ තීරු බදු පැනවීම කළේ 1977 ජත්‍යන්තර හදිසි ආර්ථික බලතල පනත පාවිච්චි කරලයි. සීමිත රටවල් ප්‍රමාණයක් ඉලක්ක කරගෙන 2025 පෙබරවාරි මාසයේදී බදු පැනවීම සිදුකර මාස කිහිපයකට පසුව ලෝකයේ සෑම රටක්ම ආවරණය වන පරිදි 10 % ත් 50 % ත් අතර තීරබදු පැනවීමක් කළා. ඊට අමතරව චීනය, මෙක්සිකෝව, කැනඩාව වගේ රටවල් ඉලක්ක කර විවිධ ආකාරයේ බදු පැනවීමක් සිදු කළා.”

“මේ ක්‍රියාවලිය සිදුකිරීම සඳහා ඇමරිකානු ජනපතිවරයාට බලතල නොමැති බවට ඇමරිකානු අධිකරණය මගින් තීන්දුවක් දුන්නා. ඒ තීන්දුවට අනුව ජනාධිපතිවරයා තම බලතල ඉක්මවා ගොස් බදු පැනවීමේ ක්‍රියාවලිය සිදුකර තිබෙනවා. මේ බදු පැනවීම මගින් ඩොලර් බිලියන 180 ක පමණ ප්‍රමාණයක් උපයාගෙන තිබෙන බව වාර්තා වෙනවා. අධිකරණ තීන්දුව නිවැරදි නම් ඒ උපයා ගත් මුදල නැවත පාරිභෝකයින් හා ව්‍යාපාරිකයින් අතර බෙදී යාමේ හැකියාවක් තිබෙනවා.”

RelatedPosts

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

බාල ගල් අඟුරු නිසා මුල් මාස 4ට රුපියල් මිලියන 4517ක අතිරේක පාඩුවක්! –  ගල් අඟුරු කොමිසමේ දී හෙළි වෙයි…

“ජනාධිපතිවරයා ගත් තීරණය නිවැරදි නොවන බවට අධිකරණය තීරණය කළාට පස්සේ ජනාධිපතිවරයා කළේ 1974 වෙළෙඳ පනත භාවිත කිරීමයි. ඒ පනත යටතේ ඇමරිකානු ජනාධිපතිවරයාට හැකියාව තිබෙනවා 10 % ක 15 % ක බද්ධක් දින 150 ක කාලයක් සඳහා පනවන්න. ඒ දේ තමයි දැන් සිද්ධ කරලා තියෙන්නේ. කලින් පනවන බදු ඉවත් කරනවා නම් ඒක අපි වගේ රටවල් වලට විශාල වාසියක්.”

“ඇමරිකාවේ ආනයන වගේම අපනයන වලටත් මේ ක්‍රියාවට වගේම අපි වගේ රටවල අපනයන ක්‍රියාවලියටත් මේක දැඩිව බලපෑවා. සමස්තථයක් ලෙස 2025 කියන්නේ වෙළෙඳාම කෙරෙහි දැඩි අවිනිශ්චිතාවක් ගෙන දුන් වරසක්. ඒකට හේතුවුණේ ඇමරිකානු ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාපයයි. ”

“මේ දෙන ලද අධිකරණ තින්දුවත් එක්ක තව දුරටත් මේ ක්‍රියාවලිය තවදුරටත් අවිනිශ්චිතතාවකින් යුක්තව ඉදිරියට යෑමක් තමයි අපිට පෙන්නුම් කරන්නේ. ලෝක ආර්ථික උද්ධමනය, පොලී අනුපාතිකයන්, අපනයන ආනයන වෙළෙඳාම, විදේශ ඍජු ආයෝජන ගලායෑම කෙරෙහි දැඩිව මෙය බලපාන්න පුළුවන්. අපි වගේ රටවල්වල වෙළෙඳාම ඇමරිකාව ඇතුළු රටවල් කිහිපයක් මත සන්කේන්ද්‍රණයවෙලා තියෙන්නේ.”

“අනාගතයේදී අපේ වෙළෙඳ පොළ විවාධාංගීකරණයට ලක් කරන්න, අලුත් වෙළෙඳ පොළවල් හොයන්න, අලුත් රටවල් සමග වෙළෙඳ ගිවිසුම් වලට එළඹෙන්න අවශ්‍යයයි. මේ ආකාරයට අපේ වෙළෙඳාම සුරක්ෂිත කර ගන්න රජය කටයුතු කරන් ඕන. ඒ තුළින් තමයි විදේශ විනිමය රටට ගලාඑන එක යම් ආකාරයකට සුරක්ෂිත කරලා රටක් ලෙස අපිට ඉදිරියට යන්න පුළුවන්කම ලැබෙන්නේ.”

Tags: නවතම
Share69Tweet43
Previous Post

ගල් අඟුරු හුටපටය… ආණ්ඩුව නීතිපතිගෙන් උපදෙස් පතයි!

Next Post

ගල් අඟුරුවල “අළු සහ දැලි” ආණ්ඩුවේ අත්වලත් ගෑවී ඇති හැඩ…  

Related Posts

DC-Wicramarathna
පුවත්

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026
පුවත්

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026
පුවත්

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
DC-Wicramarathna

  හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!

ජූලි 17, 2026

භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!

ජූලි 17, 2026

හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

ජූලි 17, 2026
ADVERTISEMENT
  • මෙරට නීතියට අමුඩය ගසා ප්‍රංශයට පැනගිය කංජිපානී ඉම්රාන්ගේ ලේවැකි ඉතිහාසය ගැන මතක් කිරීමක්!

    172 shares
    Share 69 Tweet 43
  • මධ්‍යම පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සරත් අබේකෝන් ධූරයෙන් ඉල්ලා අස්වෙයි!

    172 shares
    Share 69 Tweet 43
  • ඩුබායිවලින් ආපු ඇමතුම: අයිස් ජාවාරමුන් බේරන්න ලක්ෂ 15ක අල්ලසක්! ප්‍රතික්ෂේප කළ පොලිස් නිලධාරියාට සහ පවුලේ අයට මරණ තර්ජන!

    172 shares
    Share 69 Tweet 43
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

    172 shares
    Share 69 Tweet 43
  • මෙසීගේ මායාවෙන් එංගලන්තය හඬවා ආර්ජන්ටිනාව ලෝක කුසලාන අවසන් මහා තරගයට!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  •   හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න පිළිබඳ මතක ආවර්ජනයක්!
  • භෞත චිකිත්සකවරිය ඝාතනය සිද්ධිය – ප්‍රධාන සැකකරු සහ හිටපු OIC ඇතුළු සිව්දෙනා යළි රිමාන්ඩ්!
  • හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න වෙඩි තබාගෙන සිය දිවි නසා ගනී!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.