සිකුරාදා, ජූනි 5, 2026
ලංකාසර
  • EnglishEnglish
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
No Result
View All Result
ලංකාසර
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
  • කලා
  • ක්‍රීඩා
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • EnglishEnglish
ලංකාසර
No Result
View All Result
Home පුවත්

ගණේමුල්ලේ සජීව ඝාතනය කරලා තිබෙන්නේ ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවකට… ඒත් ඝාතකයාට ලැබී ඇත්තේ ලක්ෂ 02ක් පමණයි!

by editor
පෙබරවාරි 20, 2025
in පුවත්
Share on FacebookShare on Twitter
  • ඝාතන සැලසුම පිටරට පාතාල සාමුහිකයකගෙන්… කොන්ත්‍රාත් එක කෙහෙල්බද්දර පද්මේගෙන්… ලෝකය පුරා සැඟවී ඉන්න සංජීවට එරෙහි පාතාලයේ  ඊයේ රෑ සාද දාලා….

ගණේමුල්ලේ සංජීව අලුත්කඩේ උසාවි භූමියේ දී ඝාතනය කරන්නේ     රුපියල් ලක්ෂ 150ක කොන්ත්‍රාත්තුවකට බව හෙළි වී ඇත. කෙහෙල්බද්දර පද්මේ ගේ සමීපතමයෙක් හරහා ඝාතකයා වෙත ලබා දී ඇති   කොන්ත්‍රාත්තුවෙන්  එම ඝාතකයාට   ලැබී ඇත්තේ රුපියල් ලක්ෂ 02ක අත්තිකාරම් මුදලක්  පමණක් බවද විමර්ශන අංශ අනාවරණය කරගෙන තිබේ.

යුද හමුදාවේ හිටපු සෙබලෙක් මෙන්ම බුද්ධි අංශ සාමාජිකයෙක් ලෙස ද කටයුතු කළ  මොහොමඩ් අස්මාන් සෙරිෆ්ඩීන් නමැති  34 හැවිරිදි වියේ පසුවන මෙම පුද්ගලයා කුලී ඝාතකයෙක් ලෙස මිනීමැරුම් ගණනාවක් සිද්ධ කළ අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවෙක් ලෙස හඳුනාගෙන තිබේ.

ගල්කිස්ස වටරප්පල පාරේදී පසුගිය ජනවාරි 07 වැනිදා පුද්ගලයකු ඝාතනය කරමින් තවත් අයකුට තුවාල ගෙනදුන් අබිරහස් ඝාතකයා ඔහු බවට තොරතුරු ද අනාවරණය වී ඇත. එම ඝාතනය ඇතුළු ඝාතන 05කට ඔහු සම්බන්ධ බවට ද කරුණු හෙළි වී තිබේ.  සීදූව ලියනගේමුල්ලේදී පසුගිය වසරේ දෙසැම්බර් 28 වැනිදා ව්‍යාපාරික පවුලක පියාත් දරුවන් දෙදෙනාත් වෙඩි තබා ව්‍යාපාරික  පියාත් ව්‍යාපාරික පුතාත් ඝාතනය කිරීමට මෙම සැකකරුගේ සම්බන්ධයක් ඇතැයි ද පොලීසිය විශ්වාස කරයි. ඒ සම්බන්ධයෙන් ද ඊයේ රාත්‍රියේ ඔහුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් සිට ඇත.

බුද්ධි අංශ බුද්ධි අංශවලට මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව නම් මාකිලංගමුවේ සංජීවගේ ඝාතන සැලසුම ක්‍රියාත්මකව ඇත්තේ රටින් පිටය. ඒ ඩුබායි, ඉන්දියාව සහ තවත් යුරෝපීය රටක රැඳී සිටින පාතාලයේ ප්‍රබල මත්කුඩු ජාවාරම්කරුවන් පිරිසකගේ සැලසුමකට අනුවය. ඒ බව තවමත් ඇත්තේ විමර්ශන මට්ටමේය. ඉදිරියේදී එහි ඇත්ත නැත්ත පොලීසිය විසින්ම නිල වශයෙන් කියනු ඇත.

මාකිංලගමුවේ සංජීව සමඟ පාතාලයේ ගැටුම් බොහොමයක් පැවතියේ ඩුබායිහි රැඳී සිටින කෙහෙල්බද්දර පද්මේය. ගම්පහ පස් මාෆියාවේ කිරුළ පැලඳි පස් පොඩ්ඩා ගම්පහ අධිකරණයේ නඩුවක් සඳහා පෙනී සිට ගමන් කරමින් සිටියදී 2022 වසරේදී අධිකරණය ආසන්නයේදී වෙඩි තබා මරා දමන්නේ කෙහෙල්බද්දර පද්මේ ඩුබායි සිට කළ සැලසුමකට අනුවය. එම වෙඩි තැබීමෙන් පස් පොඩ්ඩා සමඟ සිවු දෙනෙක් මිය ගියහ.

RelatedPosts

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

පස් පොඩ්ඩාට වෙඩි ප්‍රහාරය එල්ලවන්නේ පස් මාෆියාවේ ගැටුමක ප්‍රතිඵලයක් ලෙස කෙහෙල්බද්දර පද්මේගේ පියා ඝාතනය කිරීමට පළිගැනීමක් ලෙසය. කෙහෙල්බද්දර පද්මේ ඩුබායි පනින්නේ ජීවිතාරක්ෂාවටය. පස් පොඩ්ඩාගේ හයිය මාකිලංගමුවේ සංජීවයි. පද්මේගේ පියාගේ ඝාතනය පිටුපස සිටියේ ද මාකිලංගමුවේ සංජීවය.

පස් පොඩ්ඩාගේ ඝාතනයෙන් කැළඹුණු ඔහු පද්මේගේ ගෝලබාලයන්ට පන්න පන්නා වෙඩි තැබුවේය. ඒ සිය ගෝලබාලයින් යොදාගෙනය. මේ නිසා පද්මේ සිටියේ මාකිලංගමුව සංජීව සමඟ වෛරයකිනි. බටුවත්තේ චාමර නමැති පාතාලයේ මත්කුඩු ජාවාරම්කරුට ද මාකිලංගමුවේ සංජීවගෙන් දිගින් දිගටම පැවතියේ අරියාදුය. මෑතකදී ජාඇළ වැලිගම්පිටියේ පිහිටි බටුවත්තේ චාමරගේ නිවෙසට පසුගිය දෙසැම්බර් මාසයේදී අවස්ථා දෙකක දී එල්ල වූ වෙඩි ප්‍රහාර පිටුපස සිටියේ යැයි කියැවෙන්නේද මාකිලංගමුවේ සංජීවගේ පාතාලයේ පුරුක්ය. මේ නිසා රටින් පිට සිටියත් බටුවත්තේ චාමර ද සිටියේ මාකිලංගමුවේ සංජීව සමඟ වෛරයකිනි.

මත්කුඩු ජාවාරමේ සැඟවුණු චරිතයක් වන ජූඩ් සමඟද මාකිලංගමුවේ සංජීවට ගැටුම් තිබී ඇත. ඒ මත්කුඩු ජාවාරම මුල්කරගෙනය. එසේම ඉන්දියාවේ රැඳී සිටින බව කියැවෙන කෙසෙල්වත්තේ ධනුක සමඟද මාකිලංගමුවේ සංජීව හිත් අමනාපය. මාකිලංගමුවේ සංජීව සමඟ ගැටුම් ඇති මේ හැමෝම දැන් ඉන්නේ එකම කණ්ඩායමක් ලෙසිනි.

මේ අය මාකිලංගමුවේ සංජීවගේ මරණයේ සතුට පළ කර ඇතැයි පැවසෙන්නේ සාද පවත්වමින් බව වාර්තා වේ.

Tags: නවතම
Share69Tweet43
Previous Post

මීනගයා දුම්රියේ ගැටුණ අලි රංචුවෙන් බරපතල තුවාල ලද කෙනෙර සහ අලි පැටවාට ප්‍රතිකාර අරඹයි!

Next Post

ස්මාර්ට් යූත් ආතල් එක දෙන්න හරීන් සහ එවකට යූත් සභාපති රුපියල් මිලියන 188 වියදම් කළ කුපාඩි ආකාරය කෝප් කමිටුවේ දී හෙළි වෙයි!

Related Posts

Harsha
පුවත්

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026
පුවත්

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026
පුවත්

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026

ප්‍රතිචාරයක් ලබාදෙන්න ප්‍රතිචාරය අවලංගු කරන්න

ඔබගේ ඊමේල් ලිපිනය ප්‍රසිද්ධ කරන්නේ නැත. අත්‍යාවශ්‍යයය ක්ෂේත්‍ර සලකුණු කොට ඇත *

No Result
View All Result
Harsha

භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!

ජූනි 4, 2026

සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…

ජූනි 4, 2026

ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

ජූනි 4, 2026
ADVERTISEMENT
  •  එංගලන්තයේ බන්ධනාගාරයක් තුළ බන්ධනාගාර නිලධාරිනියක සහ රැඳවියෙක් අතර වූ ලිංගික එක්වීමක වීඩියෝ දර්ශනය ගැන     රැඳවියා සහ නිලධාරිනිය අද කියන කතා!

    172 shares
    Share 69 Tweet 43
  • යෝෂිතගේ විදේශ ගමන් තහනම ලිහිල් කිරීමට හෝමාගම මහාධිකරණයෙන් කොන්දේසියක්!

    172 shares
    Share 69 Tweet 43
  • ට්‍රම්ප් නෙතන්යාහූට දුරකථනයෙන් කුණුහරපා කියා බැණ වදී… ඊශ්‍රයාලය ලෙබනන් අගනුවර ඉලක්ක කර සිදුකරන ආක්‍රමණ නවතී!

    172 shares
    Share 69 Tweet 43
  • ඝාතනය කර මඩ වගුරක සඟවා සිටි අනියම් බිරිඳගේ සිරුර ගොඩගනියි: සැකකරු වස බී රෝහලේ!

    172 shares
    Share 69 Tweet 43
  • බැඳුම්කර වංචා නඩුවෙන් රවී, මහේන්ද්‍රන් සහ ඇලෝසියස් නිදහස් කළ ත්‍රි පුද්ගල මහාධිකරණ නියෝගය වැරදියි – නඩුව කඩිනමින් විභාග කරන්න ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නියෝග!

    172 shares
    Share 69 Tweet 43

Advertisement

ADVERTISEMENT
Facebook Twitter Youtube Whatsapp Telegram RSS
ලංකාසර

නැවුම් පුවත්

  • භාණ්ඩාගාරයෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන 2.5ක මතභේදාත්මක වාර්තාව මුදල් කාරක සභාවට!
  • සෙලයි හීනෙන් බය වෙනවලු… මනෝ වෛද්‍යවරයා ලඟ මුලු කාලය පුරාම ඇඬුවලු… සිය දිවි හානි කරගන්න හදයි ලු… අධිකරණයෙන් ඇසෙන කතාවක්…
  • ඖෂධ සංස්ථා සභාපති මහාචාර්ය වීරසිංහ ඉල්ලා අස්වෙයි!

Category

  • LPL
  • අලි මිනිස් ගැටුම
  • කලා
  • කොලම
  • ක්‍රීඩා
  • ජනතා කවුළුව
  • ජනාධිපතිවරණය 2024
  • ජීවිතය
  • දේශපාලන
  • නියුට්‍රල් අම්පයර්
  • පරිසරය
  • පාස්කු කොමිසම
  • පුවත්
  • මැතිවරණය
  • ලිය වරුණ
  • විද්‍යා හා තාක්ෂණ
  • විනිවිද
  • වින්දන
  • ව්‍යාපාර
  • සමාජ
  • සංස්කෘතිය
  • සෞඛ්‍යය

© 2020 - 2026 Lankasara.com.

No Result
View All Result
  • මුල් පිටුව
  • පුවත්
  • දේශපාලන
  • සමාජ
    • පරිසරය
    • විනිවිද
    • සංස්කෘතිය
  • විද්‍යා හා තාක්ෂණ
  • ජීවිතය
    • ලිය වරුණ
    • වින්දන
    • සෞඛ්‍යය
  • කලා
  • ක්‍රීඩා
    • LPL
    • නියුට්‍රල් අම්පයර්
  • ව්‍යාපාර
  • අප ගැන
  • English

© 2020 - 2026 Lankasara.com.