ගණේමුල්ල සංජීව ඝාතනයට සහාය දුන් බවට සැක පිට ඊයේ (28) රාත්‍රයේ කඩවත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාරත්මේන්තුව විසින් අත් අඩංගුවට ගත් 55 හැවිරිදි නීතිඥවරිය පැය 72 ක රැඳවුම් නියෝගයක් යටතේ ප්‍රශ්න කරමින් සිටින බව විමර්ශන ආරංචි මාර්ග පවසයි.
විමර්ශකයින්ට අනුව, පෙබරවාරි 19 වන දින අලුත්කඩේ අධිකරණ සංකීර්ණය තුළදී ගණේමුල්ල සංජීවට වෙඩි තැබූ තුවක්කුකරුට නීතිඥවරිය තීරණාත්මක සහාය ලබා දුන් බවට සැක කෙරේ.
නීතිඥවරිය ගණේමුල්ල සංජීව ඝාතක වෙඩික්කරුට නීතිඥවරයෙක් ලෙස වෙස්වලා ගැනීම සඳහා නීතිඥවරුන් විසින් පළඳින ටයි දෙකක් රිවෝල්වරය සඟවාගෙන යෑම සඳහා රහසේ සකස් කරන ලද කුටියක් සහිත අපරාධ නඩු විධාන සංග්‍රහය ඇතුළු නීති පොත් දෙකක් සැපයූ බවට පොලිසිය චෝදනා කරයි.
ඊට අමතරව, නීතිඥවරියකගේ හැඳුනුම්පතක්, නීති වෘත්තිකයන්ගේ මෝටර් රථවල සාමාන්‍යයෙන් ප්‍රදර්ශනය කර ඇති වාහන ප්‍රවේශපත්‍රයක් සහ ප්‍රහාරකයාට ආරක්ෂාව මඟ හැරීමට හැකි වන පරිදි වෙනත් භාණ්ඩ සැපයීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී ඇත
වෙඩි තැබීම සිදු වූ දිනයේම ආරක්ෂක අංශ විසින් තුවක්කුකරු අත්අඩංගුවට ගන්නා ලදී.
වැඩිදුර පරීක්ෂණවලින් හෙළි වූයේ ඉෂාරා සෙව්වන්දි නම් කාන්තාවක් විසින් අධිකරණ සංකීර්ණයට ගිනි අවිය හොර රහසේ ගෙනැවිත් ඇති බවයි.
ඔක්තෝබර් 14 වන දින නේපාලයේ සැඟවී සිටියදී ඇය අත්අඩංගුවට ගත් අතර එතැන් සිට ශ්‍රී ලංකාවට පිටුවහල් කර ඇත.







