නාරාහේන්පිට දාබරේ මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක අද (29) උදෑසන හටගත් ගින්න නිවා දමා තිබේ.
එහි 4 වන මහලේ ගින්න හටගත් බව පොලීසිය සඳහන් කළේ ය.
ගින්න හේතුවෙන් සිරවී සිටි පුද්ගලයින් 07 දෙනෙකු කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ නිළධාරින් දොඹකර ආධාරයෙන් මුදවා ගැණුනි.
ගින්න මැඩ පැවැත්වීම සඳහා කොළඹ මහ නගර සභාවේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් පහක් සහභාගී වී සිටියහ.
ජෙෂ්ඨ පොලිස් නිධාරියෙකු සදහන් කළේ යුද හමුදාව, පොලිසිය සහ මහජනතාවගේ සහාය ඇති ව ගින්න නිවා දැමු බවය.
පොලිස් ස්ථානිය අපරාධ පරික්ෂණ නිලධාරීන් පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර තිබේ.
රජයේ රස පරික්ෂකවරයාද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්විම සදහා පැමිණිමට නියමිත බව පොලිසීය ප්‍රකාශ කරන ලදි.







