එරාවූර් මයිලවට්ටවන් ප්‍රදේශයේ විපතට පත් සිවිල් වැසියෙකු ගුවන් මෙහෙයුමකින් පසු බේරා ගැනීමට ගුවන් හමුදාව අද (27) සමත්වූ වූයේය.
ගංවතුරට මැදි වී පොල් අතු සෙවිලි කළ නිවසක වහළයක් මත හුදකලාව ජීවිතයත් මරණයත් අතර සිටි එම පුද්ගලයා බේරාගත් පසු ඔහුව ගුවන් මගින් මඩකලපුව ගුවන් හමුදා කඳවුර වෙත ආරක්ෂිතව රැගෙන විත් තිබේ.
අම්පාර ප්‍රදේශයේ නිරීක්ෂණ රාජකාරීන්වල නිරතව සිටි ගුවන් හමුදාවේ අංක 7 බලඝණයට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානය විසින් මෙම මෙහෙයුම සිදුකර තිබිනි.
අයහපත් කාලගුණයෙන් බලපෑමට ලක් වූ ප්‍රදේශ මේ වනවිට ගුවන් හමුදාවේ නිරීක්ෂණයට ලක් වෙමින් තිබේ.








