කීර්ති ප්‍රනාන්දු –
ලංකා ඛණිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල ඇතුළු අනිවාර්ය නිවාඩු යැවූ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයින් 20 දෙනාගේ නාම කොලොන්නාව නිමාවේ වැඩ බලන නියොජ්‍ය සාමාන්‍යාධිකාරී (මානව සම්පත් පාලන) විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව මාධ්‍යවලට නිකුත් වී තිබේ.
ඛණිජ තෙල් නිශ්පාදන හා බෙදා හැරීම ඇතුළු සියලු කාර්යයන් අනිවාර්යය සේවාවන් කර ඇති බැවින් එම සේවාවන් කඩාකප්පල් කරන කවරෙකු විෂයෙහි හෝ තදින් නීතිය ක්‍රියාත්මක කන බව සේවකයින් අනිවාර්ය නිවාඩු යැවූ ලේඛනයේ දක්වා තිබේ.
අනිවාර්ය නිවාඩු යැවූ කිසිම සේවකයෙකුට තොග ගබඩා පර්යන්තය වෙත ඇතුළුවීම තහනම් කර තිබේ.
අනිවාර්ය නිවාඩු යැවූ සේවක නාම ලේඛණය පහත දැක්වේ.








